2018 මැයි 12 වන සෙනසුරාදා

ජනප්‍රිය සම්මානෙන් පිම්බිලාලු

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 101

මේ කියන්න යන්නෙත් තරුණ නළුවෙක් ගැන. හැබෑ දක්ෂතා රැසක් වේදිකාවෙනම් පෙන්නලා තියෙනවා. පුංචි තිරයේ මිනිස්සු අතර ජනප්‍රිය වුණු ටෙලියක් නිසා ඔහුට පහුගිය දවසක ජනප්‍රිය ටෙලි නළුවාට හිමි සම්මානයත් ලැබුණා.
ඒත් ජනප්‍රිය සම්මානෙ ලැබුණු හැටි කවුරැත් දන්නෙ නෑ. ජනප්‍රිය රැල්ලේ නොසිටි ඔහුට ලැබුණු සම්මානෙ ගැන සමහරු සතුටු වුණා වගේ තවත් සමහරු ඒ ගැන වෙනත් මත ඉදිරිපත් කළා.
ඔන්න මේ මෑන්ස් දැන් තිරගතවන චිත්‍රපටයක ඉන්න නිසා ලෙස්ටර් මහත්තයගෙ මළගෙදර එන්න ඇති. 

කවුරුත් යන එන තැනක පුටුවක වාඩිවෙලා පැය ගාණක් ෆෝන් එකේ. ඔහුගෙ ළඟින් හිටියෙ ප්‍රවීණ මාධ්‍යවේදියෙක් සහ ප්‍රවීණ සිනමාවේදියෙක්. ඔහු ඒ දෙන්නා දිහා හැරිලවත් බැලුවෙ නෑ.
අර මාධ්‍යවේදියා එක්ක තවත් සහෝදර පත්තරකාරයො කිහිපදෙනෙකුත්, කලාකරුවොත් කතාවට සෙට්වුණා. ඒත් අර ජනප්‍රිය පොර කා එක්කවත් හිනාවක් නෑ.

ඔයත් එක්ක අර තරුපහේ හෝටලේට ගිහින් දවස පුරාම ෆොටෝ ෂූට් කරපු මාවත් දැන් පේන්නෙ නෑ නේද? කියලා මළපැනපු මාධ්‍යවේදියෙක් ඔහුගෙන් ඇහුවම එයාගෙ මුහුණ පුංචි වුණාලු.

 

ලෙස්ටර්ව නොදන්න අලුත් තරු

පසුගියදා අභාවප්‍රාප්ත වූ ලෙස්ටර් මහතාගේ මළගෙදරට ගිය බොහෝ දෙනෙකු දැක්ක එකම දේ තමයි නව පරපුරේ කලා ශිල්පින් හා ශිල්පිනියන් වැඩි දෙනෙක් එහි නොසිටීම. සමහර අලුත් අය ලෙස්ටර් කියන ඒ මහා සිනමාවේදියා ගැන නොදන්නවා ඇති, ඔහුව මුණගැහිලා නැතුව ඇති. 

ඒත් අපේ රටේ සිනමාවේ පියා හැටියට සැලකෙන ඒ ප්‍රවීණ ශිල්පියාට උපහාරයක් පිණිසවත් අඩුම ගාණෙ අවමංගල්‍ය උත්සවයෙදීවත් අලුත් අය ඇවිත් හිටියද කියන එක ප්‍රශ්නයක්. කවුදෝ කෙනෙක් ඇහුවා වගේ ලෙස්ටර් වෙනුවෙන් රජය ප්‍රකාශ කළ ශෝක දිනයේදී පවා ෂූටිං නවත්වපු චිත්‍රපට හෝ ටෙලිනාට්‍ය කණ්ඩායම් තිබුණද කියලවත් කවුරුත් දන්නෙ නැහැ.
ප්‍රවීණ සිනමාවේදීන් වූ පතිරාජාගෙ හා වසන්ත ඔබේසේකරගේ මළගෙවල්වලත් ඒ දේම සිද්ධවුණා.

 

වයිෆ්ගෙ මහත්තයා ඉංජිනේරුවෙක්

අපේ කලා ශිල්පිනියක් ඉන්නවලු, එයාගෙ මහත්තයා ඉංජිනේරුවෙක්. විදෙස් සුදුසුකමුත් තියෙනවලු. එයාගෙ ගේ ඉස්සරහම එයාගෙ නමයි සුදුසුකම් ටිකයි ගහපු ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා.
මෙන්න මේ ශිල්පිනිය කොහේහරි ගිහින් කැබ් එකකින් ගෙදර එනකොට පානදුර පැත්තෙ එයාගෙ පාරට හරවනකොටම රියැදුරුට කියනවලු, අර දකුණු පැත්තෙ දෙවැනි ගෙදර, ඉංජිනියර් බෝඩ් එකක් ගහලා තියෙන ගෙදර කියලා. 
ඔන්න එක දවසක් කොළඹ උත්සවයකට ගිහින් එද්දී ගෙදර ළංවෙනකොටම කැබ් එකේ රියැදුරුට අර වගේ ඉංජිනියර් බෝඩ් එක ගැන කිව්වලු.

