ආයුබෝවන්ඩ... කිව්වා...
අපි හිටියේ ඔහුගේ කාර්යාලය ඉදිරිපිට...
මාලඹේ නගරය පහුකරලා... ටික දුරක් ඉස්සරහට ගිය තැන.
වෙනස්ම පරිසරයක් නිහඬයි... නිස්කලංකයි....
එයා අපි පිළිගත්තේ නිරහංකාර සිනාවකින්.
අපි මුණගැහෙන්න ගිය ඔහු තරැණ අධ්‍යක්ෂකවරයෙක්, ඒ වගේම තිර රචකයෙක්, දක්ෂයෙක්...
අපි ඔහුව මුලින්ම හඳුනාගත්තෙ සිංහාවලෝකනයේ අධ්යක්ෂවරයා සහ තිර රචකයා විදියට. මේ දවස්වලත් ඔහු ගැන හුඟ දෙනෙක් කතා කරනවා. මොකද ඉදිරියට එන්න තියෙන ආන්දෝලනාත්මක චිත්‍රපටයක හිමිකාරයා ඔහු නිසා...
කියන්නද නම.....සුනෙත් මාලිංග ලොකුහේවා...
වචන ඇතුළට කිඳාබැහැලා.... කැමරාවේ ඇක්ෂන් කට් එක්ක හිටපු සුනෙත්ට පුංචි මොහොතක් ගන්න ඉඩසලසමින් මම ආගිය කතාවලින් වැඩේ පටන් ගත්තා...
පහුගිය දවස් ටිකේ ඉඳලම මේ දක්වාම ටිකක් කාර්යබහුලයි. මොකද මගේ අලුත් ෆිල්ම් එක නිදහසේ පියා ඩී.එස්. තිරගත වෙන්න තව ටික දවසයි... ඒකේ ප්රචාරක කටයුතුත් එකක් තමා මේ දවස්වල කාලය ගතවෙන්නේ... සාමාන්‍ය විදියට ජීවිතය හෙමින් ගලා යනවා...
සරල විදියට උත්තරයක් දුන්නා...
සුනෙත් කියන්නේ හැකියාවන් ගොඩක එකතුවක්. ඒ වගේම හොඳ රසවින්දනයක් තියෙන කලාකරුවෙන්. මම හිතනවා මම එහෙම කීවොත් හරි කියලා.
කියමුද බලන්න හිතට තදින් වැදුණු නිර්මාණයක විස්තර ටිකක්... හැබැයි ඒක සුනෙත්ගේ නිර්මාණයක් වෙන්නම බෑ...
හරි...
ඒ තමයි සුනෙත්ගේ පිළිතුර....
මම කැමතිම නිර්මාණයට තෝරගන්නෙ චිත්‍රපටයක්.
සාමාන්‍යයෙන් මම වැඩිපුර චිත්‍රපට බලන කෙනෙක්... මේ වෙනකොට චිත්‍රපට දහ දොළොස්දාහකට වැඩිය
අනිවාර් යෙන්ම බලලා ඇති. මෙච්චර කාර්යබහුල වෙලත් මේ අවුරුද්දට මම චිත්‍රපට එක්සිය පනහක් විතර බලලා තියෙනවා මේ වෙද්දි. එහෙම චිත්‍රපට බලනකොට හරි අමාරුයි කැමති චිත්‍රපටය මේකයි කියලා එකක් තෝරගන්න... ඒත් මේ වකවානුවේ මම ගොඩාක් කැමති සත්‍ය සිදුවීම් ඇසුරින් කරපු චිත්‍රපටවලට. මම මෑතක බලපු හිතට වැදුණු ලස්සන නිර්මාණයක් තියෙනවා Loving Pablo. ඒ චිත්‍රපටය ගෙතෙන්නේ ෆැබ්ලෝ ස්කොබා කියන ලෝකේ හිටපු ලොකුම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාගේ ජීවිත කතාව වටා.
ගොඩක් චිත්‍රපට බලලා තියෙන සුනෙත්ට loving Pablo චිත්‍රපටයේ මෙච්චරම තියෙන විශේෂත්වය මොකක්ද?
ටික වෙලාවක නිහැඬියාවකින් පසුව දිග කතාවකට සුනෙත් ආරම්භය තිබ්බා...
