අවිනාශ්ට ඔහුගේ තාත්තා මිය ගිහිල්ලා කියලා මෘත දේහය ගුවන්තොටුපොළින් භාරගන්න කියලා කෝල් එකක් එනවා. ඔහු තාත්තාගේ මෘත දේහය භාර ගන්න එයාර්පෝට් එකට ගියත් මෘත දේහය එයාර්පෝර්ට් එකට එවලා නැහැ කියලා ඔහු දැනගන්නවා. අසරණ වෙලා අඬමින් ඉන්න ඔහුගේ උදව්වට එන්නේ තාන්යා. මේ දෙන්නා පොඩි කාර් එකකින් ගමනක් යන අතරතුර හොඳ හොඳ රසවත් සිදුවීම් ගොඩාක් වෙනවා
මේ කුලී රථයේ රියැදුරාගේ නම ශවුකත්. ඉතින් මේ තුන්දෙනා මුහුණපාන රසවත් සිදුවීම් මොනවද ඒවාට ඔවුන් දෙන විසඳුම් මොනවද? මේ හැම දේම දැනගන්නනම් අපිට 2018 අගෝස්තු 03 වැනිදා වෙනකම් බලා ඉන්න වෙනවා. මොකද මේ මම කිව්ව කතාව තියෙන කාර්වාන් කියන හාස්‍ය රසයෙන් පිරිච්ච හින්දි සිනමාපටය තිරගතවෙන්නේ ඒ දවසේ හින්දයි. අාකාර්ෂ් කුරානා අධ්‍යක්ෂණය කරලා තියෙන කර්වාන් හින්දි සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ රොනී ස්කෲවාලා සහ ප‍්‍රීතී රතී ගුප්තා. කර්වාන් හින්දි සිනමාපටයේ කතාව බෙජෝයි නාම්බියාර්ගේ වන අතර හාස්‍ය රසය පිරුණු තිරපිටපත ලියා තියෙන්නේ අකාර්ෂ් කුරානා. කර්වාන් හින්දි සිනමාපටයහි ප‍්‍රධාන චරිතය ශවුකත්ගේ චරිතයට පණ පොවන කෙනා ගැන කියන්නත් ඕනනේ. මෙන්න මේ සිනමාපටවල චරිතවලට පණ දුන්නු ඔහුව මතක් වෙනවද කියලා බලන්නකෝ.
Haasil (2003), Maqbool (2004), Metro (2007) Paan Singh Tomar (2011), Lunchbox (2013) Haider (2014), Gunday (2014), Piku (2015) Talvar (2015). Hindi Medium (2017), The Warrior (2001), The Namesake (2006), The Darjeeling Limited (2007), Slumdog Millionaire (2008), New York, I Love You (2009), The Amazing Spider-Man (2012), Life of Pi (2012), Jurassic World (2015) Inferno (2016).
1966 ජනවාරි 07 වැනිදා ඉන්දියාවේ රාජස්තාන්වල ජයිපූර්වල ඉපදුණු ඔහු නිෂ්පාදකයෙක් වගේම නළුවෙක්. ඔහු මේ වෘත්තිය පටන් ගන්නේ 1988 අවුරුද්දේදී. ඊට පස්සේ නැශනල් අවොර්ඩ්, ෆිල්ම් ෆෙයාර් සිනමා සම්මාන ඇතුළු සිනමා සම්මාන රාශියක තමන් සතු කරගෙන තියෙන ඔහු 1995 දී සුතාපා සික්දර් එක්ක විවහ වෙලා දරුවන් දෙන්නෙක්ම ඉන්න පියෙක්. ජාතික නාට්‍ය පාසලෙන් රංගනය ගැන හදාරලා තියෙන ඔහු සාහබ්සාදේ ඉර්ෆාන් අලී ඛාන් නමින් ඉපැදුණත් ඔබ අපි ඔහුව දන්නේ ඉර්ෆාන් ඛාන් කියන නමිනුයි. ඔහු හොලිවුඩ් සිනමාපටවලින් පවා අපිට දකින්න ලැබෙන දක්ෂ රංගන ශිල්පියෙක් කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ඒ වගේම ඉන්දියාවේ සිවිල් වැසියෙක්ට ලැබෙන ඉහළම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙනුත් ඔහු පිදුම් ලැබුවා.
