වාසුදේව ශාස්ත‍්‍රී කියන්නේ කාත් කවුරුවත් නැතුව අනාථයෙක් විදියට හැදෙන කෙනෙක්. අනාථ දරුවෙක් වුණත් ඔහුගේ මනසනම් ගොඩාක් ඉහළ මට්ටමක තිබුණා. ඔහුට තිබුණේ අති විශිෂ්ට මොළයක්. අන්න ඒ හින්දම වාසුදේව ශාස්ත‍්‍රී කියන අද මම ඔබට කියන තරුණයා ඉන්දියාවේ ආර්ස්කදාව වෙනුවෙන් මනා සේවයක් කරන..... රෝ ඔත්තු සේවයට සම්බන්ධ වෙලා ඒකේ නිලධාරියෙක් විදියට වැඩ කරනවා. එක දවසක් ඔහුගේ කණ්ඩායමට පැවරිලා තියෙන වැඩක් කරමින් සිටින අතරතුර ඔහුගේ කණ්ඩායම අපරාධකරුවන් පිරිසක් විසින් සහමුලින්ම මරා දමනවා. ඉතුරු වෙන්නේ වාසුදේව ශාස්ත‍්‍රී විතරයි. තමන්ගේ පිරිස මරා දැම්ම අයගෙන් පළිගන්න වාසුදේව හදනවා අති විශිෂ්ට සැලසුමක්. මේ සැලසුම පියවරෙන් පියවර සාර්ථක කර ගනිමින් ඉන්න වාසුදේවට තමන්ගේ ප්‍රේමවන්තිය නන්දිනී චවුහාන්ව හැම වෙලාවෙම මතක් වෙනවා.
කොච්චර මතක් වෙනවද කියනවානම් ඔහුට ඇයව අමතක කරන්නම බැහැ. තමන්ගේ ඉස්සරහම ඉන්නවා වගෙත් මැවිලා පේනවා. කොහොමද කතාව ලස්සනයි වගේ නේද? මේ කතාව හරි විදියටම රස විඳින්නනම් ඔබට 2018 අගෝස්තු 24 වැනිදා සිට තිරගත වුණු අනිල් ශර්මා විසින් අධ්‍යක්ෂණය කරන ලද ජීනියස් කියන හින්දි සිනමාපටය නරඹන්නටම වෙනවා. කේසී ශර්මා සහ දීපක් මුකුත් විසින් නිෂ්පාදනය කරලා තියෙන ජීනියස් හින්දි සිනමාපටය අනිල් ශර්මා ලිව්වට පස්සේ තිර රචනය සුනිල් සිර්වයියා සහ අම්ජාඩ් අලි විසින් සිදු කරලා තියෙනවා. ජීනියස් හින්දි සිනමාපටයෙහි කතාව අනිල් ශර්මාගේ වන අතර මේ සිනමපටයෙහි පසුතල සංගීතය මොන්ටි ශර්මා විසින් සිදු කරලා තියෙනවා. දැන් ඔබට මේ සිනමාපටයේ චරිතවලට පණ පොවන කට්ටිය ගැන කියන්නයි හදන්නේ. වාසුදේව ශාස්ත‍්‍රී හෙවත් ජීනියස්ගේ චරිතයට පණ පොවන ඔහු ගැන මුලින්ම කියලා ඉන්නම්. 1994 මැයි 22 වැනිදා ඉන්දියාවේ මුම්බයිවලදී ඉපදිලා තියෙන ඔහු මුලින්ම ගඩාර් ඒක් ප්‍රේම් කතා කියන හින්දි සිනමාපටයේ ළමා නළුවෙක් විදියට හින්දි සිනමාවත් එක්ක එකතුවෙලා තියෙන අතර 2011දී ඔහු ජීතේයී කියන හින්දි සිනමාපටයේ සනී ඩියෝල්ගේ පුතා ලෙසින් රඟපානවා. ඔහු ඉන් පස්සේ සිනමාව ගැන උපාධියත් අරගෙන අවසන් කරලා තමයි ආපහු සිනමාවට සම්බන්ධ වෙන්නේ. නමින් උට්කර්ෂ් ශර්මා වන ඔහු ජීනියස් සිනමාපටයේ අධ්‍යක්ෂක අනිල් ශර්මාගේත් ගෘහණියක් වන සුමන් ශර්මගේ එකම පුතා වන අතර ඔහුට සංගීතවේදීයෙක් වන කයිර්වියානා ශර්මා නමින් එක සහෝදරියකුත් ඉන්නවා.
වාසුදේව ගැන කිව්වට පස්සේ අපි ඔබට ඔහුගේ ප්‍රේමවන්තිය නන්දිනී චවුහාන් ගැනයි මේ කියන්නේ. 2005 ඉඳන් සිනමාවට සම්භන්ධ වෙලා ඉන්න ඇය අමෙරිකා එක්සත් ජනපදයේ හදුනු වැඩුණු පදිංචිකාරියක් වන අතර නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක් ද වෙනවා. ළමා කාලයේදීම සිනමාවට සම්බන්ධ වුණු ඇය ආප් කා සරෑර් කියන සිනමාපටයේ තමයි මුලින්ම චරිතයකට පණ දෙන්න එකතු වෙලා තියෙන්නේ. ඊට පස්සේ හයිජැක්, ආශා බ්ලැක් කියන සිනමාපටවලට පස්සේ ජීනියස් සිනමාපටයෙන් අපිට දකින්න ලැබෙන ඇයගේ නම ඉෂිතා චවුහාන් වන අතර ඇය ඉෂිතා සහ ආශා නමිනුත් ඉන්දියාව තුළ ජනප‍්‍රිය චරිතයක්. නන්දනීගේ චරිතය ගැන කිව්වට පස්සේ ඔබට අපි කියන්න හදන්නේ ගැන්ස්ටර් ශාහ නැත්නම් මේ ජීනියස් සිනමාපටයෙහි චණ්ඩියාගේ චරිතයට පණ පොවන ඔහු ගැනයි. මෑත කාලයේ බිහිවුණු දක්ෂ ශිල්පියෙක් විදිහට මේ ලිපිය ලියන මම ඔහුව දකින අතර ඔබත් ඔහුගේ මෙන්න මේ කියන සිනමාපට නරඹලා තියෙනවනම් ඔහු කවුද කියන එක වගේම ඔහුගේ දක්ෂතා ගැනත් අපි අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
1999 Sarfarosh, Shool (1999), Jungle (2000), Munnabhai MBBS (2003). 2009, Dev D ,New York (2009), The Kite (2012), Kahaani (2012), Gangs of Wasseypur 2013, Aatma, 2012 Talash, 2014Kick.
