ලංකා එක්ෂිබිෂන් ඇන්ඩ් කොන්ෆරෙන්ස් සර්විස් (LECS) ආයතනය සහ මඩකලපු දිස්ත්‍රික් ගොවි සම්මේලනය එක්ව 04 වැනි වරටත් සංවිධානය කළ කෘෂිකර්ම, ආහාර, සහ තාක්ෂණික වෙළඳ ප්‍රදර්ශනය “BITE 2018” ප්‍රදර්ශනය මඩකලපුව ශිවානන්ද විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පසුගියදා පැවැත්වුණා.
‘නැගෙනහිරට ඔබේ පාලම ’ යන තේමාව යටතේ මඩකලපුවට අවේණික රසවත් අාහාර මෙන්ම ප්‍රාදේශීය නිෂ්පාදන වලින් මුළු ප්‍රදර්ශන භූමියම පිරී ගොස් තිබුණා. මඩකලපු වැසියන්ට අමතරව කොළඹින් ගිය නරඹන්නන්ගේ ද හැඩ වැඩ වලින් අද අපේ event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.
I Romesh Dhanushka Silva