අපේ ප්‍රවීණ කලා ශිල්පියෙක්ගෙ කාරෙකේ ටයරයේ හුළං ගිය නිසා මරදාන පැත්තෙ කඩේකට ගිහින් පැච් එකක් දාගන්න. කම්බි එළියට පැනලා තියෙන නිසා පැච් දාන්නත් බෑ අලුතින්ම ටයර් දාන්න ඕනෙලු. එකක් දාලා බැහැනෙ, පිටිපස්සට අලුතින් ටයර් 2ක්ම දාන්න ඕනෙ. අමතර SPACE වීල් එක දාගෙන ඔන්න දැන් මේ නළුවා ටයර් ගන්න පුළුවන් කඩයක් හොයාගෙන ටෙක්නිකල් හන්දියෙන් සංඝරාජ මාවතට දැම්මලු. ටික දුරක් එනකොට දකුණු පැත්තෙ ටයර් කඩයක්.
ආ මහත්තයා එන්න ටයර් දෙකක්ම දානවද?
කෝ බලන්න මොනවද තියෙන්නෙ හොඳ ටයර්? නළුවා ඇහුවලු.
ඔහුට හොඳ අලුත් ටයරයක් පෙන්නලා ගාණත් කතා කරගත්තා ටයර් දෙකක් දාන්න.
කඩෙන් එළියට බැස්ස ගමන් ගෝලයො දෙන්නෙක් ජැක් එක දාලා රෝද දෙකත් ගලවලා. ඒ අතරතුර කඩේ දෙන්නෙක් මේ නළුවා එක්ක ලොකු කයියක් දාගෙන ඉන්නවලු චිත්‍රපට ගැන, ටෙලිනාට්‍ය ගැන. එකපාරටම නළුවා කාර් එක දිහා බැලුවලු. තාම ටයර් දෙක දාලා නෑ.
අයිසෙ ටයර් දෙක දාලා නැද්ද තාම, මට දැන් ෂූටිං යන්නත් පරක්කු වෙනවා. කෝ මුදලාලි? මුදලාලි පේන්න නැහැලු.
නෑ සර් ඒකට ටයර් එකක් අඩුවෙලා ළඟ කඩේට ගියා ගේන්න දැන් එයි.
පැයක් ගිහිල්ලත් මුදලාලි නැහැල්ලු. කාර් එක කොට උඩ.
බැලින්නම් මේ නළුවා එතන ටයර් ගේම් දෙන කට්ටියකට අහුවෙලා තියෙන්නෙ.
ඒගොල්ලො අලුත් ටයර් පෙන්නලා ආමර් වීදියෙන් නැවත පුරවපු - ටයර් ගෙනල්ලා අලුත් ඒවා විදිහට හයිකරනවලු. මේ නළුවා කෑගහලා අර පරණ ටයර් දෙකම ආයෙත් හයිකරන්න කිව්වලු.
පැය දෙකක් ගිහිල්ලත් අර ළඟ කඩේට ගිය මුදලාලි තාම ආවෙ නැතිලු.
එක්තරා ටෙලිනාට්‍යයක රුපගත කිරීම් ඉවර කරලා කට්ටිය ගෙවල්වල බස්සන කොට හොඳටම එළිවෙලාලු. වෑන් එකේ ඉස්සරහම සීට් එකේ වාඩිවෙලා ඇවිත් තියෙන්නෙ ඒකෙ තිරකතා රචකයාලු. වාහනේට ඉදිරියෙන් යන ත්‍රීවිල් රථයක ගහලා තිබෙන ස්ටිකර් එකක් දිහා බලාගෙන අපූරු කතාවක් කිව්වලු.
ඔන්න බලන්න අර ත්‍රීවීල් එකේ පිටිපස්සෙ ගහලා තියෙන මසුරන් කියමන. ඒක අපිටනම් හරියටම ගැළපෙනවා.
රියැදුරු මහත්තයා මෙයාව තව පොඩ්ඩක් අවුස්සන්න හැදුවලු.
ඇයි මහත්තයෝ එහෙම කියන්නෙ. මහත්තයට මොනවයින්ද අඩුවක් කරලා තියෙන්නෙ?
අඩු? මොනවයින්ද අඩු? අපේ ගණන් හිලව් තමයි මේ කට්ටිය අඩු කරන්නෙ. මමත් අලුත් නිළියක් වුණානම් අපිටත් මූණ දිහා බලලා ගණන් වැඩි කරයි. ඔය ත්‍රීවීල් එකේ ගහලා තියෙන කියමන තමයි අයිසෙ අපිටත් කියන්න තියෙන්නෙ...
අපි බොක්කෙන්, අපට බෙලෙක්කෙන්...
මේ දිනවල රූපගත කිරීම් සිදුකරන ටෙලිනාට්‍යයකට සම්බන්ධ කෝකිවරයකු ගැනයි මේ කතාව. කොහෝ ගියත් මේ ටෙලිනාට්‍ය කණ්ඩායමේ නිත්‍ය කෝකිවරයා ඔහු වීම නිසා ඔහු කාගෙත් විශ්වාසය දිනාගෙන තියෙනවා.
පසුගිය දවසක ඔහුට අසනීපවෙලා වෛද්‍ය උපදෙස් අනුව විවේක ගන්න සිද්ධවෙලා. ඒත් ඔහුගේ කැපවීමේ තරම කොච්චරද කියනවානම් ඔහුගේ රාජකාරිය පැහැර හැරියෙ නැහැ. ඒත් එදා දවල් කෑම මේසෙට බෙදලා තිබුණෙ නැති නිසා කට්ටිය පොඩ්ඩක් කලබලවෙලා.
