ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුමිත්‍රා පීරීස් මහත්මියගේ නවතම සිනමා සිත්තම ‘වෛෂ්ණාවී චිත්‍රපටයේ මංගල දර්ශනය කොළඹ රීගල් සිනමා ශාලාවේදී පසුගියදා පැවැත්වුණා. මනෝ නානායක්කාර විසින් නිෂ්පාදනය කළ වෛෂ්ණාවී චිත්‍රපටයට යශෝධා විමලධර්ම , තුමිඳු දොඩන්තැන්න , අයිරාංගනී සේරසිංහ ,වසන්ති චතුරාණි , ජයලත් මනෝරත්න , වීණා ජයකොඩි ,රෝහණ බැද්දගේ ,මහේන්ද්‍ර පෙරේරා ඇතුළු මෙරට ප්‍රවීණ රංගවේදීන් රැසක් රංගනයෙන් දායක වී ඇත.
හෙළ සිනමාවේ මහා සිනමාවේදී ආචාර්ය ලේස්ටර් ජේම්ස් පීරීස් මහතාගේ 99 වැනි ජන්ම දිනය සැමරීමද මංගල දර්ශනය අතරවාරයේ සිදුකිරීම විශේෂත්වයක් විය. ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය තරු රැසකගේ සහභාගීත්වයෙන් මංගල දර්ශනය පැවැත්වුණු අතර අද අපේ event of the week වෙන්වන්නේ ඒ සඳහාය...
Romesh Dhanushka Silva