මේ මහ ඝන වනාන්තරයක්. අර්නාබ් මේ කෑලෑව තුළ ඇවිදිමින් ඉන්නවා. එකපාරටම අර්නාබ්ට එයාගේ ඇස් අදහා ගන්න බැරි වෙනවා. භයංකර වන සතුන් වෙනුවට සුන්දර රුවැත්තියක්. ඒත් මේ රුවැත්තිය මේ වනාන්තරයට ආවේ කොහොමද? මේ සුන්දර රුවැත්තියගේ නම රුක්සානා. රුක්සානාගේ ජීවිතයට අනතුරක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි හින්දා අර්නාබ් රුක්සානාව තමන්ගේ නිවසට එක්ක ගිහිල්ලා ආරක්ෂාව ලබා දෙන්න උත්සාහ කරනවා. ඒත් මේ සුරූපිනිය කවුද? මොකක්ද එයාගේ කතාව? ඒ ගැන දැන ගන්න ඔබටත් හිතෙනවනම් ඔබට 2018 මාර්තු 02 වැනිදා තිරගත වුණු පරී (අප්සරාවිය) හින්දි සිනමාපටය නරඹන්නම වෙනවා. මේ සිනාමාපටයෙහි පරී නැත්නම් රුක්සානාගේ චරිතයට පණ පොවන්නේ ඔබ දන්න කෙනෙක්. මෙන්න මේ සිනමාපටවල හිටිය සුරූපී කෙල්ල මතක් කරලා බලන්න.
Rab Ne Bana Di Jodi (2008), Band Baaja Baaraat (2010), Jab Tak Hai Jaan (2012), PK (2014), Sultan (2016), 2015 NH10, 2016 Ae Dil Hai Mushkil, 2010-Badmaash Company, 2011-Patiala House, 2011-Ladies vs Ricky Bahl, 2013-Matru Ki Bijlee Ka Mandola, Bijlee Mandola, 2015 -Bombay Velvet, 2015- Dil Dhadakne Do, 2017-Phillauri, 2017 Jab Harry Met Sejal.
ඔව් ඔබ නිවැරදියි. 1988 මැයි 01 වැනිදා ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ්හි අයෝධ්‍යාවල ඉපදුණු ඇය බැංගලෝර් විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබුව කෙනෙක්. 2007 රබ්නේ බනාදි ජෝඩි සිනමාපටයෙන් රොමෑන්ස් කින්ග් විරුදාවලියෙන් හඳුන්වනු ලැබූ යාශ් චොප්රා තමයි එයාව හින්දි සිනමාවට හඳුන්වලා දුන්නේ. එදා ඉඳලා ඇය තමන්ගේ දක්ෂ රඟනයෙන් විවිධ චරිතවලට පණ පොවනවා. 2017 දී ඇය ඉන්දියාවේ ක‍්‍රිකට් තරුවක් වුණු විරාට් කෝලි සමඟින් අතිනතගත් අනුෂ්කා ශර්මා. ඇය තමයි මේ සිනමාපටයෙහි පරීගේ චරිතයට පණ පොවන්නේ. ඒ වගේම කියන්න ඕන තව සුවිශේෂි දෙයකුත් තියෙනවා. ඒ තමයි අනුෂ්කා ශර්මා තමන්ගේ තුන්වැනි නිෂ්පාදනය විදියට මේ සිනමාපටය නිෂ්පාදනය කරන්නට මුදල් ආයෝජනය කරලා තියෙනවා. ඇයගේ සහෝදරයා කර්නේෂ් ශර්මා සහ ප්‍රෙර්නා අරෝරා සහ අර්ජුන් එන්. කපූර් මේ සිනමාපටය නිෂ්පාදනය කරන්න මුදල් යොදවලා තියෙනේ. නිෂ්පාදනය කරන්න කිහිප දෙනෙක් හවුල වෙලා තියෙද්දී පරී සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ නම් එක්කෙනෙක්. ඒ ප්‍රොසිත් රෝයී විසින්. පරී සිනමාපටයෙහි කතාව ලියලා තියෙන්නේ ප්‍රොසිත් රෝයී සහ අභිෂේක් බැනර්ජී විසිනුයි. මේ සිනමාපටයෙහි අර්නාබ්ගේ චරිතය පණ පොවන කෙනා ගැනත් ඔබ දැනගන්න කැමැත්තෙන් ඇතිනේ නේද? එයා ගැන තමයි දැන් කියන්න හදන්නේ.

