2018 ජුනි 02 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 68

ඔබේ  ආදර දිය දෝත අස 
සමුදුරක් වී ගලා යමි මම 

දියවරක් වී මේ ගලන්නේ 
ඔබත් නොදකින මගේ කඳුළුය

ආදරේ සඳ වියැකිලා අද 
මේ ගලන්නේ රැයක කළුවර 

කියනු මැන ඇස් අැහරවන්නැයි 
නිදා වැටෙනා තාරුකාවක 

රෑ රැහැයියන් ගයන දුක්බර 
මට නොතේරෙන අඳුරු කවියක 

අරුත් පසිඳිනු මැනවි දවසක 
රැයක ඉකිලන අඳුර මැද හිඳ 

අසෙනි වැස්සක තෙමුණු කිරිලිය 
යදී උණුසුම ඉපල් තුරු මත 
  
ඈ ගයන්නේ ස්නේහයෙන් අද 
එදා සසරේ ගැයූ ගීතය  
 
ඔබේ ලෝකෙට මගේ ලෝකය 
මහා වැස්සක දුරක් තරමය 

ආවොතින් යා යුතුය කීවේ 
සොඳුර ඒ සංසාර සඳටය