2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

කුමට කවිකම් ඇඳුරු නැති සඳ 
ලියූ කවි පද රස විඳින්නට 
ජීවිතේ මගෙ නොවන  පිටුවක 
නුඹේ බෝසත් කඳුළු දුටුවා

රාත්‍රිය රුදු හරි දිගයි අද 
තාරුකා ඇස් වසන මැදියම 
මතක් වෙනවා මගෙ මැණික මට 
කතරකට වට පළමු වැහි බිඳ 

ඉපල් තුරු අග මල් කැකුළ මම 
පරව යන්නම් වනස්පති අස 
සසර මෙතෙකින් නිම නොවන සඳ 
මගේ නොවුණට දුකක් නෑ මට