1981 ජුනි 27 වැනිදා ඉන්දියාවේ බටහිර බෙංගාලයේ කොල්කත්තාවල ඉපදුණු මොහුට ඔබත් කියලත් කියනවා. වැඩිදුර අධ්‍යාපනය ජාදව්පුර් විශ්වවිද්‍යාලයෙන් සහ බි‍්‍රස්ටල් විශ්ව විද්‍යාලයෙන් ලබලා තියෙන මොහු නළුවෙක් වගේම අධ්‍යක්ෂවරයෙක්.
2002 වසරේ ඉඳන් බෙංගාලි සහ හින්දි සිනමාපට විශාල ප‍්‍රමාණයක් අධ්‍යක්ෂණය කරලා තියෙන අර්නාබ්ගේ චරිතයට පණ පොවන ඔහුගේ නම පරම්බ‍්‍රතා චැටර්ජි. ඔවුන්ට අමතරව රජත් කපූර්, රිටභරි චක‍්‍රබෝර්ති ඇතුළු නළු නිළියන් පිරිසක් තමයි මේ සිනමාපටයෙහි චරිතවලට පණ පොවන්නේ. පරී සිනමාපටයෙහි සප්ත ස්වරයෙන් සිනමාපටය හැඩ කරලා තියෙන්නේ අනූපම් රෝයී. ඒ වගේම මේ සිනමාපටය අනුශ්කා ශර්මා සහ ඇයගේ සහෝදරයට අයත් ක්ලීන් ස්ලේට් ෆිල්ම් කියන ආයතනයහි තුන්වන නිෂ්පාදනය වන අතර මේ සිනමාපටය 2017 අගෝස්තු මාසයේ බටහිර බෙංගාලයේ දකුනු 24 පැරගන්ස් දිස්ත‍්‍රික්කයහි රූගතකිරීම් කරන අතර තිර ටෙක්නිෂියන් කෙනෙක් වුණු ශාහ් අලාම් විදුලි සැර වැදී මරුමුවට පත් වුණු අතර වහාම ටික කාලයටකට මේ සිනමාපටයහි රූගතකිරීම් අනුෂ්කා ඇතුළු කණ්ඩායම විසින් නතර කරනු ලැබුවා.

අවුරුදු 15කට කලින් රාම් ගෝපාල් වර්මා භූත් සිනමාපටය හින්දි සිනමාවට දායාද කළා. ඒක ගොඩාක් ලස්සන සිනමාපටයක්නේ. ඔහු ඉන් අනතුරැව තවත් ඒ ගණයේ සිනමාපට සිනමාවට දායාද කළ අතර අනුෂ්කා තමන්ගේ සිනමාපට නිෂ්පාදන ආයතනයේ ඔවුන්ගේ තෙවැනි සිනමාපටය හොරර් ගණයට අයත් සිනමාපටයක් වන පරී නිෂ්පාදනය කරලා ඒකේ චරිතයකටත් පණ පොවනවා. ඒත් මේ සිනමාපටයහි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ගොඩාක් භූත ආත්ම ගැන කියැවෙන සිනමාපටයන්හි බොරුවට බය කරන්න සංගීතය යොදනවා. ඒත් මේ සිනමාපටයෙහි එහෙම නොවන බව තමයි ඉන්දියාවේ මාධ්‍යවල නම් සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ආත්මයක් වහලා බොරුවට කරන දැඟලිලි සහ ජුගුප්සාජනක දේවල් මේ සිනමාපටයෙහි නොමැති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. එයාලගේ කතා අහලා විශ්වාස කරන් ඉන්නේ නැතුව ඔන්න අපිටත් පරී සිනමාපටය නරඹන්නට දැන් හැකියාව තියෙනවා.
Translation — Chandana Waravitage