අර රියැදුරාත්, එකපාරටම ඇහුවලු මහත්තයද ඉංජිනියර්? එයාගෙ නම මොකක්ද කියලා.
ඇය නම කිව්වලු.

හා එහෙමද? මගේ වයිෆ්ගෙ මහත්තයත් ඉංජිනේරුවෙක් තමයි. එයා පාට් ටයිම්. රෑට ටික වෙලාවක් කැබ් එකේ වැඩ කරනවා, කියලා ඔහු කිව්වම ඇගේ මුහුණ පුංචි වුණාලු.

 

මෙහෙමත් මිනිස්සු

අද අපි ජීවත්වෙන්නෙ අමුතුම ලෝකයක. මිනිස්සුන්ගෙ ආත්මාර්ථකාමීකම සීමාව ඉක්මවලා ගිහින් වගෙයි හැමතැනකම පේන්න තියෙන්නෙ.
පහුගිය දවස්වල සමහර විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රවල ප්‍රවීණයෝ සමහර දෙනෙකුට තමතමන්ගෙ ජංගම දුරකතන ක්‍රියාවිරහිත කරගෙන ඉන්න සිද්ධවෙලා තියෙනවා.
හේතුව කිව්වොත්නම් සමහරු හිනාවෙයි. හැබැයි මේකෙ බැරෑරුම්කම තේරුම්ගියාම කාට හිනාවෙන්නද කියලා හිතේවි.

නොබෝදා අප අතරින් සමුගත් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුගේ මරණය ගැන බොහෝ අය කම්පා වුණා. ඔහු එක්ක එකට ඉඳන් ෆොටෝ ගත්තු කට්ටිය මූණුපොතේ ඒවා පෝස්ට් කරලා පොඩි ආතල් එකක් ගත්තා.
ඒත් ඊටත් වඩා ලොකුම කේස් එක තමයි, එයාව දන්න කියන කලා ලොවේ කට්ටිය එකපාරටම එයාගෙ ගුණ වර්ණනා කරන්න මාධ්‍යවේදීන් පසුපස ලුහුබැඳීම.

සමහරු අවුරුදු ගාණක් ඒ මාධ්‍යවේදීන් උන්නද මළාද කියලා හොයලවත් බලපු නැති කට්ටිය. එකපාරටම ඒගොල්ලො අයියේ, මල්ලියේ, මචන්ලා වෙලා.
ලෙස්ටර් මහත්තයට මේ තරම් විශාල ගෝල පිරිසක් හිටියැයි කියලා ඔහු දැනගෙන උන්නනම් අඩුම ගාණෙ තව අවුරුදු ගාණක් ඔහුගෙ ආයුෂ වැඩිවෙන්නත් තිබුණා කියලා මාධ්‍යයට සම්බන්ධ කෙනෙක් කියනවා ඇහුණා.

 

මගේ චරිතෙ ලොකු කරගන්න ඕනෙ

ටෙලිනාට්‍යවල පුංචි පුංචි චරිත නිරූපණය කරන තරුණයෙක් පහුගිය දවසක ඔහුගේ ඥාති සහෝදරයෙකුට දුරකතන ඇමතුමක් දුන්නලු.
අයියේ... මම අහවලා... මතකයි නේද?
කවුරු? මට නිච්චියක් නැහැනෙ..
.

අනේ අයියේ මම කිරිඳිවැල නැන්දගෙ ලොකු පුතා. ඔයාගෙ අම්මගෙ මළගෙදරත් ආවෙ අවුරුදු 6කට කලින්...
ආ.. ඔව් ඔව් මල්ලි... මතකයිනෙ. කොහොමද දැන්? ඒ ලෙවල් එහෙම කළා නේද?
ඔව් අයියෙ. දැන් මම රඟපානවනෙ. ටෙලිනාට්‍යවල මාව දැකලා නැද්ද? අද රූ 8.30ට යන එකෙත් මම ඉන්නවා, හැබැයි මගේ කෑල්ල යන දවස හරියටම කියන්න බෑ
ඉතිං කතා කළේ?

අනේ අයියෙ මම කතා කළේ ලොකුම ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන්. අයියා දන්නවද අර ඩිරෙක්ටර්ව. එයා ඉන්නෙ අයියගෙ අල්ලපු ගෙදර...
ඉතිං ඉතිං... ඒ මනුස්සයා නම් මගේ මූණවත් බලන්නෙ නෑ...
අනේ බුදු අයියේ, එයාගෙ දැන් යන මෙගා ටෙලිනාට්‍යයේ මම පොඩි චරිතයක් කරනවා. අයියට පුළුවන්ද එයාට කතා කරලා මගේ චරිතය ලොකුවට ලියාගන්න. අයියා වචනයක් කිව්වොත් ගොඩම තමා...
අනේ මල්ලි මට ඔය පිස්සු කතා අහන්න වෙලාවක් නෑ. වෙන උදව්වක් ඕනෙනම් කියන්න. පුළුවන් දෙයක් කරන්නම්.

 

► Text - Mithra

 

 

 

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00