ඕනෑම මුහුරත් උත්සවයක දී චිත්‍රපටයකට හෝ ටෙලිනාට්‍යකට සම්බන්ධ සියලුම ශිල්පීන් සමූහ ඡායාරූපයක් ගැනීම අනිවාර්යයෙන්ම කරන දෙයක් බව කවුරුත් දන්නවා.
ඔය සමූහ ඡායාරූපය ගන්නකොට චාරිත්‍රයක් හැටියට මුල් පුටු පේළියක් දානවා. ඒකෙ වාඩිවෙන්නෙ එම නිර්මාණයට සම්බන්ධ නිෂ්පාදක, අධ්‍යක්ෂක ඇතුළු ජ්‍යෙෂ්ඨ ශිල්පීන් ශිල්පිනියන්.
ඒ පිටුපස කණ්ඩායමේ අනෙක් කට්ටිය හිටගන්නවා. මෑතකදී එවැනි මුහුරත් උත්සවයකදී ඒ නිර්මාණයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිළියක් අර මුල් පුටු පේළියේ වාඩිවෙන්නෙම නැහැල්ලු පින්තූරෙ ගන්නකොට.
අනේ අක්කෙ ඔයා මෙතන වාඩිවෙන්නකො,සහාය අධ්‍යක්ෂ පෙරැත්ත කළත් ඇයට පින්තූරෙ එක් අයිනකින් ඉන්න වුවමනා බව තරයේ කියනවලු.
බැලින්නම් හේතුව මේකයි. මේ නිළිය මුහුරත් උත්සවයටම කියලා ගත්තු අලුත්ම බතික් ටොප් එකේ ඩිසයින් එක පේන්නෙ නැතිවෙයිලු වාඩිවෙලා පින්තූරෙ ගත්තොත්.
මෑතකදී පැවැති කලා ලොවේ මංගල උත්සවයකට කලා ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනෙක් ඇවිත් හිටියා.
ආරාධනාපත්වල අදාළ අයට හිමි මේස අංක සඳහන් කරලා තිබුණ නිසාත්, මේස අංක සහිත ආරාධිතයන්ගේ නම් ලැයිස්තුව ඒ තරුපහේ හෝටලේ ප්‍රදර්ශනය කරලා තිබුණ නිසාත් කාටත් ලොකු ගැටලුවක් තිබුණෙත් නෑ. ඒත් ටික වෙලාවක් ගියාට පස්සෙ උත්සවේට ආව ප්‍රවීණ රංගන ශිල්පිනියක් කුරු කුරු ගාන්න පටන් ගත්තලු. මගේ මේසෙ අංක 25, ඒත් ඒකෙ වාඩිවුණාම මට පෝරුව හරියට පේන්නෙ නෑ මේ කණුවට වැහෙන නිසා. මට බැරිද 43 මේසෙ වාඩිවෙන්න. කියලා ඇය අහනවලු.
ඒ වෙලාවෙ එතන හිටිය තවත් තරැණ නළුවෙක් අර නිළියගෙ කනට කරලා මොකක්දෝ කිව්වා විතරයි එයා අංක 25 මේසෙට ගිහින් සද්ද බද්ද නැතුව වාඩිවුණාලු.
මොකක්ද මල්ලි ඔයා එයාට කනට කරලා කිව්වෙ? තවත් ශිල්පියෙක් අර නළුවගෙන් ඇහුවලු.
මම එයාට කිව්වා මෙතන බොරුවට කලබල කරන්න එපා. ආරාධිතයින්ගෙ වයස අනුව තමයි මේස අංක වෙන්කරලා තියෙන්නෙ කියලා.
කලා ක්ෂේත්‍රයට ඍජුවම සම්බන්ධ නොවුණට කලාකරුවන් සමඟ සමීපව ඇසුරු කරන වෙනත් ක්ෂේත්‍රයක කෙනෙක් ඉඳහිට පුංචිපහේ රඟපෑම්වලටත් සහභාගි වෙනවා.
කාලය ලැබෙන පරිදි ඔහුගේ හොඳම මිතුරන්ගේ ඉල්ලීම් අහකදමන්නට බැරි අවස්ථාවල ඔහු චිත්‍රපටවල ටෙලිනාට්‍යවල පුංචි කොටස් රඟපානවා. ඔහු නම් කියන්නෙ පෙනීහිටිනවා කියලා.
