2018 ජුනි 30 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

මොනාලිසා 
සිනා නොමසෙන එකම ගැහැනිය

 
මහ කන්දක් දුක් දරාන 
ගිනි කඳු ළය උසුලාගෙන 
සිනා සොයන පටාචාරලා 
කියන්න එක දවසක්වත් 
දුටුවෙ නැද්ද මඟ තොටේදී 

සිත්තරෙක් 
එහෙත්
පිරිමියෙක් 
ඩාවින්චිත්...

කුවේණිලා සාප දෙද්දී 
නුඹ විතරක් ඇයි නිහඬව 

ජීවිතයම හොරා ගත්ත 
ඩාවින්චිට ආදරේද 
ගෑනු අපි ඔහොමමයි 
මොනාලිසා.. 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00