අපේ අසල්වැසි භාරතය කියන්නේ ඈත අතීතයක් හිමි, සංස්කෘතියක් හිමි රටක්. හැබැයි ඉන්දියාව තුළ අදටත් තියෙන නොදියුණු හරිම ග්‍රාමීය චාරිත්‍ර වාරිත්‍ර ගැනත් නිතරම අහන්න දකින්න ලැබෙනවා. ඒ වගේ තවත් විශ්වාස කිරීමට අපහසු තරමේ සිද්ධියක් තමයි මුදල් වෙනුවට තම බිරිඳගේ අයිතිය වෙන මිනිහෙකුට පවරන ඉන්දියාවේ ස්වාමි පුරුෂයන්.
බැලූ බැල්මටම විශ්වාස කිරීමටත් අපහසු තරමේ දෙයක් වුණත් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් සහ ගුජරාට් වැනි ප්‍රාන්තවල නොදියුණු ගම්මාන ආශ්‍රිතව මේ කටයුත්ත බහුලව දකින්න පුළුවන්. ඔවුන් එසේ කරන්න හේතු දෙකක් තිබෙනවා. පළමුවැන්න තමා ආර්ථික දුෂ්කරතා. දෙවැනි හේතුව තමා ඒ ඒ ප්‍රදේශවල කාන්තාවන්ගේ ජනගහනය අඩුවීම.
මේ නිසා බොහෝ දිළිඳු ගැමියන්ට බිරිඳක් සිටීම තවත් දේපොළක් වැනි වත්කමක් බවට පත්වෙලා. කොටින්ම බිරිඳව කුලියට හෝ බද්දට දෙන එක ඔවුන්ගේ හොඳම ආදායම් මාර්ගයක් බවට පත්වෙලා.
පුදුමය කියන්නේ මේ විදිහට බිරිඳ කුලියට දීම හොර රහෙසේ සිදුවන්නක් නොවීමයි. ප්‍රසිද්ධියේ මුද්දරයක් පිට අත්සන් තබා ගිවිසුමක් පිට බිරිඳ වෙනුවට මුදල් හුවමාරු කරගැනීමේ අවස්ථාව ඉන්දියානු පුරුෂයන්ට පවතිනවා. වාර්තා වන ආකාරයට ඇතැම් අවස්ථාවලදී රුපියල් 500ක් වැනි පුංචි සොච්චම් මුදල්වලටත් බිරින්දෑවරු විකිණෙනවා. ඒකෙන් තේරෙන්නේ ඉන්දියානු ගම්වල තියෙන දිළිඳුභාවයම තමයි.
ගුජරාටයේ සිටින එක් දිළිඳු කම්කරුවකු තමන්ගේ බිරිඳව අවුරුද්දකට කුලියට දී තිබෙන්නේ ඉන්දියානු රුපියල් 8000කට යි. එය ඔහුගේ මාසික වැටුප මෙන් දස ගුණයක්ලු. එනිසා මාස කිහිපයක මුදල් එකවර සොයාගැනීම උපක්‍රමයක් විදිහට ඉන්දියානු පුරුෂයන් මේ ක්‍රමය භාවිතා කරනවා.
අනෙක් අතට මේ කාන්තාවන් තාවකාලිකව විවාහ කරගැනීමටත් ඕනෑ තරම් ධනවතුන් සහ වංශවතුන් සිටිනවා. කොහොම වුණත් තමන්ව භාරගන්න මිනිසා සමඟ නිදාගැනීමට මෙන්ම පවුලේ කටයුතු කිරීම, ළමයින් බැලීම, ඉවුම් පිහුම් ආදී රාජකාරි ගොඩක් කරන්නත් මේ කාන්තාවන්ට සිද්ධ වෙනවා.
අනික මාසයක හෝ අවුරුද්දක තමන්ගේ කොන්ත්‍රාත් කාලය අවසන් වුණාට පස්සේ අලුත් මිනිහෙක් ළඟට යාමටත් මේ ඉන්දියානු කාන්තාවන් සැදී පැහැදී සිටිය යුතුයි. කොහොම වුණත් පොලීසිය පවසන්නේත් මේ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බවත් සමාජය තුළ එය සාමාන්‍ය සම්ප්‍රදායක් ලෙස පවතින බවක්.
ඉන්දියාවේම වෙනත් පැතිවල තමන්ගේ දුව විවාහ කරදීම සඳහා රුපියල් ලක්ෂ කෝටි ගණනින් දෑවැදි ගෙවන්නට මව්පියන්ට සිදුවන මොහොතක ද කාන්තාවක් විවාහ කරගැනීම වෙනුවෙන් ස්වාමියාට රුපියල් 500ක් ගෙවන අවස්ථා ද වාර්තා වන්නේ මේ විදිහටයි. සුර ලෝකයක් අපායත් දෙකම දකින්න පුළුවන් තැනක් විදිහට ඉන්දියාව ප්‍රසිද්ධයි. කසාදය, පවුල් ජීවිතය කියන කාරණය තුළත් ඒ අන්ත දෙකම ඉන්දියාව තුළ වලංගුයි කියන දේ හොඳටම පැහැදිලියි.
asianetnews.com ඇසුරෙන්
► Text — Suranga