ඒ ඇස් අග ඇස් පිහාටුවකත්
ආදරය....
සුසුමක් සුසුමට ළංවී
කොඳුරන....
ආදරණීයම කළුවරක
ඒ ඇස් අග ඇස් පිහාටුවකත් ආදරය
මා නිවාලන්න
සංසාර ස්නේහයෙන්
සඳක් සේ දැල්වී
ගිම්හාන සෘතුවේ
සුන්දරම දවස අද...
ඇවිදින්න හිතයි මට
එල්ලී ඔය සුළැඟිල්ලේ
ගිනිදන මේ නුවර
සිහිලසක් හොයාගෙන
එනු මැනව මගේ සඳ ඔබ
මා නිවාලනු පිණිස....