“අපේ කුක්ට අසනීප නිසා දොස්තර කියලලු බෙඩ් රෙස්ට් ගන්න. ඉතින් කොහොම හරි කෑම උයලා තියෙනවා. ඒත් මේසෙට බෙදන්න බැහැලු.
“ඒක මාර කතාවක්නෙ උයන්න පුළුවන්නම් ඇයි මේසෙට යවන්න බැරි. එහෙනම් අපිද කුස්සියට ගිහින් බෙදාගන්න ඕනෙ? මළ පැනපු එක නළුවෙක් ඇහුවලු.
එක්තරා ටෙලිනාට්‍යයක රෑපගත කිරීම් ඉවර කරලා කට්ටිය ගෙවල්වල බස්සන කොට හොඳටම එළිවෙලාලු. වෑන් එකේ ඉස්සරහම සීට් එකේ වාඩිවෙලා ඇවිත් තියෙන්නෙ ඒකෙ තිරකතා රචකයාලු. වාහනේට ඉදිරියෙන් යන ත්‍රීවිල් රථයක ගහලා තිබෙන ස්ටිකර් එකක් දිහා බලාගෙන අපූරු කතාවක් කිව්වලු.
ඔන්න බලන්න අර ත්‍රීවීල් එකේ පිටිපස්සෙ ගහලා තියෙන මසුරන් කියමන. ඒක අපිටනම් හරියටම ගැළපෙනවා.
රියැදුරු මහත්තයා මෙයාව තව පොඩ්ඩක් අවුස්සන්න හැදුවලු.
ඇයි මහත්තයෝ එහෙම කියන්නෙ. මහත්තයට මොනවයින්ද අඩුවක් කරලා තියෙන්නෙ?
අඩු? මොනවයින්ද අඩු? අපේ ගණන් හිලව් තමයි මේ කට්ටිය අඩු කරන්නෙ. මමත් අලුත් නිළියක් වුණානම් අපිටත් මූණ දිහා බලලා ගණන් වැඩි කරයි. ඔය ත්‍රීවීල් එකේ ගහලා තියෙන කියමන තමයි අයිසෙ අපිටත් කියන්න තියෙන්නෙ...
අපි බොක්කෙන්, අපට බෙලෙක්කෙන්...
කොළඹින් බැහැර පළාතක අලුත්ම චිත්‍රපටයක වැඩ කරගෙන යනවලු. මාසයක් වගේ ෂූටිං නිසා කට්ටිය නැවතිලා ඉන්නෙත් ඒ අහල පහල ලොජ් දෙකක.
පසුගිය දවසක නිෂ්පාදකවරයා ආවලු එයාගෙ යාළුවො කට්ටියක් එක්ක ෂූටිං බලන්න. එහෙම එන දවස්වලට නිෂ්පාදන කණ්ඩායමත් උනන්දුවෙන් වැඩ කරනවලු. එදාට ඉතින් කෑම බීමත් සුපිරියි.
දවල් කෑමෙන් පස්සෙ කන්න පළතුරැ ටිකක් හොයාගන්න බැරිවුණ නිසා, නිෂ්පාදන කළමනාකරැ එයාගෙ ගෝලයෙක්ව යැව්වලු කොහෙන් හරි පළතුරු ටිකක් අරන් එන්න කියලා.
ඔන්න පැයකට විතර පස්සෙ අඹයි කෙසෙල් ගෙඩියි හොයාගෙන කොල්ලා ආවලු. බිල දුන්නලු නිෂ්පාදන කළමනාකරුට.
ඈ බං මල්ලි, උඹ මේ පළතුරැ ගත්තෙ ගරාජ් එකකින්ද? මේ බිල ගරාජ් එකකින් දීපු එකක්නෙ.
ආ ඔව් අයියෙ මේ අල්ලපු ගමේ පළතුරු කඩේ. ඒගොල්ලන්ගෙම ලොකු ගරාජ් එකක් තියෙනවා ළඟ පාතක. පළතුරු කඩේට වෙනම බිල් පොතක්, රබර් සීල් එකක් නැති හින්දා අර ගරාජ් බිල තමයි දෙන්නෙ පළතුරු ගන්න අයටත්..., ගෝලයා කිව්වලු.
පසුගිය දවසක අපි ලිව්වා මතකද විවිධ භාණ්ඩ විකිණීම සඳහා පාවිච්චි කරන්න සුදුසු ගීත ඛණ්ඩ ගැන. අර ජනප්‍රිය ඩබල් බනිස්වලට යෝජනා කරලා තිබුණෙ සංසාරේ අපි එකට ඉමු කියලා.
ඔන්න අපේ ගොසිප් කියවන රසික හිතවතෙක් ඒකට සම්බන්ධ තවත් ගීත යෝජනාවක් එවලා තියෙනවා. මේ සින්දු පාවිච්චි කරන්න සුදුසු වෙන්නෙ ඇස් කණ්ණාඩි ව්‍යාපාරයකට.
තරහා වනු එපා - අයදිමි මා සමා
ඔබ හා මා කතා කළේ - මගෙ යෙහෙළියකයැයි සිතා
ඔබ ඈ වාගෙමයි...
Text – Mithra