1974 මැයි 19 වැනිදා ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ්හි බුධානා කියන ප‍්‍රදේශයේදී උපත ලද ඔහු 1999 ඉඳන් සිනමාවට සම්භන්ධ වෙලා ඉන්නවා. විද්‍යා විශේෂවේදී උපාධිධරයෙක් වන ඔහු නමින් නවාසුදීන් සිද්දීක් වන අතර ඔහුගේ බිරිඳ අන්ජලී සිද්දීක්. නවාසුදීන්ට දරුවන් දෙදෙනෙක් ඉන්න අතර නවාසුදීන් තමයි මේ ජීනියස් කියන් සිනමාපටයේ ගැන්ස්ටර් ශාහගේ චරිතයට පණ පොවන්නේ. දේව්රාජ් මාතූර් කියන්නේ ජීනියස් සිනමාපටයේ තියෙන තවත් ප‍්‍රභල චරිතයක්. සිනමාපට 350ට අධික ප‍්‍රමාණයක් සඳහා තමන්ගේ රංගනයෙන් දායකත්වය දීලා තියෙන ඔහු තමයි මෙන්න මේ සිනමාපටවලත් විවිධ චරිතවලට පණ දුන්නේ.
Suraksha, Saahas, Wardat, Pyar Jhukta Nahi, Disco Dancer, Agneepath. Tahader Katha (1992) Swami Vivekananda (1998Mrigayaa (1976), Mera Rakshak,Surakshaa (1979), Hum Paanch (1980).1982, Disco Dancer 1985 ‘Pyar Jhukta Dil Diya Hai (2006), Kalpana Lajmi’s Chingaari (2005).2009 Zor Lagaa Ke...Haiya! Veer, (2010) Golmaal 3 (2010), 2012, Housefull 2, OMG – Oh My God!
1950 ජුනි 16 වැනිදා දැන් බංගාලාදේශය නමින් හඳුන්වන ප‍්‍රදේශයේදී තමයි ඔහු ඉපදිලා තියෙන්නේ. 2013 ඉඳන් ඕල් ඉන්ඩියන් ටි‍්‍රනමූල් කොන්ග‍්‍රස් පක්ෂය නියෝජනය කරන දේශපාලකයෙක් වන ඔහු දරුවන් 04 දෙනකුගේ පියෙක් වන අතර මිතුන් දා යන සුරතල් නාමයෙන් තමයි හින්දි සිනමා ක්ෂේත‍්‍රයේදී හඳුන්වන්නේ. නැශනල් ෆිල්ම් අවෝර්ඩ්, ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු සිනමා සම්මාන රාශියකින් පිදුම් ලබා තිබෙන ඔහු තමයි හින්දි තිරයේ රූප රාජිනිය ශ්‍රී දේවිගේ කලින් සැමියා මිතුන් චක‍්‍රබෝර්තී. ඔව් මිතුන් චක‍්‍රබෝර්තී තමයි දේව්රාජ් මාතුර්ගේ චරිතයට පණ දෙන්නේ. ඔය කිව්ව කට්ටියට අමතරව අයේශා ජුල්කා, සකීර් හුසේන්, මලතී කච, අභිමන්‍යයු සිං, කේ කේ රයිනා, දේව් ගිල්, අමිත් ගුප්තා, ගෞරව් ශින්දේ, පාරැල් ශර්මා කියන කට්ටියම ජීනියස් සිනමාපටයේ විවිධ චරිතවලට පණ පොවලා තියෙනවා.
ජීනියස් හින්දි සිනමාපටයේ තියෙන ගීතවල සුන්දර පද ගලපලා තියෙන්නේ කුමාර්, මනෝජ් මුන්තශීර් සහ ශබ්බීර් අහමඩ් වන අතර ඒ සුන්දර ගී පද හැඩ කරන්න සප්ත ස්වරය මුසු කරලා තියෙන්නේ හිමේශ් රෙශාමිය වන අතර තමන්ගේ රමණීය හඬින් ඒවාට පණ දීලා තියෙන්නේ අර්ජිත් සිං, අතීෆ් අස්ලාම්, හිමේශ් රෙශාමියා, නිතී මෝහන්, විනිත් සිං, ජුබින් නවුටියල්, ශබ්බීර් අහමඩ්, දේව් නේගී, ඉක්කා සිං, ලූලියා වෙන්චර් සහ පායල් දේව් විසිනුයි. තවත් මනරම් හින්දී සිනමාපටයටක තතු විත්ති ලබන සතියේදී.
Translation — Chandana Waravitage