2018 ජුනි 09 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

සංසාර වීදි දිග
කොයි තරම් දුර
ආවාද 
අපි 
නොඅසන්න 

රිදෙන දෙපතුල් දරා ඇවිදින
මහා දුරු කතරක
දැනෙන රිදවුම් නිවා ගන්නට 
නවතින්නදත් නොඅසාම
නැවතුණාවත්ද 
මම...

ඒත් නුඹ මහ කන්ද
ඉස්සිලාවත්
මම
බලන්නේ කෝම

පැලවුණේ කුමට
කන්දක් පාමුල
මේ
පුංචි ළපල්ල