රාජිව් කියන්නෙ අවුරුදු 27ක් වයස කොල්ලෙක්. ඔහු රස්සාව විදියට කරන්නෙ වතුර විකුණන එකයි. තව විදියකින් කියනවනම් රාජිව් සේල්ස්මන් කෙනෙක්. රාජිව්ට තමන් කරන රැකියාවේ ප්‍රශ්නයක් ඇවිල්ලා රස්සාව බේරගන්න ඕන නිසා ඔහු ඒකට ගුරුවරයෙක් හොයාගන්නවා. ඔහුගේ නම මංචන්දා. ඔහු ටිකක් වෙනස් විදියට හිතන ටිකක් විතර පිස්සු මනුස්සයෙක්. එයා විකුණන්න බැරි ඕනම කුණුගොඩක් විකුණන හැටි රාජිව්ට උගන්වනවා. අන්න ඒ නිසා මංචන්දාගෙන් ඉගෙනගත්ත විදියට රාජිව් වතුර විකුණන්න යන්නෙ ජනප්‍රිය රංගන ශිල්පියෙක්ගෙ ගෙදරට. ඔහුගේ නම ගගන් කපූර්. වයස අවුරුදු 40ක් විතර වෙන ගගන් කපූර් ආදර සබඳතාවයන් බොහොමයක් තියෙන කෙනෙක්. රාජිව් වතුර විකුණන්න ගගන් කපූර්ගේ ගෙදරට යන වෙලාවේ ගගන්ගේ බිරිය ගෙදර නැහැ. ඒත් ගගන් ඉන්නෙ තනියමනම් නෙවෙයි. ගගන් කපූර් ඔහුගේ ආදරවන්තිය බින්දුත් එක්ක ආදරය කරමින් ඉද්දී තමයි රාජිව් වතුර විකුණන්න එන්නෙ. ඔන්න එතකොටම ගගන්ගෙ බිරියත් ගෙදරට එනවා. ඊළඟට මොකක්ද වෙන්නෙ කියලා දැනගන්නනම් ඔන්න ඔබට 2018 ඔක්තෝබර් 12 වැනිදා ඉඳලා තිරගතවන ෆ්‍රයිඩේ කියන හින්දී සිනමාපටය නරඹන්න වෙනවා. ෆ්‍රයිඩේ කියන අලෙවි වාර්තා තබමින් තිරගතවන මේ හින්දී සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ අභිෂේක් දෝග්රා වන අතර සජීද් කුරේශී, මහිපාල් කරන් රාතෝර් සහ සල්වුදීන් යූසූෆ් කියන තුන්දෙනා තමයි මේ සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නෙ. රාජීව් කෞල් සහ මනුරිෂී චඩ්ඩා විසින් තිරරචනය කරලා තියෙන ෆ්‍රයිඩේ හින්දී සිනමාපටයේ කතාව නම් රාජීව් කෞල්ගේමයි. ෆ්‍රයිඩේ සිනමාපටය සුන්දර කරන්නෙ කවුද කියලා කියන්නයි දැන් මේ සූදානම් වෙන්නෙ. රාජීව් ගැන මුලින්ම කියලා ඉන්නම්. රාජීව්ගේ චරිතයට පණපොවන්නෙ 1990 පෙබරවාරි 04 වැනිදා ඉන්දියාවේ පන්ජාබයේ ජලාන්දර්වලදී ඉපදුනු දැනට වෘත්තීයෙන් නළුවෙක් වන මෙන්න මේ සිනමාපටවලින් දක්ෂතා පෙන්නපු ඔහුයි.
Fukrey, Dilwale, Raabta, Fukrey Returns
චන්දිගාර්වල අයිටීඑෆ්ටී එකෙන් මීඩියා එන්ටර්ටේන්මන්ට් ඇන්ඩ් ෆිල්ම් ටෙක්නොලිජි කියන විෂයන්ට අදාළව උපාධියක් හිමිකරගත් ඔහු මුලින්ම ක්ෂේත්රයට පිවිසුණේ වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටින කෙනෙක් විදියටයි. ඔහු නමින් වරුන් ශර්මා. රාජීව් ගැන දැන් ඔබ දන්නවා. දැන් ඔබට කියන්න හදන්නෙ ගගන් කපූර් ගැනයි. 1963 දෙසැම්බර් 21 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට්රා ප්‍රාන්තයේ මුම්බායිවලදී ඉපදුනු ඔහු 1987 දී සුනීතා අහුජා එක්ක විවාහවෙලා ටීනා අහුජා සහ යශ්වර්ධන් අහුජා නමින් දරුවන් දෙදෙනකුත් ඉන්න කෙනෙක්. දැනට ඉන්දියාවේ මුම්බායිහී ජුහූවල ජීවත්වන ඔහු 1986 ඉඳලා හින්දී සිනමාවට සම්බන්ධවෙලා නළුවෙක්, නිෂ්පාදකයෙක් සහ නර්තනවේදියෙක් විදියට විතරක් නෙවෙයි, උතුරු මුම්බාය නියෝජනය කරමින් ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක් විදියට කටයුතු කරන්නෙ ඉන්දියන් නැෂනල් කොංග්රස් පක්ෂයේ සාමාජිකයෙක් විදියටයි. ඔහු ගැන තවමත් ඔබට මතක් වුණේ නැත්නම් මෙන්න මේ සිනමාපටවල විවිධ චරිතවලට පණපෙවූ කෙනා මතක් කරගන්න බලන්නකො.
