2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

අම්මයි පුතයි එක පන්තියේ

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 112

ඊලා කියන්නේ ගොඩාක් ලස්සන කාන්තාවක්. ඒ වගේම ඊලා ගායිකාවක් වගේම එක්දරු මවක්. ඊලාගේ ජීවිතේම වුණේ එයාගේ පුතා විවාන්. විවාන්ට සාර්ථක ජීවිතයක් හදලා දෙන එක තමයි ඊලාගේ එකම සිහිනය වුණේ. විවාන් කොහේද යන්නේ ඔහුගේ පස්සෙන් ඔහුගේ මව ඊලාත් එනවා. දවසක් ඔන්න වැරදිලා විවාන් කියනවා අම්මා අතරමඟ ඉගෙන ගන්න එක නැවැත්තුවනේ. ඔයා මගේ පස්සෙන් එන එකේ ඔයාටත් ඉගෙන ගන්න පුළුවන්නේ කියලා. අන්න එදා ඉඳලා විවාන්ගේ කොලේජ් එකේ ඔහු ඉන්න පන්තියටම ඇයත් එනවා. කතාවේ ඉතුරු ටික මීට වඩා ගොඩාක් ලස්සනයි. මොකද විවානුත් ඊලා වගේම සංගීතයට දක්ෂතා දක්වන්නෙක්. මේ ලස්සන කතාව 2018 ඔක්තෝම්බර් 12 වැනිදා ඉඳන් ඔබටත් සම්පූර්ණයෙන්ම බලන්න හැකියාව තියෙනවා. මොකද මම මේ කිව්වේ 2018 ඔක්තෝම්බර් 12 වැනිදා සිට තිරගත වන හෙළිකොප්ටර් ඊලා කියන හින්දි සිනමාපටයේ කතා සාරංශයයි. මේ හෙළිකොප්ටර් ඊලා කියන හින්දි සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ප‍්‍රදීප් සර්කාර් . මේ සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ අජේ දේව්ගන්, ජයන්තිලාල් ගඩා සහ අක්ෂය ජයන්තිලාල් ගඩා කියන තුන් දෙනා මේ සිනමාපටය ලියලා තියෙන්නේ මිතේෂ් ශාහ්. ඒ වගේම හෙළිකොප්ටර් ඊලා කියන්නේ ආනන්ද් ගාන්ධි විසින් බේටා කාග්දෝ කියන තමන්ගේ මවගේ කතාන්දරය ඇසුරින් හැදුව සිනමාපටයක්. මේ සුන්දර කතාන්දරය රසවත් කරන්න සප්ත ස්වරයෙන් හෙළිකොප්ටර් ඊලා සිනමාපටය රසවත් කරලා තියෙන්නේ අමිත් ත‍්‍රිවේදී සහ ඩැනියල් බී ජෝජ් යි. ආ තව දෙයක් කියන්න ඕනමයි. මේ සිනමාපටය හදලා තියෙන බේටා කාග්දෝ කියන්නේ ගුජරාත්වල නාට්‍යක් ඇසුරිනුයි.

දැන් මේ කියන්න හදන්නේ මේ සිනමාපටයේ ඇති චරිතවලට පණ පොවන්නේ කවුද කියලයි. මුලින්ම ඊලා ගැන කියලා ඉන්නම්. 1974 අගෝස්තු 05 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ මුම්බායි නගරයේදී ශෝමු මුඛර්ජී සහ තනුජා සමර්ත්ගේ දුවක් ලෙසින් ඇය ජන්මය ලැබූ අතර 1992 වසරේ සිට ඇය හින්දි සිනමා කර්මාන්තයට එකතු වුණා. මෙන්න මේ සිනමාපට ඔබත් නරඹලා තියෙනවානම් ඔබට ඇයව අමතක වෙන්නනම් කිසිම විදියක් නැහැ.

1992 Bekhudi, 1993 Baazigar.,Yeh Dillagi (1994), Ishq (1997), Pyaar Kiya To Darna Kya (1998), Pyaar To Hona Hi Tha (1998) , Hum Aapke Dil Mein Rehte Hain (1999),1997 Gupt: 1998 Dushman.,Dilwale Dulhania Le Jayenge (1995),Kuch Kuch Hota Hai (1998), Kabhi Khushi Kabhie Gham... (2001),Fanaa (2006) ,My Name Is Khan (2010) Dilwale (2015)

