මේ ඉන්දියාවේ 1959 ජූලි 29 වැනිදා බොම්බේ කියන නගරයේ සිදුවීමක්. මේ කියන දවසේ ඉන්දියාවේ බොම්බේ නගරයේ රෝහලකදී පොඩි පිරිමි දරුවෙක් ඉපදෙනවා. මේ කොලු පැංචට අම්මයි තාත්තයි නම තියන්නේ සංජය කියලා. 1981 වසරේදී මේ කොල්ලගේ අම්මා ජීවිතෙන් සමුගන්නවා. ඒ දුක ඉවස ගන්න බැරි වුණු අද අපි කියන සිනමාපටයේ කතා නායකයා සංජේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා. 1987 දී ඔහු රිචා ශර්මා කියන සුන්දරියත් එක්ක විවාහ වෙනවා. ඒත් 1996 දී ඇය මොළේ පිළිකාවක් හැදිලා තමන්ගේ ජීවිතෙන් සදහටම සමුගන්නවා. ඒත් ඇය යන්න ගියත් 1988 දී සංජේට ත‍්‍රිශාලා කියලා දියණියක් දීලා තමයි ඇය යන්න ගියේ. ඇයව හදාවඩා ගන්න බිරිදගේ මව්පියන් අමෙරිකා එක්සත් ජනපදයට රැගෙන යනවා. 1998 දී සංජය නැවත විවාහයක් කර ගන්නවා. ඇය නිරූපණ ශිල්පිනියක්. ඇයගේ නම රියා. රියා එක්ක විවාහ වෙන සංජය 2005 දී ඇයගෙනුත් දික්කසාද වෙනවා. 2008 දී ඇය තුන් වැනි විවාහය විදිහට මන්යාව විවාහ කරගන්නවා. ඔවුන් දෙදෙනාට 2010 දී නිවුන් දියණියක් හා පුතණුවෙක් හම්බවෙනවා. ඒත් ඊට පස්සේ ...... අවුරුද්දේදී ඔහුව ත‍්‍රස්තාවාදී ක‍්‍රියාවල නිරත වුණු බවට චෝදනා කරලා ඉන්දියානු හමුදාවෙන් අත්අඩංගුවට ගන්නවා. මේ සිනමාපටය හදලා තියෙන්නේ මෙන්න මේ සිනමාපටයන්හි විවිධ චරිත නිරෑපණය කළ කෙනා ගැනයි. මේ සිනමාපටවල විවිධ චරිතයන්ට පණ පෙව්වේ කවුද කියලා ඔබම මතක් කරගෙන බලන්නකෝ.
1992: Saajan, 1994: Khalnayak, 2000: Vaastav, 2001: Mission Kashmir, 2003: Kaante, 2004: Munnabhai M.B.B.S., 2006: Parineeta, 2007: Lage Raho Munna Bhai, 2001: Kurukshetra, 2005: Musafir, 2013: Agneepath
ඒ ඔහුගේ දක්ෂතා රැගත් සිනමාපට කිහිපයක් විතරයි. ඔව් ඔබ නිවැරදියි. සිනමා සම්මාන 17කින් පිදුම් ලැබූ සමානයන් 10ක් සඳහා නිර්දේශයට පාත‍්‍ර වූ නළුවෙක් සිනමාපට නිෂ්පාදකවරයෙක්, විකට චරිත නිරූපකයෙක්, දේශපාලකයෙක් සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් වන ජනප‍්‍රිය නළුවෙක් වන සුනිල් දත්ගේ සහ නාර්ගීස්ගේ පුතා සංජය දත්ගේ ජීවිත කතව තමයි සංජය කියන සිනමාපටයේ කතාව.
2018 ජුනි 29 වැනිදා සිට තිරගත වන සංජය සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රාජ් කුමාර් හිරානී විසින්. ඒ වගෙම සංජය සිනමාපටයේ කතාව ලියලා තියෙන්නේ රාජ් කුමාර් හිරානී සහ අභිජත් ජෝෂි විසින් වන අතර මේ සිනමාපටය හදන්න මුදල් වියදම් කරලා තියෙන්නේ විදූ විනෝද් චොප්රා සහ රාජ් කුමාර් හිරානි.