Aankhen (1993), Raja Babu (1994), Coolie No. 1 (1995), Hero No. 1 (1997), Haseena Maan Jaayegi (1999), Jaan Se Pyaara (1992), Aankhen (1993), Bade Miyan Chote Miyan (1998), Anari No.1 (1999), Hadh Kar Di Aapne (2000), Bhagam Bhag (2006), Partner (2007), Life Partner (2009), Hatya (1988), Marte Dam Tak (1987), Jeete Hain Shaan Se (1988), Jung Baaz (1989), Raja Babu (1994), Coolie No. 1 (1995), Saajan Chale Sasural (1996), Banarasi Babu (1997), Deewana Mastana (1997), Hero No. 1 (1997), Bade Miyan Chote Miyan (1998), Haseena Maan Jaayegi (1999)
ෆිල්ම්ෆෙයාර් සම්මාන ඇතුළු සම්මාන රාශියක් තමන්ගෙ නමට වෙන්කරගෙන තියෙන ඔහු සිනමාපට 165ක පමණ විවිධ චරිතවලට පණපොවලා තියෙනවා. චී චී යන ආදරණීය නාමයෙන් ඔහුව හැමෝම අමතනවා. තවමත් මතක් වුණේ නැත්නම් ගෝවින්දා අහුජාව අමතක වුණොත් ඒකනම් පුදුමයක්ම වෙන්න ඕන. ඕනම කුණුගොඩක් විකුණන්න කියාදෙන අලෙවි ගුරුවරයා මංචන්දා ගැනත් නොකියම බැහැනෙ. 1963 ඔක්තෝබර් 06 වැනිදා ඉන්දියාවේ බිහ්රා ප්‍රාන්තයේ ඩහභන්ගාවල ඉපදිලා තියෙන ඔහු 1991 පටන් හින්දී සිනමාවට සම්බන්ධව කටයුතු කරන අතර ඔහු නළුවෙක් වගේම අධ්යක්ෂවරයෙක් වෙනවා. සිනමා සම්මානවලට පවා පාත්‍රවෙලා තියෙන ඔහු නමින් සංජය මිශ්රා. මේ ඔහු රංගනයෙන් හැඩකළ සිනමාපට අතරින් කිහිපයක් පමණයි.
Zameen, Charas, Plan, Satya, All the Best, 2006 Golmaal: Bhoothnath Returns, Kick, Dum Laga Ke Haisha, 2013 Saare Jahaan Se Mehnga, Prem Ratan Dhan Payo, Dilwale, 2017 Mangal Ho, Golmaal Again, Newton, 2016 Masaan, 2015 Jagran, 2014 Ankhon Dekhi
දැන් ඔබට කියන්න හදන්නෙ බින්දුගේ චරිතයට පණපොවන ඇය ගැනයි. 1997 ඔක්තෝබර් 15 වැනිදා උපත ලබා තියෙන ඇය නිළියක් වගේම පොත් ලියන කෙනෙක්. 2002 වසරේ ඉඳලා හින්දී සිනමාවට සම්බන්ධවෙලා ඉන්න ඇය හින්දී රූපවාහිනි නාට්‍යවල ජනප්‍රිය නිළියක්. මේ සිනමාපටයට අමතරව 2018 වසරේදීම තිරගතවන ජලේබී කියන සිනමාපටයේ අයීෂටත්, රන්ගීලා රාජා සිනමාපටයේ පහ්ලාජ් නිහලනි කියන ප්‍රධාන චරිතයටත් පණදෙනවා. ඇය නමින් දිගන්ගනා සූර්යවන්ශි වෙනවා. ෆ්‍රයිඩේ හින්දී සිනමාපටයේ තියෙන සුන්දර ගීතවල පද අනුරාග් භෝමියා, රෝෂ් සහ සජිද් කුරේශී අතින් ලියවිලා තියෙන අතර ඒවා සප්ත ස්වරයෙන් හැඩකරලා තියෙන්නෙ අන්කිත් තිවාරී, මිලින්ද් ගබා සහ ගුන්වන්ත් සෙන්. ඒ ගීපදවලට පණදෙන්න තමන්ගේ මිහිරි හඬින් ප්‍රාණවත් කර තියෙන්නෙ අන්කිත් තිවාරී, මිකා සිං, ප්‍රියංකා ගෝයත් සහ නව්රාජ් හන්ස්.
► Translation — Chandana Waravitage