2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

බලු පටියක් ගිටාරයට!

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 76

පහුගිය දවසක කලා ලොවේ තරමක් ජනප්‍රිය ශිල්පියකු පිටකොටුව පැත්තට ගියාලු පොඩි එකාට පොරොන්දු වුණු ගිටාර් එකක් ගන්න.
සෙල්ලම් ගිටාර් එකක් වුණාට ඒකත් හරියට ඇත්ත එකක් වගේමලු. ඒත් එකම ප්‍රශ්නෙට තිබුණේ ඒකට පටියක් නැති එකයි.

පොඩි පුතාට පටියක් එක්ක ගිටාර් එකක් පොරොන්දු වුණු නිසා ඔහු කඩවල් කීපයකටම ගියාලු පටි හොයන්න.
ඔන්න එක කඩේක තිබුණලු ගිටාර් එකට ගැලපෙන පටියක්. කඩේ කවුරුත් මේ කලා ශිල්පියා එක පාරටම අඳුරගත්තලු. ඒත් ඔහු තෝරන හැම පටියක්ම වැඩේට හරියන්නෙ නැහැම කියනවලු. 
මුදලාලි මේක පොඩි එකෙකුටනේ. හරියනවද නැදද අදාළ නෑ. මට ගාණ කියන්නකෝ..

අනේ බැහැ මහත්තයෝ මේවා ගිටාර්වලට දාන්න බෑ. මේවා බල්ලො බඳින පටි. අපි විකුණන්නේ බල්ලන්ට අදාළ දේවල් විතරයි. ඒකනෙ මම මුලින්ම කිව්වේ.

 

මුද්දක් ගිය දුරක්

පසුගිය දවසක කලා ලොවේ උත්සවයක් පැවැත්වුණා කොළඹ ප්‍රසිද්ධ ශාලාවක.
හිටිගමන් මුල් පේලි දෙක තුනේ ඉන්න කට්ටිය ෆෝන්වල ටෝච් එක පත්තු කරගෙන සීට් යට මොනවදෝ හොයනවා. ඒ අතර වේදිකාවේ නැටුම්, ගැයුම්වලට ශාලාවෙම අවධානය යොමු වෙලා.
ඔන්න තව ටිකකින් ආයෙත් සීට් යට මොනවදෝ හොයනවලු.

මොනවද හොයන්නේ? කාසියක්ද? කවුදෝ කොඳුරනවා.
නෑ.. නෑ.. අරයගෙ මුද්ද.
අම්මේ.. එහෙනම් දැන්ම බලන්න වෙයි.

ඒ වුණාට අරයට මතක නැහැල්ලු ගෙදරින් එනකොට මුද්ද දාගෙන ආවද නැද්ද කියලා..
ඒත් එක්කම අරයගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. මුදු හෙවිල්ල ඒකෙන්ම නතර වුණාලු.
කතා කරලා තියෙන්නේ අරයගේ නෝනා. මුද්ද ගෙදර තිබුණලු.

 

කලාව බේරනවානම් ඔයාව බේරන්නම්

පසුගිය දවසක පැවති චිත්‍රපට මුහුරත් උළෙලකදී අපූරැ පසුබිම් කතාවක් අනාවරණය වුණා. ඒ චිත්‍රපටය මුල් වරට අධ්‍යක්ෂණය කරන්නේ සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්.
මේ රටේ සම්මානනීය නිළියක වන ස්වර්ණා මල්ලවආරච්චි වසර කීපයකට පෙර රෝගාතුර වූ අවස්ථාවේදී ඇයට ප්‍රතිකාර කළේ මේ වෛද්‍යවරයා. ඔහු විශේෂඥ වෛද්‍ය නයෝමාල් පෙරේරාය.
එදා ඔහු ස්වර්ණාට යම්කිසි දෙයක් කියා තිබුණලු.

මම ඔයාට ප්‍රතිකාර කරලා ඔයාව බේරන්නම්. ඒත් ඔයා අපේ සිනමාව බේරනවා කියලා මට පොරොන්දු වෙන්න ඕන.
ඔන්න දැන් ඒ වෛද්‍යවරයා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රඟපාන්නේ ස්වර්ණා.

 

වීසා නැතිව ෂෝ එක හබක්

විදෙස් රටක පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගයක් සඳහා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ඩොලර් බර ගණන් දීලා ටිකට්පත් අරගෙන.
මේ සතියේ පැවැත්වීමට නියමිත එම ප්‍රසංගයට සහභාගී වෙන්න හිටියේ ජනප්‍රිය ටෙලි නාට්‍ය කාණ්ඩායමක සාමාජික සාමාජිකාවන් පිරිසක්.

ඒත් අවසාන මොහොතේ ඒ කිසිම කෙනකුට වීසා ලැබිලා නැහැ. එරට සංවිධායකවරයා රත් වෙලා ඉන්නවලු.

 

► Text - Mithra

 

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00