පසුගිය සතියෙ අපි ලියපු දත් ගැලවීමේ කතාව මතක ඇතිනෙ. ඔය කතාව කියවලා ප්‍රතිචාර දක්වපු අය අතරෙ එක් කෙනෙක් අපූරු කතාවක් ලියලා එවලා තිබුණා.
අර දත් ගලවනවා වගේ වැඩක්.
කොණ්ඩෙ අඩුවෙන් තියෙන මනුස්සයෙක් සැලූන් එකකට ගියාලු කොණ්ඩෙ කපාගන්න. කට්ටිය වැඩි නිසා මිනිහට ටික වෙලාවක් ඉඳලා තමයි වැඩේ කරගන්න වුණේ.
බිල ගෙවන්න ගියාම මිනිහට තරු පෙනුනලු.
“මොකද්ද අයිසෙ මේ. ඕගොල්ලෝ මට කලින් කපපු මනුස්සයගෙන් ගන්නෙ රුපියල් 200යි. මගෙන් 350ක් ඉල්ලනවා. අර මනුස්සයගෙ කොණ්ඩෙ තිබ්බ තරම දැක්කද? මගේ මේ කෙස් ගස් ටිකට ද මෙච්චර ගාණක් ඉල්ලන්නෙ?
“අනේ සර් ඔය කෙස් ගස් ටික හොයාගන්න අපට කොච්චර වෙලා ගියාද? දෙන්නෙක්ගෙ කොණ්ඩේ කපන වෙලා ගත්තනෙ මහත්තයගෙ කෙස් ගස් හොය හොය කපන්න.
මේ රටේ සිනමා, ටෙලි නාට්‍ය සම්මාන උළෙලවල් පටන්ගත් දා ඉඳලම ජනප්‍රිය සම්මානලාභීන් ගැන විවිධ පසුබිම් කතන්දර තිබුණා.
ඒ කාලේ තිබුණෙ පත්තරවල කූපන් පත් පුරවලා එවන එකනෙ. පස්සෙ ඕක SMSවලට හැරැණා. දැන් FB, ඔන්ලයින් වගේම ඇප්වලිනුත් ජනප්‍රිය සම්මානවලට කැමැත්ත ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි ඉතින් ජනප්‍රිය සම්මානෙ ගන්න සමහර අය ගැන මිනිස්සු විවිධාකාර කතා කියනවා.
මාධ්‍යවලින් ජනප්‍රිය සම්මාන ලබාගත්තු සමහර අයගෙ නම් පළ කළාම ගොඩාක් කට්ටිය කතා කරලා අහන්නෙ “එයා මොකේද හිටියෙ. කියලා තමයි.
ජනප්‍රියත්වය ගැන ඊටත් වඩා කවර කතාද?
චිත්‍රපට, ටෙලිනාට්‍ය නිර්මාණයේදී ප්‍රේක්ෂකයා දකින්න කතන්දරවලට වඩා ලස්සන කතා තිරයේ පිටුපස දකින්න තියෙනවා කියලා කේෂත්‍රයේ අය දන්නවා.
මේකත් ඒ වගේ සිද්ධියක්. තරුණ නවක නිළියො දෙන්නෙක් අතර මෑතක සිදුවුණු ජංගම දුරකතන සංවාදයක්.
“හානේ කාලෙකින්, ඔයා මොනවද මේ දවස්වල කරන වැඩ?
“මම අහවල් ටෙලි නාට්‍යයේ වැඩ. හොඳ රෝල් එකක්. මෙයානෙ අධ්‍යක්ෂණය කරන්නෙ.
“ආ ඇත්තද? මමත් ගිය අවුුරුද්දෙ එයාගෙ ටෙලියෙ වැඩ කළා...
“මම ගැන නම් මිනිහා හොඳටම පැහැදිලා. මාව කවදාහරි ස්වර්ණා මල්ලවාරච්චි කෙනෙක් කරලලු පස්ස බලන්නෙ.
“ඈ යකඩො, ඒ යකා මටත් ඔය ටිකමනෙ කිව්වෙ... අඩුම ගාණෙ උඹට වෙන නිළියකගෙ නමක් කිව්වා නම් එකක්...
පාන්දර 3 වෙනකම් ෂූටිං වැඩ ටික කරලා ගෙදර ආපු අධ්‍යක්ෂකවරයෙක්ගෙ ෆෝන් එක උදේ 6ට විතර රිං වෙනවලු. තද නින්දෙ හිටිය නිසා ෆෝන් එක ගන්න සෑහෙන වෙලා ගියාලු. ඔහුට එක පාරටම මතක් වුණාලු උදේම වැදගත් ලිපියක් ලැබෙන්න තිබෙන විත්තිය.
“ආ සර් මේ මම...
“හා... හා... ඒක ගේට්ටුවේ තියෙන ලියුම් පෙට්ටියේ දාලා යන්නකො. අධ්‍යක්ෂකවරයා කිව්වලු.
“අනේ බැහැ සර් අතටම දෙන්න ඕනෙ.
“අයියෝ මට දොරවල් ගේට්ටු ඇරගෙන එන්න බැහැ... ඕක ලියුම් පෙට්ටියෙ දාලා යනවකො.
“සර් මම අහවලා. සර්ගෙ හිටපු ඩ්‍රයිවර්. මම අපේ ගහෙන් කඩපු අඹ ගෙඩි වගයක් ගෙනාවා...
අධ්‍යක්ෂවරයා වහාම ගිහින් ගේට්ටුව ඇරියලු.
සින්දු කියන්නෙ අපේ ජීවිතවලට කොච්චර සමීප දෙයක්ද? අපි හැමෝගෙම ජීවිතවලට සම්බන්ධකම් තියෙන සින්දු කොච්චර තියෙනවාද?
ඒත් කාලයාගේ ඇවෑමෙන් මීට දශක කීපයකට කලින් ලියවුණු සමහර ගීත වර්තමානයට අදාළ වෙන්නෙ නැති ගතියක් තියෙනවා. අර පරණ පික්චර් සින්දුවක් තියෙනවා මතකද “කොළ කඩ කඩ බොරුවට දෙනවා. කියලා.
ඒකේ තියෙනවා පේලියක් “පොල් කඩලා ගාලා දෙන්නම්, රෙදි සෝදා වේලා දෙන්නම් කියලා.
හැබැයි අද කාලෙට මේ කියමන ගැලපෙන්නෙ නැති ගතියක් තියෙනවා. අද පොල් කඩලා ගාලා දෙන්න ඕන තරම් තැන් තියෙනවා. රුපියල් 10යි අය කරන්නෙ.
රෙදි හෝදලා වේලලා දෙන්නත් දැන් ඕන තරම් තැන් තියෙනවා. කිලෝ 5කට අය කරන්නේ රුපියල් 300යි.
ඔය කතාව අපේ මිත්‍රයෙකුට කිව්වම එයා මේකට වෙනත් අර්ථකථනයක් දුන්නා.
“අද අපි පුරුදු වෙලා ඉන්නෙ ඕනම දේකට “පහක් දාන්නනේ. ඒත් අනාගතය ගැන හිතලා ලියවුණු සින්දුවක් එදා තිබුණා.
“ඒ මොකද්ද සින්දුව?
“ඇයි “පහදා කියූවත් නැහැ සවන් යොමු කළේ?
► Text - Mithra