2018 අප්‍රේල් 13 වන සිකුරාදා

එහෙම බයක් මට නෑ

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 110

ඔබ කවුද? රංගන ක්ෂේත්‍රයට මුලින්ම ආවේ කොහොමද?
මගේ නම නෙකීටා රෙෂානි. මම ඉන්නේ වත්තල. මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මල්ලියි. රංගන ක්ෂේත්‍රයට මම මුලින්ම ආවේ රූපවාහිනියේ විකාශනය වුණු බටහිර අහස ටෙලිනාට්‍යයෙන්. ඊටපස්සේ නාට්‍ය කිහිපයකම මම රංගනයෙන් දායක වුණා.

කලා ක්ෂේත්‍රයට එනවා කියලා අරමුණක් තිබුණද? නැත්නම් ඒ පැමිණීම අහම්බයක්ද?
පාසල් කාලය අවසන් වුණාට පස්සේ ආසාවක් තිබ්බා. නමුත් මට මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න අවස්ථාවක් තිබුණේ නෑ. එහෙම ඉන්නකොට නිරූපණ ක්ෂේත්‍රයේ සජීවී වැඩසටහනකට මුලින්ම අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාවේදී තමා කැමරාවක් ඉස්සරහ මුහුණදෙන විදිහ ඉගෙන ගත්තේ. 

ඇතැම් වෙබ් මාධ්‍ය මගින් සමහර මාධ්‍යවලින් නිළියන්ට නිරූපිකාවන්ට ගහන මඩ දැක්කම ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න බයක් නැද්ද?
එහෙම බයක් මට ඇතිවෙන්නේ නෑ. ඒ මාධ්‍ය ඔස්සේ නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න අයට, රංගන ක්ෂේත්‍රයේ ඉන්න අයට හොඳ ප්‍රසිද්ධියක් ලැබෙනවා. ක්ෂේත්‍රයේ රැඳීසිටින අයගේ පැවැත්මට මට හිතෙන්නේ මාධ්‍ය අවශ්‍යයයි. ඒ නිසා බයක් නෑ. 

රඟපාන්න එද්දී ගෙදර කවුරුත් එපා කිව්වේ නැද්ද?
මුලින්ම කැමැත්තක් තිබුණේ නෑ. පස්සේ පස්සේ හොඳ දේවල් තෝරාබේරාගෙන කරන නිසා ගෙදරින් කැමැත්ත ලැබුණා.

ක්ෂේත්‍රයේ ඉන්න ළඟම යහළු යෙහෙළියන් කවුද? ඔයා රඟපාන්න කැමති අය කවුද?
මම මුලින්ම වැඩ කළේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන ජගත් චමිල අයියා එක්ක. එයා ගොඩක් මට උදව් කළා. ඒ වගේම මේ දිනවල මගේ ප්‍රථම සිනමා ශ්‍රී ලංකාවේ අවුරුදු 40කට පසුව නිර්මාණය වූ තිරගත වෙනවා. කෝමාලි කිංග්ස් කියන දමිළ චිත්‍රපටයේන් තමා මගේ මුල්ම සිනමා රංගනට ඉදිරිපත් කරන්නේ. ඒ චිත්‍රපටයේදී මට උදව් කළේ දර්ශන ධර්මරාජ්, ගජන් වගේම කිං අයියා. එයාලා එක්ක වැඩ කරන්න මම කැමතියි.

සමහරු කියනවනේ අලුත් නිළියන්ට නිරූපිකාවන්ට ක්ෂේත්‍රයේම අයගෙන් අයුතු යෝජනා එනවා. හරියට කැපිලි කෙටිලි කියලා. ඔයාටත් එහෙම අත්දැකීම් තියෙනවද?
මම හිතන්නේ ඒ දේවල් මේ ක්ෂේත්‍රයට විතරක් පොදු දෙයක් නෙවෙයි. නමුත් ක්ෂේත්‍රයේ අය ගැන කතා වෙනවා වැඩියි කියලා මට හිතෙනවා. කැපිලි කෙටිලි ගැන කිව්වොත් ඒකත් පොදු දෙයක්. අපට අරමුණක් තියෙනවනම් ඒ හැම බාධාවක්ම ජයගෙන ඉස්සරහට යන්න පුළුවන් කියන එකයි මගේ අදහස.

ඔබ පෙම්වතියක්ද? 
දැන් මට පෙම්වතෙක් නෑ. ඒත් ආදරයේ අත්දැකීම් මමත් විඳලා තියෙනවා.

ඉදිරියට තියෙන බලාපොරොත්තු මොනවද?
මට ලොකු ආසාවක් තිබුණා හොඳ නිර්මාණයකට දායක වෙන්න. මට ඒ දේ ලැබුණා. මගේ මුල්ම සිනමා රංගනයට හොඳ ප්‍රතිචාර තියෙනවා. ගොඩක් සතුටුයි ඒ ගැන. ඒ චිත්‍රපටයට මාව දායක කරගත්තට කිං අයියට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මගේ බලාපොරොත්තුව තමා ඉදිරියේදී තවත් හොඳ වෙනස් වෙනස් නිර්මාණවලට දායකත්වය ලබාදීම.


  Text and Pic :-  Channa kassapa Koralearachchi