2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

එක රැයින් ජනප්‍රිය වෙන්න ගිහින් සමහරු ඇණ ගන්නවා

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 149

ෆියෝනා කියමුකො ඔයා ගැන ටිකක්...?
මගේ නම ෆියෝනා ප්‍රනාන්දු. මම ඉන්නෙ කඳානෙ. මම ඉගෙන ගත්තෙ ගම්පහ හෝලි ක්‍රොස් විද්‍යාලයෙ. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි ආච්චියි මල්ලියි විතරයි. මගේ තාත්තා ඉන්නෙ විදෙස්ගතවෙලා. අම්මත් රැකියාවක් කරනවා. මගේ මල්ලි තවම ඉගෙන ගන්නවා. 

එතකොට ෆියෝනා කවුරු වෙන්නද ආස කළේ...?
පුංචි කාලේ ඉඳන් මගේ ති බුණු හීනය තමයි ගුවන් සේවිකාවක් වීම. තාමත් මගේ හිතේ කොණක ඒ හීනය තියෙනවා. බලමු ඉතින් නේද... දවසක ඒ හීනය සැබෑකරගන්න පුළුවන් වෙයිද කියලා.

කොහොමද නිරූපණ ශිල්පිනියක් වුණේ...?
මම ඉස්කෝලෙ අධ්‍යාපනය හදාරලා ඉවරවුණාට පස්සෙ රොසෑන් ඩයස් ගුරුතුමියගෙන් මේ ක්ෂේත්‍රය ගැන ඉගෙන ගත්තා. මගේ මුල්ම ගුරුතුමිය වුණේ ඇයයි. ඊටපස්සෙ මම සඟරාවලිනුත් අන්තර්ජාලය ඔස්සෙත් ඒ පිළිබඳව බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඇත්තටම මම මේ ක්ෂේත්‍රයට ආස නිසාම ඒ පිළිබඳ බොහෝ දේවල් ඉගෙන ගත්තා. 

නිරූපණ ක්ෂේත්‍රයට එනවට ගෙදරින් කැමති වුණාද...?
මුලදී අම්මනම් කැමති වුණේ නෑ. ඒත්... පස්සෙ මම මේ හැමදෙයක්ම තේරුම් කරලා දුන්නට පස්සෙ අම්මත් කැමති වුණා. දැන්නම් ගෙදරින් මට ලොකු සහයෝගයක් දෙනවා.

නිරූපණ ශිල්පිනියන් බොහෝදෙනෙක් ක්ලබ් යන, නිතරම පාටිවලට යන අය කියලයි සමාජය කියන්නෙ...?
ඒක ඉතින් නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න සමහරු හදාගත්ත ප්‍රතිරූපය නිසාම තමයි කට්ටිය එහෙම කියන්නෙ. කීපදෙනෙක් නිසා එකම මිම්මෙන් මනින සමාජයක් තමයි මේ. ඉක්මණින් ජනප්‍රිය වෙන්න හිතාගෙන සමහරු කරන වැරදි දේවල් නිසා හැමෝම අපි ගැනත් එහෙම කියනවා ඇති. ඒත්... මම දන්නවා මම කවුද කියලා. කොටට ඇන්ඳට, ලස්සනට හිටියට පාටියකට ගියාට අපි හැමෝම එකම මිම්මෙන් මනින්න එපා.

රඟපාන්න ආරාධනා ලැබිලා නැද්ද...?
ආරාධනා නම් කිහිපයක්ම ලැබුණා. මම මේ ක්ෂේත්‍රයට ආවේ 2015 දී විතර. මේ කාලය තුළදී මම වෙළෙඳ දැන්වීම් දෙකක් විතරයි බාරගෙන කළේ. ටෙලිනාට්‍යවලනම් රඟපාලා නෑ. මම හිතන්නෙ නෑ මට රඟපාන්න පුළුවන් වෙයි කියලා.

මොනවද තියෙන බලාපොරොත්තු...?
ඉස්සර නම් තිබුණු ලොකුම බලාපොරොත්තුව ගුවන් සේවිකාවක් වීම. ඒත් දැන් මම පෞද්ගලික ආයතනයක සේවය කරනවා. තව ඉගෙන ගන්නත් ආසයි. ඉතින්... බලමු නේද.. මොකද වෙන්නෙ කියලා. තාමත් අර පුංචි කාලේ තිබුණු හීනය මගේ හිතේ කොණක තියෙනවා.

► Text - Jayamali  l Pic – Malaka Weligodapola

 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00