කියන්න ලිහිණියේ
මට මහ වැස්ස ගැන
ගං දෑල අපි දෙදෙන
නෙතින් නෙත බලා හිඳ
ලියමු අවසන් කවිය
ඒ මහා වැස්ස ගැන..........
ගලා යන ගඟ දියට
වීසිකර හිතේ දුක
අහස හිමි නැති දුකට
නොහඬන්න ලිහිණියේ
ඉසුරු මට කුමකටද
ගීතයකි නුඹේ හඬ
කළුවරෙහි ඉකිලද්දී
මගේ හිත පිරිමදින
සඳ සිහිල කුමකටද
නුඹේ ළය සඳකි සඳ
කල්පයක් බලා හිඳ
මොහොතකට මා නිවන