හුඟක් සාරෙට, ටිකක් සාරෙට හා හිඟන විදිහට මිනිස්සු අවුරුදු කන්න බලාගෙන ඉන්නවා. ණය වෙවී හරි මිනිස්සු ගේම අත්හරින්නෙත් නෑ. සරලවම කීවොත් අන්න එහෙමයි දේවල් සිද්ධ වෙන්නේ. හුඟක් මිනිස්සු ජීවිතයත් එක්ක කරන්නේ අරගලයක්. ඒ අරගලය තුළ ජයග්‍රාහකයන් වගේම පරාජිතයනුත් ඉන්නවා. ජීවිත සංචාරය තුළ අපි සොඳුරු මගියන් වගේම පරාජිත මගියන්. අපි හිනාවෙන්නේ අඬන්නේ ඒ ජය පරාජයත් එක්ක. හිමි අහිමිවීම් එක්ක. අපි හැමතිස්සෙම අපිට වඩා ඉහළින් ඉන්න අයත් එක්ක අපිව සංසන්දනය කරන්න පුරුදු වෙලා ඉන්නවා. අපි අපිට නොලැබුණු ගොඩක් දේවල් ගැන වද වෙන්නෙත් ඒ සංසන්දනය එක්ක.
අය්යෝ Shopping කරන්න වෙලාවක් නෑනේ... මගේ Credit Card එකට Discount හම්බෙන දවසේ මට Shopping කරන්න තිබුණ නම්... එදා යාළුවොත් එක්ක Drink එකක් දාන්න Set වෙච්ච දවසේ Phone එක බිම වැටිලා දැන් වැඩ කරද්දී පොඩ්ඩ පොඩ්ඩ අවුල්නේ... අද රෑට Pizza කන්න හිටියේ... කෝ Office එකේ වැඩක් වැටුණනේ... අය්යෝ කවද්ද අවුරුද්දට Party එක දාන්නේ නිවාඩුවක් නෑනේ... ඔයාට වද වෙන්න දුක් වෙන්න තියෙන ප්‍රශ්න සමහරවිට මේවා වෙන්න ඇති.
එක දිගට පායනවා... මේ දවස් ටිකේ වැස්සේ නැත්නම් අපිට බොන්නවත් වතුර නෑ... පෑවිල්ලට අහුවෙලා වගාව ඔක්කොම ඉවරයි... ගත්තු ණය රත්තරන් බඩු උගස් කරපුවා ගෙවා ගන්නේ කොහොමද? අපි බොන්න වතුර කළයක් ගේන්න හැතැප්ම ගාණක් පයින් යනවා... උදේට ඉස්කෝලේ යන ළමයි හවසට අම්මා තාත්තා එක්ක කුඹුරේ හේනේ වැඩට යනවා. අපි සපත්තු අතින් අරන් ගිහින් ඉස්කෝලේ ළඟදී දා ගන්නේ. සල්ලි නැති නිසා කිලෝමීටර් ගාණක් බස් එකේ යන්නේ නැතුව පයින් ඉස්කෝලේ යන්නේ සපත්තු කැඩුණොත් ආයේ ගන්න සල්ලි නෑ. ඒකයි අතේ අරන් යන්නේ.... ටිකට් කැපුවත් යන්න තැනක් නෑ දැන් අවුරුදු ගාණක් ඉස්පිරිතාලේ... උදේට දවල්ට රෑට බලාගෙන ඉන්නේ කෑම වෙලාව වෙනකම්... අපිට බලාගෙන ඉන්න දෙයක් තියෙන්නේ අපිට බලාපොරොත්තුවක් කියලා දෙයක් තියෙන්නේ ඒ කෑම එක විතරයි... ඉපදුණ දවසේ ඉඳන් දරැවා මහරගම පිළිකා රෝහලේ... මමත් දරුවා ළඟ හැම දවසකම මම මැරි මැරී ඉපදෙනවා... මට අම්මා තාත්තා නෑදෑයෝ කවුරුත් නෑ. මම අනාථ දරුවෙක් විදිහට ජීවිතෙත් එක්ක ලොකු අරගලයක් කරන්නේ.
ඔයා පුංචි දේකට අඬද්දී නොහඬා ජීවිතේ හුඟක් කටුක අත්දැකීම් විඳින මිනිස්සු මේ ලෝකේ ඉන්නවා... ඔයා First Love එක ගැන කිය කියා අඬද්දී, ඔයා fb එකේ like, comment ගැන වද වෙද්දී ජීවිතය කියන කටු අත්තේ පිපුණු එකම එක පොහොට්ටුව මලක් වී පූදින්නට ආත්මීය දිය බිඳු ඉසින මිනිසුන් මේ ලෝකේ ඉන්නවා....
මොහොතක් නවතින්න... නැවතී බලන්න....
මේ ලෝකය හරි පුදුම තැනක්
මේ සමාජය දුක පිරුණු තැනක්
සිනා යට හැංඟිච්ච කඳුළු අඳුරගන්න උත්සාහ කරන්න
බොළඳ හිත පැත්තකින් තියලා
යථාර්ථයත් එක්ක ඇස් අරින්න එදාට ඔයාට හැකිවේවි!
I Saara