ෆිල්ම්ෆෙයාර් සම්මාන 6ක් ඇතුළුව සිනමා සම්මාන රාශියක් තමන්ගේ නමට වෙන් කර ගන්නට සමත් වෙලා තියෙන ඇයට 2011 වසරේදී ඉන්දියාවේ සිවිල් වැසියෙක්ට පිරිනැමෙන ඉහළම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙනුත් පිදුම් ලබනවා. ඇය දරුවන් දෙදෙනකුගේ මවක් වන හින්දි සිනමාවේ ජනප‍්‍රිය නළුවෙක් වන අජය දේව්ගන් ගේ ප‍්‍රිය බිරිඳ කාජල්. ඔව් කාජල් තමයි තමන්ගේ සැමියා නිෂ්පාදනයට  එකතු වෙලා තියෙන හෙළිකොප්ටර් ඊලා කියන හින්දී සිනමාපටයේ ඊලාගේ චරිතයට පණ පොවන්නේ.

දැන් ඔබට මේ කියන්න හදන්නේ මේ සිනමාපටයේ විවාන්ගේ චරිතයට පණ පොවන්නේ කවුද කියලයි. 1998 මැයි 19 වැනිදා ඉන්දියාවේ බටහිර බෙංගාලයේ කොල්කතාවල ඉපදිලා තියෙන මොහුහේ පියා කෞෂික් සෙන් වන අතර මව රෙෂ්මි සෙන් වෙනවා. කෞශික් සෙන් කියන්නේ බෙන්ගාලයේ වේදිකා සහ සිනමාවේ නළුවෙක්. ඔහුගේ බිරිඳ රේශ්මී නර්තනවේදීනියක්. ඔවුන් දෙදෙනාගේ පුතා රිද්දී සෙන් හෙළිකොප්ටර් ඊලා හින්දි සිනමාපටයේ විවේන්ගේ චරිතයට පණ පොවන අතර ඔහු මෙන්න මේ සිනමාපටවලත් විවිධ චරිත හැඩ කරන්න එකතු වෙලා තියෙනවා. 

2012: Kahaani. 2013: Children of War,2016: Chauranga,2016: Parched, 2016: Lion, 2017: Bhoomi

ලීසා කියන චරිතයකුත් මේ සිනමාපටයේ ඉන්නවා. ලීසාගේ චරිතයට පණ පොවන ඇය ගැනත් ඔබට කියන්නයි මේ හදන්නේ. 1980 අගෝස්තු 27 වැනිදා ඉන්දියාවේ කේරලයේ කොචිවලදී ඉපදුණ ඇය 2000 ඉඳන් හින්දි සිනමා කර්මාන්තයට එකතු වෙලා ඉන්නවා. ඇය නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක්. අඩි 5 අඟල් 6 උස ඇය විවාහ වෙලා ඉන්නෙත් හින්දි සිනමාව සම්බන්ධ වෙලා ඉන්න අන්ගද් බේඩි එක්කයි. මෙන්න මේ ඇය තමන්ගේ දක්ෂතාවයන් අපිට මතක හිටින්න පෙන්නුව සිනමාපට කිහිපයක්.

Kyaa Kool Hai Hum (2005)  Shootout at Lokhandwala (2007) Chup Chup Ke (2006) Singh is Kinng (2008). 2017 Tumhari Sulu.

ඔව් ඔබගේ මතකය නිවැරදියි. ලීසාගේ චරිතයට පණ පොවන්නේ නේහා දූපියා විසිනුයි. නේහාට අමතරව මේ සිනමාපටයේ විවිධ චරිත හැඩ කරන්න ටෝටා රෝයී චෞද්රි, ශටාෆ් ෆිගර්, අතුල් කුල්කාර්නී, මුකේෂ් රිෂී පණ පොවලා තියෙන අතර අමිතාබ් බච්චන් විශේෂ ආරාධිත ශිල්පියෙක් ලෙසින් මේ සිනමාපටයේ පෙනී ඉන්නවා. හෙළිකොප්ටර් ඊලා සිනමාපටයේ තියෙන සියලුම ගීත සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ අමිත් ත‍්‍රිවේදී වන අතර මනබඳින විදියට ගී පද රචනා කරලා තියෙන්නේ ස්වානන්ද් කිර්කිරේ. මේ සිනමාපටයට 2018 සැප්තැම්බර 07 වැනිදා සිට ලොව පුරා තිරගත වීමට නියමිත වෙලා තිබුණත් නිෂ්පාදකයන් විසින් 2018 ඔක්තෝම්බ‍ර් 12 වැනිදා සිට තිරගත කරන්න කටයුතු කළත් එයට නිශ්චිත හේතුවක් මේ වනතෙක් ඉන්දියාවේ මාධ්‍යවත් දැනුම්වත් කරලා නැහැ.

 

► Translation — Chandana Waravitage