හැබැයි ඉතින් ඔහුට දිගටම ලැබෙන්නෙ වෛද්‍යවරයාගෙ චරිතෙ. ඒ නිසා අලුතින්ම ආපු ඉල්ලීමක් බාරගන්න ඔහු අදිමදිකරලා තියෙනවා.
මොකද්ද මචං මේකෙ තේරුම? හැමදාම මට කතා කරන්නෙ ඩොක්ටර්ගෙ චරිතෙ කරන්න. බැරිද පොඩි වෙනස් චරිතයක් දෙන්න. අඩුම ගානෙ ලෙඩෙක්ගෙ චරිතයක්වත් තියෙනවද බලන්නකො, ඔහු අධ්‍යක්ෂකට කියලා.
එක්තරා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් හා ගත්කතුවරයෙක් මෑතකදී පැවැති සම්මාන උළෙලක විනිශ්චය මණ්ඩලයෙ ඉඳලා තියෙනවා.
ඔන්න සම්මාන දෙන දවසෙ විනිශ්චය මණ්ඩලයට විශේෂ අසුන් පනවා තිබුණා. ඒ අවට මේසවල හිටියෙ කලා ලෝකයේ කවුරුත් දන්නා හඳුනන ශිල්පීන් ශිල්පිනියන්. වෙනදා කලා ශිල්පීන් දුටුතැන ඔවුන් සමඟ මිත්‍රශීලීව හිනාවෙන, කතා කරන මේ මාධ්‍යවේදියා එදා හිටියෙ අමුතුම ලෝකෙක. මුහුණට මුහුණ දකින කෙනා එක්කවත් හිනාවෙන්නෙ නැහැල්ලු. පස්සෙ මේ ගැන කෙනෙක් ඔහුගෙන් අහලා තියෙනවා.
විනිශ්චය මණ්ඩලේ හිටියම යාළුවො අඳුරන්නෙ නැහැනෙ. ඔහොම තමයි ඉතින් ලොකු තනතුරු ලැබුණම..
අනේ නෑ මචං. මේකයි කතන්දරේ, අද ඉතින් විශේෂ කට්ටිය එන නිසා මම මගේ කබල් කණ්ණාඩි කුට්ටම ගලවලා පැත්තකින් තිබ්බා. මට ඉතින් දුර පේන්නෙ නැහැයි කියලා හැමෝටම කිය කිය ඉන්න බැහැනෙ, ඔහු කිව්වලු.
මේ කාලෙ ටීවී චැනල්වල යන රියැලිටි වැඩසටහන් දිහා බැලුවම තමයි තේරෙන්නෙ අපේ සිනමාවෙ රූපවාහිනියෙ දැඩි නළු නිළියන්ගේ හිඟයක් තියෙන හේතුව. මොකද හැම නළු නිළියෙක්ම වගේ දැන් මොකක්හරි ටීවී චැනල් එකක රියැලිටි වැඩසටහනක ඉන්නවනෙ.
ඒ මදිවට දැන් ළමයින්ගෙ රියැලිටි වැඩසටහනුත් එන්න එන්නම වැඩිවෙනවා. ළමයින්ගෙ පස්සෙන් යන අම්මලට තමයි ඉතින් බිසී වැඩිවෙලා තියෙන්නෙ.
ඔන්න ළඟදි ඔය වගේ ළමා රියැලිටි වැඩසටහනක දී චූටි පුතෙකුට මයික් එකක් දීලා සින්දුවක් කියන්න කිව්වලු. ඔන්න බොලේ එකපාරටම ඒ ළමයගෙ අම්මා කලබලවෙලා අඬන්න පටන් ගත්තලු. කට්ටිය හොල්මන් වෙලා. මේක රිහසල් එකක් නිසා ෂේප්.
අනේ මගේ පුතා මීට කලින් කවදාවත් මයික් එකකින් සින්දු කියලා නැහැ. ඒකයි මට ඇඬුනෙ.
අම්මා එහෙම කිව්වම වැඩසටහන් අධ්‍යක්ෂකට මලපැන්නලු.
ඉතින් අම්මෙ අපි මයික් එකක්නෙ පුතාට දුන්නෙ, බෝම්බයක් නෙවෙයිනෙ, කියලා ඔහු කිව්වලු.
► Text - Mithra