ප්‍රවීණ චිත්‍ර සහ මූර්ති ශිල්පි ප්‍රියන්ත අබේසුන්දර මහතාගේ 03 වන ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ‘ස්වභාවී 3 කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පසුගිය සති අන්තයේදී පැවැත්වුණා.
ප්‍රියන්ත මහතාගේ අතින් නිමවුණු සුන්දර තෙල් සායම් සහ රේඛා චිත්‍ර බොහොමයක තේමාව වී තිබුනේ මෙරට ස්වභාවික පරිසරයේ සුන්දරත්වයයි. දක්ෂ ඡායාරූප ශිල්පියෙකු ද වන ප්‍රියන්ත මහතාගේ චිත්‍ර ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාවට මෙරට ප්‍රවීණ චිත්‍ර සහ ඡායාරූප ශිල්පීන් මෙන්ම කලාකාමීන් රැසක් සහභාගී වූ අතර අද අපේ event of the week පිටුව මෙලෙස වෙන්වන්නේ ‘ස්වභාවී 3 වෙනුවෙනි.
I Romesh Dhanushka Silva