2017 ජනවාරි 21 වන සෙනසුරාදා

සිදු තෙර

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

නමක් නැති මලක් ඇත 
ඈත මිටියාවතේ 
ඔහේ වීසීකර 
නාඬන අහසට 
නුඹ සිහිකරලන 

සඳ දිය වතුරේ 
ගැඹුරේ සැඟවෙන 
දිය බුබුළක් ඇත 
කඳුළින් ඉපදුණ 
නුඹ සිහිකරලන 

වියපත් ගගනත 
තරු ඇස් ඉකිලන 
හැඬුම්බරම එක 
නිමේෂයක් ඇත 
නුඹ සිහිකරලන 

ජීවන ගමනේ 
පෙරළුණු පිටුවක 
කිසිවක් නොලියූ 
හිස් පිටුවක් ඇත 
නුඹ සිහිකරලන 

අදටත් ඇස් අග 
කඳුළක් රන්දන

Saara