සංජය සිනමාපටයේ සංජය දත්ගේ චරිතයට පණ පොවන්නේ හින්දි සිනමාවේ ආරම්භක නළුවාගේ මුනුපුරෙක් වන දක්ෂ නළුවෙක් විසින්. ඔහු ගැන කියන්න කලින් මෙන්න මේ සිනමාපටයන්හි චරිතයන්ට පණ දුන්නු කෙනා ඔබට මතකයිද කියලා බලන්නකෝ.
Saawariya (2007), Wake Up Sid (2009), Ajab Prem Ki Ghazab Kahani (2009), Rocket Singh: Salesman (2009), Rockstar (2011) Barfi!, (2012 ) Yeh Jawaani Hai Deewani (2013)
1982 සැප්තැම්බර 28 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ මුම්බයිවලදී උපත ලද ඔහු රංගන ශිල්පියෙක් වගේම සිනමාපට නිෂ්පාදකවරයෙක්. 2007 වර්ෂයේ සිට හින්දී සිනමාවට සම්බන්ධ වෙලා ඉන්න ඔහු ජනප‍්‍රිය සිනමා නළුවෙක් වන රිෂී කපූර් සහ ජනප‍්‍රිය නිළියක් වුණු නිතූ සිංගේ පුතා. රන්බීර් කපූර්. රන්බීර් තමයි සංජයගේ චරිතයට පණ පොවන්නේ. සංජයගේ තාත්තා සුනිල් දත් කියන්නේ ජනප‍්‍රිය නළුවෙක්නේ. මේ සංජය කියන හින්දි සිනමාපටයේ සුනිල් දත්ගේ චරිතයට පණ පොවනවා ඇත්තේ කවුරැ වෙන්න ඇති කියලද ඔයාලා හිතන්නේ. මෙන්න මේ සිනමාපට ගැන කිව්වම සමහරවිට ඔබට ඔහුව මතක් වෙන්න ඉඩ තියෙනවා.
Kshana Kshanam (1991), Money (1993), Money Money (1995), Govinda Govinda (1994), Rikshavodu (1995), Bavagaru Bagunnara (1998), Shankar Dada M.B.B.S. (2004), Teen Maar (2011), Naam (1986), Shiva (1990), Mohra (1994), Tamanna (1996), Aitraaz (2004), Table No. 21 (2013) Zilla Ghaziabad (2013).Andaz Apna Apna (1994), Chachi 420 (1997), Hera Pheri (2000), Nayak (2001), Aankhen (2002), Awara Paagal Deewana (2002), Hungama (2003), Hulchul (2004), Deewane Huye Paagal (2005), Garam Masala (2005), Phir Hera Pheri (2006), Golmaal: Fun Unlimited (2006), Bhagam Bhag (2006), Bhool Bhulaiyaa (2007), Welcome (2007), Oye Lucky! Lucky Oye! (2008), Atithi Tum Kab Jaoge (2010), OMG - Oh My God! (2012), Welcome Back (2015),Tiger Zinda Hai (2017).
1950 මැයි 30 වැනිදා ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ පලේ දියාඩ්වල උපත ලැබූ ඔහු මේ වෙනකොට ඉන්දියාවේ පාර්ලිමේන්තුවත් නියෝජනය කරන්නෙක්. (ලෝක් සභා) ඔහුගේ වෘත්තිය විදියට සඳහන් වෙන්නේ රංගන ශිල්පී නිෂ්පාදක සහ දේශපාලක කියලයි. අනිරැද් හා ආදිත්‍ය කියලා පුතුන් දෙන්නෙක්ගේ පියෙක් වන මොහු විවාහ වෙලා ඉන්නේ ස්වාරූප් සම්පට් එක්කයි. 2014 වසරේදී පද්ම ශ්‍රී සම්මානයෙන් සහ ජාතික සිනමා සම්මානයෙනුත් ඔහු පිදුම් ලැබුවා. ඊට අමතරව ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු සිනමා රාශියකින් ඔහු පිදුම් ලබලා තියෙනවා. ඔහු වෙන කවුරුවත් නෙවෙයි. දුෂ්ට චරිත සහ විකට චරිතවලට පණ පෙව්ව ඔහු පරේෂ් රාවල්. ඔහු තමයි සුනිල් දත්ගේ චරිතයට පණ පොවන්නේ.