මෑත කාලේ ආපු The 15:17 to Paris, 7 Days in Entebbe වගේ චිත්‍රපටත් සත්‍ය කතා තමා... ඒවත් එකක් ගත්තාම Loving Pablo චිත්‍රපටයට මම වැඩිපුර කැමැත්තක් දක්වන්නෙ ෆැබ්ලෝ ස්කොබා කියන චරිතය ගැන මම ලොකු අධ්‍යනයක් කරපු නිසා. සාමාන්‍යයෙන් Truth story එකක් බැලුවට පස්සේ ඒ චිත්‍රපටය මට ගොඩක් දැනුණොත් ඒ චරිතය ගැන අධ්‍යනයක් කිරීමේ පුරුද්දක් මට තියෙනවා...
මේ චිත්‍රපටයට මගේ හිත යන්න තව හේතුවක් තමා මේකෙ රඟපාන ප්‍රධාන නළුවා වන ජෙවර් බ්රැර්ඩම්, ෆැබ්ලෝ ස්කොබා කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයාගේ චරිතය ඉතාමත්ම සාර්ථකව රඟපානවා. ඇත්තටම හිතාගන්නවත් බෑ... මෙහෙම ජාවාරම්කාරයෙක් ලෝකයේ හිටියදවත්ද කියලා.. ඔහු මත්ද්‍රව්‍ය විකුණලා කොච්චර වත්කමක් උපයගත්තද කියනවනම් හොයපු සල්ලි බැංකුවල දාන්න බැරි තරමට සල්ලි හෙව්වා... ඔහු ඒවා පොළොවේ වැළලුවා, ගබඩා කාමරවල හැංගුවා.
ඔහුගේ නමට ගෙවල් අටසීයකට වැඩි තිබුණා... ඔහුගේ ප්‍රධාන නිවසේ රටවල් දාහකින් ගෙනාපු සත්තු දාහක පෞද්ගලික සත්තුවත්තක් තියෙනවා.. ඔහුට විතරක් පාවිච්චි කරන්න පුළුවන් ගුවන්තොටුපොළක් තියෙනවා... ඔහුගේ ගබඩාවලින් අවුරුද්දකට ඩොලර් මිලියන පන්සීයක මුදලක් මීයෝ කනවා... ඒක ලංකාවේ ඉන්න ධනවත්ම කෝටිපතියාගේ මුදල්වලින් බාගයක් විතර... ඒකාලෙ වෙනකොට ලෝකේ තිබුණු සමස්ත මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සීයට අසූවක් විතර ෆැබ්ලෝ ස්කොබා තමා පාලනය කරලා තිබුණේ...
තව එක සිදුවීමක් වෙනවා.. එක්තරා අවස්ථාවක මෙයාව හිරබාරයට ගන්න තීරණය වෙනවා.. ෆැබ්ලෝව පාලනය කරන්න කොච්චර අමාරුද කියනවා නම් ඒ රටේ පොලීසියට සිද්ධවෙනවා ෆැබ්ලෝට ඕන විදියට හිරේ හදාගෙන සිරගත වෙන්න ඉඩදෙන්න... ඔහු හිරේ හදනවා කොහොමද දන්නවද සුපිරි තරුපහේ හෝටලයක් විදියට.. යකඩ වැටක් වටේට දාලා හමුදාවට සිරගෙදර ඇතුළු එන්න බැරි විදියට එය නිර්මාණය කරවගෙන තිබුණා. මේවා ඇත්තට අපිට හිතාගන්නවත් බැරි සත්‍ය දේවල්.
මගේ හිත තවත් හේතුවක් තමා මේ චිත්‍රපටයේ තිරරචනය. ෆැබ්ලෝගේ ජීවිත කතාව ඒ විදියට තිරරචනය කරලා තිබීම හරිම සුවිශේෂයි. මේ චරිතය කොච්චර ජනප්රියවෙලාද කියනවා නම් නාකෝස් කියන ටී.වී. සීරිස් එක පවා මේ චරිතය ඇසුරින් නිෂ්පාදනය වෙනවා.
ඔබ කී වතාවක් ඔබ මේ චිත්‍රපට බැලුවද?
මම මේ චිත්රපයට දෙවතාවකට වැඩිය බලලා ඇති...
