2017 ජනවාරි 21 වන සෙනසුරාදා

දවසක් දා ලොකු ඉබ්බෙක් පාර ක්‍රොස් කළා

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 188

තවත් ගායකයෙකු සංගීත අම්බරයෙන් සදහටම සමුගත්තේය. සමාජයේ අකටයුතුකම් ගැන උපහාස ගී ගැයීමේ සමතෙකු වූ හේ නමින් දීපාල් සිල්වාය. සංගීත ක්ෂේත්‍රයේ හැමෝම දන්නා පරිදි නම් පොඩි ළමයාය.

1967 නොවැම්බර් විසි වැනිදින උපන් දීපාල් සිල්වා බොරැල්ලේ YMBA එකේත්, සුදර්ශියේත් එකල නිතර නිතර කරක් ගැසූ බව ඔහුගේ සමීපතමයෝ කියති. දීපාල් සිල්වාට මුලින්ම තිබී ඇත්තේ නාට්‍ය පිස්සුවය. ඔහු වේදිකා නාට්‍යවල පෙළ මතක් කරන්නෙකු සේ කරළියට පැමිණෙන්නේ අල්ලපු ගෙදර නාට්‍ය තුළිනි. නිහාල් සිල්වා ඔහුගේ සමකාලීන මිතුරෙක් බවට පත් වන්නේද මෙම කාලය තුළදීය. ගීත ගායනා කිරීමට දීපාල් සිල්වා සතුව තිබූ හැකියාවද මෙම නාට්‍ය අතරතුරදී ඔපමට්ටම් විය. නාට්‍යවලට අදාළ සමහර චරිතවල පාත්‍රවර්ගයා නොපැමිණි යම් දිනක දීපාල් සිල්වාට ස්වකීය රඟපෑමේ කුසලතාවය ද ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබිණි. නෙයිනගෙ සූදුව නට්‍යයේ නල්ලතම්බි චරිතය දීපාල් සිල්වාට ලැබුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

නිහාල් සිල්වාත් පතිරාජ එස්. දයානන්දත් එකතුව ස්වාධීන රෑපවාහිනියේ විකට වැඩසටහනක් ආරම්භ කර තිබුණේ මේ අතරය. පොඩි ළමයා යනු ඒ විකට වැඩසටහනේ ඉන්නා එක් චරිතයකි. අවසන එකී චරිතය දීපාල් සිල්වාගේ ගමන් මඟ සහමුලින්ම වෙනස් කරනු ලැබුවේය. දීපාල් සිල්වා පොඩි ළමයා යන අන්වර්ථ නාමයෙන් සංගීත වේදිකාව අතික්‍රමණය කළේය. ඔහුගේ ගායන ශෛලිය විනෝදාත්මක වූවා සේම ඔහුගේ ගීතවල ඕනෑවටත් වඩා වැඩියෙන් උපහාසය තැවරී තිබුණේ ය. සමාජයේ සිදුවන සමාජ දේශපාලන සිදුවීම් අසාධාරණකම් ඔහු ගීතයෙන් සමාජගත කළේය. කේ.ඩී නිකුලස් විසින් ලියන ලද මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු ගීතය දීපාල් සිල්වාගේ ගායන මගේ සුවිශේෂී හැරවුමක් සටහන් කළේය. එය කොයිතරම් ආන්දෝලනාත්මකද යන්න එම ගීතය වාරණයකට පවා ලක්විය. වරෙක පැරැණි   කණ්ඩායම විසින් මේ ගීතය ලංකාවේ ජාතික ගීතය ලෙසින්ද හඳුන්වා දෙනු ලැබීය. ඔහුගේ ගීතවල කතා රසය මෙන්ම සමාජ අකටයුතුකම් ද විදහා දැක්විණි. මඩකලපුවෙ පොඩි කඩයක් දාගෙන යන ගීතයෙන් ඔහු කතා කළේ මෙරට ජාතිවාදී ගින්න නිසා වෙන් වූ පෙම්වතුන් යුවළකගේ ඛේදවාචකයකි. යුද්ධය කුමටද සහෝදරා ගීතය සංහිඳියාව පිළිබඳ අපූරු පැතිකඩක් ගෙන හැර පෑවේය. මිනිසුන් සතුව ඇති දුර්වලතා සහ ඔවුන්ගේ තිත්ත ඇත්ත සහිත ක්‍රියාකාරකම් ගැන කියන තවත් ගීතයක් වන්නේ  ආනන්ද භවන් එකට වැදී තෝසෙ ගිලිනවා යන ගීතයයි.ඔහුගේ සෑම ගීතයකම යටින් ගැබ්ව ඇත්තේ සමාජ උපහාසයයි. සමාජය හා සමාජයේ බලවත්යැයි හැඟෙන පිරිස් උපහාසයට ලක් කළ තවත් ගීත දෙකක් වන්නේ.

දවසක් දා ලොකු ඉබ්බෙක් පාර ක්‍රොස් කළා

ඒක දැකපු කොල්ලො ටිකක් ඌව මස් කළා යන්න හා “එන්නකෝ එන්නකෝ යන ගීතයි.
දැඩි මිතුරු සමාගමක් ඇසුරු කළ දීපාල් සිල්වා හිතූ හැටියේ විනෝද චාරිකා යන පුද්ගලයෙකි. ඔහු ඉතා විනෝදකාමී මිනිසෙකි. එසේම මධු ලෝලියෙකි. අර්ධ ශතකයක් සපිරෙන්නටත් පෙර ඔහුට සිය විනෝදබර ජීවිතය අතහරින්නට සිදුවූයේ ඒ දැඩි මධුපානය නිසාය. අවසාන කාලයේ ඔහුට ඒ වරදේ බරපතළකම දැඩි දැඩිව දැනුණත් මාරයා ඔහු අසලම දැවටුණේය. ඉරණම සටහන් කළ ෙමාෙහාෙත් ඔහු මරණය පිළිගත්ෙත්ය. දීපාල් නික්ම ගියේ ඔබ පමණය. හඬ අදටත් ඉතිරිව අැත. ෙම් දැනුත් අැෙසන නාෙඅැසෙන ගාණය. 

Text - Thanu