දැන් ඔබට කියන්න හදන්නේ සංජයගේ අම්මා නර්ගිස්ගේ චරිතයට පණ පොවලා තියෙන්නේ කවුද කියලයි. ඔබ ඇයවත් හොඳටම දන්න කෙනෙක්. අනිත් එක තමයි ඇයත් (පිළිකාවක් වැළඳිලා ඇත්තටම අත්දැකීම් තියෙන කෙනෙක්) අනිත් එක තමයි ඇය ශ්‍රී ලාංකික අපිට ගොඩාක් වටින නගරයක තමයි ඉපදුණේ. ඒ නේපාලයේ. අනිත් එක ඇයත් බෞද්ධාගමික කාන්තාවක් බව තමයි සඳහන් වෙන්නේ. මෙන්න මේ සිනමාපටවල පෙරළි කරපු ඇයව ඔබට මතකද බලන්නකෝ.
Yalgaar (1992), 1942: A Love Story (1994), Akele Hum Akele Tum (1995), Agni Sakshi (1996) Gupt (1997).Bombay (1995), Khamoshi: (1996), Dil Se.. (1998), Mann (1999), Lajja (2001), Company (2002) Taliban (2003).
1970 අගෝස්තු 16 වැනිදා ඉන්දියාවේ නේපාලයේ කත්මණ්ඩුවල ඉපදුණු ඇය 1989 දී තමයි නිළියක් විදියට හින්දි සිනමාවට එකතු වෙන්නේ. ඊට පස්සේ ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු සිනමා සම්මාන රාශියක් ඇය තමන්ගේ කර ගන්නත් සමත් වුණා. 2010දී සම්රත් දහල් එක්ක විවහ වුණු ඇය 2012 දී දික්කසාද වුණා. ඇයගේ මව්පියන් වෙන්නේ සුෂ්මා සහ ප‍්‍රකාශ් කොයිරාලයි. දැන් දන්නවනේ ඔබ මේ කියන්නේ මනීෂා කොයිරාල ගැන කියලා. ඔව්. මනීෂා කොයිරාල තමයි සංජයගේ මව නාගීස්ගේ චරිතයට පණ පොවන්න්නේ.
තව චරිත ගොඩාක් ගැන කියන්න තියෙන හින්දා වැඩි විස්තර කියන්නේ නැතුව ඒගොල්ලෝ ගැන කියන්නම්. මන්යතා දත්ගේ චරිතයට සුරූපී දියා මිර්සත්, ලෝයර්ගේ චරිතයට හින්දි සිනමාවේ දඟකාරිය සුරූපී අනුෂ්කා ශර්මාත්, ටීනා මුනිම්ගේ චරිතයට මැයි මාසයේ විවාහ වුණු සෝනම් කපූර් අහුජාත්, මාධුරි දික්ෂිත්ගේ චරිතයට කරිශ්මා ඛන්නාත්, සල්මාන් ඛාන්ගේ චරිතයට ජිම් සර්භ් වගේම සන්ජය ගුප්තාගේ චරිතයට බෝර්මන් ඉරානිත්, කුමාර් ගෞරව්ගේ චරිතයට විකී කෞශාල් පණ පොවද්දී තාබූ තමන්ගේ චරිතයට ස්ව කැමැත්තෙන්ම ආරාධනාවකින් පවා තොරව මේ සිනමාපටය සඳහා තමන්ගේ දායකත්වය ලබා දීලා තියෙන එක කැපී පෙනෙන දෙයක්.
සංජය සිනමාපටයේ ඇති ගී පදමාලාවන් සප්ත ස්වරයෙන් සුන්දර කරන්නේ ඒ. ආර් රහුමාන්, අමාල් මලික්, රෝහන් - රෝහන් සහ වික‍්‍රම් මොන්ත්‍රෝස්. සංජය දත්ගේ ජීවිත කතාව රුගත් සිනමාපටය තිරගත වෙනකම් ප්‍රේක්ෂකයන් ඇඟිලි ගනිමින් බලා ඉන්න බව තමයි ඉන්දියාවේ මාධ්‍යවල සඳහන් කරලා තියෙන්නේ. ලංකාවෙත් එහෙමද කියලා අපිට බලා ගන්න වැඩි කාලයක් ඉතුරුවෙලා නැහැ.