2018 මාර්තු 31 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

ඔබ ඉන්න ඔය ඈත
මම හිඳිමි හැමදාම
නවතින්න ඔබ කීව
සීමාවේ කෙළවරක...

අනන්තයෙ ඇරඹුමක
කොහේ කොතනකදී හෝ
ඔබේ නෙත් පාමුලෙහි
මගේ ඇස් නවතින්න ඇති...

නුඹ අහස සිපගන්න
මහ ගසක් වූ කලෙක
ළපල්ලක් වී හිඳිමි
ස්නේහයේ පොළොව මත

නුඹ නැතුව නුඹ එක්ක
ගං දෑල දෙපස හිඳ
ජීවිතේ සිතාරය
වයන කිඳුරියයි මම

I saara

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00