ඔබට හෘද සංවේදිතාව වැඩියෙන්ම දැනුණු රෑප රාමු කිහිපය සිහියට නගමුද?
එක අවස්ථාවක තියෙනවා ෆැබ්ලෝව පොලිසියට අල්ලන්නම බැරි. එතකොට පොලිසිය කරන්නේ ෆැබ්ලෝගේ පවුලේ අයව හෝටලයක නවත්වලා තියෙනවා. ඒ මොහොත වෙනකොට ෆැබ්ලෝට මෙක්සිකෝව ඇතුළේ කරන්න බැරිදෙයක් නෑ. එච්චර බලයක් ඔහුට තිබුණා. අවසානයේදී තීරණය කරනවා තමන්ගේ පවුල බේරගන්න පොලිසියට බාරවෙන්න. ෆැබ්ලෝ පවුල නවත්වල තියෙන හෝටලයට කෝල් කරනවා. පුතා කියනවා ෆැබ්ලෝට ඔයා දන්නවා නේද මේ කෝල් එක පොලීසියෙන් අහගෙන ඉන්නෙ කියලා... ඔබ ඔය කරන වැඩෙන් ලේසියෙන් පොලීසිය ඔබ ඉන්න තැන දැනගන්නව කියලා පුතා දුරකතනය කට් කරනවා... ඒත් ෆැබ්ලෝ ආයිත් කෝල් කරනවා... අන්න ඒ වෙලාව හරිම හැඟීම්බර අවස්ථාවක්... මෙච්චර ප්‍රබල චරිතයක් තමන්ගේ දරු දෙදෙනා සහ බිරිඳ වෙනුවෙන් සියල්ල අතහරින මොහොත හරිම සංවේදීයි. ඊට ටික මොහොතක පස්සේ එයා ඉන්න ලොකේෂන් එක පොලීසියෙන් වට කරනවා. අන්න ඒ මොහොත මට ගොඩක් දැනුණා...
මේ නිර්මාණය කොහොමද සුනෙත්ගේ ඇස ගැටුණේ....
මම කොහොමත් ෆිල්ම් ගොඩක් බලන කෙනෙක් නිසා මම නිතර ෆිල්ම් ගන්න ඩීවීඩී ෂොප් එකක් තියෙනවා. එයාලා දන්නවා මම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් කියලා. ඒ නිසා එයාලා මට බලන්න දෙන්නේ හොදටම හොඳ නිර්මාණ විතරයි... අන්න ඒවගේ හම්බුණු ෆිල්ම් එකක් තමා... මේක.
මේ චිත්‍රපටයෙන් අවසානයේ ඔබට දැනුණු දේ පොඩ්ඩක් කියමුද බලන්න.....
මට ඇත්තට හිතුණේ, මොනතරම් මුදල් බලය තියෙන කෙනෙක් වුණාත් තමන්ට ඕන විදියට හැමදෙයක් කරන්න බෑ කියන එක. ෆිල්ම් එකේ එක වෙලාවක ෆැබ්ලෝ උත්සාහ කරනවා රටේ රජය පවා පාලනය කරන්න... ඔවුන්ගේ ජාවාරම කරන්න දෙනවනම් මෙක්සිකොවේ තියෙන සියලු විදේශ ණය පවා ගෙවන්න පවා ඔවුන් ඉදිරිපත් වෙනවා. මොනතරම් බලවතෙක් වුණත් ජීවිතේ මොනම වෙලාවක හරි වැරදි මාර්ගයක ගියොත් අවසානයේ පරාජය තමා හිමි වෙන්නේ... අනිත් කාරණාව තමා මොනතරම් සමාජය පිළිකුල් කරන ජරා මනුස්සයෙක් වුණත් තමන්ගේ පවුල, දරුවන්ගේ නිදහස වෙනුවෙන් ඕනම දෙයක් කැපකරන්න පැකිලෙන්නෙ නැහැ... දෙපාරක් හිතන්නෙ නෑ. එක හොඳටම ඔප්පු වෙන කතාවක් තමා මේක..
සුනෙත් කතාවට තිත තිබ්බා...
මිනිස්සු සතුට වෙනුවෙන් එකතුකරන හුඟක් දේවල් අවසානයේදී දුකටම හේතුවෙන්න පුළුවන් නේද කියලා මට හිතුණා....
ඔයාට...?