2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

අහස් ගඟ සළු ඉරා 
රිදී පැහැ කඳුළකට 
අඬ ගසයි....
සන්ත්‍රාසයෙන් අඬන 
ස්නායු අගිස්සක 
අවසාන පොහොට්ටුව 
නිරාමිස ස්නේහයෙන් 
ඇහැරවාලනු පිණිස....

සිඹිමි මම නිර්වාණ 
දියවරේ සීතලම 
දිය ගැඹුර 
අන්නතයේ දිනක් නැති දවසක.... 
කළඹවාලනු සොඳුර 
එතෙක් මේ 
සසර දිය 
පදවමින් 
යාත්‍රාව...

ඉරිතැලුණු මහ පොළොව 
වනස්පති නොදුන් සඳ 
දොසක් නොකියමි නුඹට..
මඟහැරුණු හුස්මකට 
රහසේම හඬනු මිස...

හිස්තැනක හිස්තැනක් 
මං සොයන මේ ගමන 
විදසුනක සුපුෂ්පය 
පිපෙන තුරු කෙළවරක...