ශවුකත් ගැන කිව්ව නිසා දැන් ඔබට අවිනාශ්ගේ චරිතයට පණ පොවන තරැණයා ගැන කියන්න ඕනනේ. මේ නළුවා 2012 වසරේදී එක් ෆිල්ම් ෆෙයාර් සම්මානයක් සහ කේරළා ස්ටේට් අවෝර්ඩ් සිනමා සම්මාන උළෙලෙන් සම්මානයකුත් තමන්ගේ නමට ලියා ගෙන තියෙනවා. 1984 ජූලි 28 වැනිදා ඉන්දියාවේ කේරළයේ කොචි කියන ප‍්‍රදේශයේදී උපන් ඔහු 2012 වසරේ පටන් සිනමාවට සම්බන්ධව කටයුතු කරන අතර 2011 වසරේදී අමාල් සුෆියා එක්ක විවාහයෙන් මර්යාම් සහ අමීරා කියලා දරුවන් දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්. ඔහු මෙන්න මේ සිනමාපටවලත් විවිධ චරිතවලට පණ පෙව්ව උපාධිධරයෙක්.
Ustad Hotel (2012). ABCD: American-Born Confused Desi (2013) Neelakasham Pachakadal Chuvanna Bhoomi (2013), Vaayai Moodi Pesavum (2014). O Kadhal Kanmani (2015).
කර්වාන් හින්දි සිනමාපටයේ අවිනාශ්ගේ චරිතයට පණ පොවන්නේ දුල්කියර් සල්මාන්. අවිනාශ්ගේ සහායට ඉන්න තරුණිය තාන්යාගේ චරිතයට පණ පොවන්නේ කවුද කියලා ඔබත් එක්ක බෙදා හදා ගන්නටයි මේ සූදානම. 2017 මුම්බායිහි පැවැත්වූ ෆෙමිනා වුමන් අවෝර්ඩ් එක හිමි කර ගත්තේ මෙන්න මේ කියන්න හදන සුන්දර රූ සපුවකට උරුමකම් කියන මෙන්න මේ කෙල්ල තමයි. 1993 ජනවාරි 12 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ මුම්බායිවලදී උපත ලැබූ ඇය 2013 දී මාස් මීඩියා ඩිග‍්‍රි එක ලබා ගන්නවා. ඇය නිළියක්, ගායිකාවක් සහ යූටියුබර් කෙනෙක් විදියට වෘත්තිය ජීවිතයක නිරත වෙන බව තමයි කියන්නේ. ඇය කෙටි චිත‍්‍රපට සහ තවත් සිනමාපට කිහිපයක විවිධ චරිතවලට පණ පොවලා තියෙන අතර ඇයගේ නම මිතිලා පාල්කර. මිතිලාට අමතරව ඉර්ෆාන් ඛාන් එක්ක කර්වාන් හින්දි සිනමා පටය හැඩ කරන්න ක‍්‍රිටී ඛර්බන්ඩා, අමලා අක්කීනේනී, ප‍්‍රිටි රතී ගුප්තා ඇතුළු හින්දි සිනමාව හැඩ කරන නළු නිළියන් කිහිප දෙනෙක්ම මේ සිනමාපටයේත් විවිධ චරිතයන්ට පණ පොවලා අපිව හිනස්සවන්න උත්සාහ කරනවා.
කර්වාන් හින්දි සිනමාපටය සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ ප‍්‍රතීක් ඛුහාඩ්, අනුරාග් සාකියා, ස්ලෝව්චේතහ්, ඉමාද් ශාහ කියන කට්ටිය විසින් වන අතර ටී සිරීස් කියන ආයතනයෙන් තමයි ප‍්‍රවර්ධන කටයුතු කරන්නේ. 2018 ජුනි 27 වැනිදා ඉඳලා අන්තර්ජාලයට මේ සිනමාපටයේ පූර්ව ප‍්‍රචාරක පටය නැරඹුවනම් ඔබටත් 2018 අගෝස්තු 03 වැනිදා ඉඳලා කර්වාන් හින්දි සිනමාපටය නැරඹීමට හැකියාව තියෙනවා.
► Translation — Chandana Waravitage