මේ ගහ කොළ පිරුණු නිල්වන් කෙත්වතු පිරිලා තියෙන ප‍්‍රදේශයක්. සීතල සුළං රැළි හමාගෙන යන මේ පළාතේ තමයි පරම් සහ ජස්මිත් ජීවත් වෙන්නේ. පරම් කියන්නේ කඩවසම් කොල්ලෙක්. එතකොට ජස්මිත් කියන්නේ එක වරක් දැක්කම ආපහු හැරිලා බලන්න තරම් රූ සපුවකට උරුමකම් කියන සුන්දර තරැණියක්. මේ දෙන්නට දෙන්නා ආදරය කරනවා. ටික කාලයක් මේ සුන්දර පළාතේ ආදරයේ සුව විඳිමින් ඉන්න මේ දෙන්නා විවාහ වෙනවා. ඔන්න විවාහ වෙලා ටික කාලයක් ගියා විතරයි ජස්මිත් එයාගේ සිහිනය වුණු නිදහස සොයාගෙන එංගලන්තයට යනවා. ඇය ගියාට පස්සේ පරම් කොච්චර හිත හදාගන්න හැදුවත් පරම්ට ඇය නැතුව එක හුස්මක්වත් ගන්න බැරි වුණා.
මෙන්න මේ කතාව තියෙන හින්දී සිනමාපටය තමයි නමස්තේ ඉංග්ලන්ඩ් කියන්නේ. 2018 ඔක්තෝම්බර් 18 වැනිදා පටන් අලෙවි වාර්තා පොත්වල අලුතෙන් පිටු ලියමින් තිරගත වන මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ විපුල් අමෘත්ලාල් විපුල් අමෘත්ලාල්, ධවාල් ජයන්තිලාල් ගඩා, ආක්ෂය ජයන්තිලාල් ගඩා සහ රිලියන්ස් එන්ටර්ටේට්මන්ට් වෙනුවෙන් ආශීන් කඩාකියා, රේශ්මා කඩාකියා, කුෂාල් කාන්තිලාල් ගඩා, ෆිරුසි ඛාන් සහ සමීර් චොප්රා විසින් තමයි මේ සිනමාපටය හදන්න සල්ලි වියදම් කරලා තියෙන්නේ. නමස්තේ ඉංග්ලන්ඩ් හින්දී සිනමාපටය සුරේෂ් නේර් සහ රිටේෂ් ශාහ තමයි ලියලා තියෙන්නේ. ඒ වගේම මේ සිනමාපටයේ දකින්න තියෙන විශේෂම දෙයක් වෙන්නේ මේ සිනමාපටය 2018 පෙබරවාරි 23 ෂූටිං කරන්න පටන් ගත්ත මේ සිනමාපටය ස්ථාන 75කදී පමණ ෂූටිං කරලා තියෙනවා. ඒ අතර ඉන් පංජාබයේ අමි‍්‍රත් සර්, පටියාලා, ලුදියානා, ජලේන්ද්ජර්වලට අමතරව ලන්ඩනයේ පැරීසිය, බ‍්‍රසල්ස් වගේ තැන්වලත් මේ සිනමාපටයේ ෂූටිං සිදුකරලා තියෙනවා. ඒ වගේම නමස්තේ ඉංග්ලන්ඩ් හින්දී සිනමාපටයේ පසුබිම සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ ප‍්‍රසාද් සාශ්තේ. දැන් ඔබට කියන්න හදන්නේ මේ හින්දී සිනමාපටයේ චරිත හැඩ කරන්න ඒවාට පණ දෙන උදවිය ගැනයි. පරම්ගේ චරිතයට පණ පොවන්නේ 1985 ජුනි 26 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බයිවලදී ඉපදුණු 2003 වසරේ පටන් හින්දී සිනමාවේ නළුවෙක් විදියට කටයුතු කරන සහ සහාය අධ්‍යක්ෂවරයෙක් විදියට සිනමාවට සම්බන්ධ වුණු මෙන්න මේ සිනමාපටවල විවිධ චරිතයන්ට පණ පෙවූ ඔහුයි.
Ishaqzaade (2012), Gunday (2014), 2 States (2014), Half Girl friend (2017)
ඔහු වෙන කවුරුවත් නෙවෙයි හින්දී සිනමාපට නිෂ්පාදකයෙක් වන බොනී කපූර් සහ ශ්‍රී දේවිට පෙර විවාහයේ ව්‍යවාසයිකාවක් වන මෝනා ෂයිරියා කපූර්ගේ පුතා සහ සිනමාපට නිෂ්පාදක සුරින්දර් කපූර්ගේ මුණුබුරා සහ හින්දී සිනමාවේ ජනප‍්‍රිය නළු අනිල් කපූර්, සංජය කපූර් ඥාතීත්වයට බාප්පා වෙන කෙනෙක්. ඒ වගේම ජනප‍්‍රිය නිළි සෝනම් කපූර්ගේ සහෝදරයෙක් වෙන ඔහු අර්ජුන් කපූර්. අර්ජුන් තමයි නමස්තේ ඉංග්ලන්ඩ් හින්දී සිනමාපටයේ පරම්ගේ චරිතය හැඩ කරන්නේ.
දැන් ඔබට කියන්න හදන්නේ ජස්මිත්ගේ චරිතය හැඩ කරන ඇය ගැනයි. 1988 ඔක්තෝබර් 22 වැනිදා ඉන්දියාවේ හර්යානා ප‍්‍රාන්තයේ අම්බාලාවලදී තමයි ඇය ඉපදුණේ. මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරැව ඇය 2011 වසරේ පටන් හින්දී සිනමාවට නිළියක් සහ ගායිකාවක් විදියට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නැගී එන නිළිය ඇතුළු විවිධ සම්මාන උළෙල්වල සිනමා සම්මානයන් තමන්ගේ නමට වෙන් කරගන්න සමත්කම් දක්වලා තියෙන මේ ලස්සන කෙළිලොල් කෙල්ල මෙන්න මේ සිනමාපටවල විවිධ චරිතයන් හැඩ කළ අපූරුව ඔබම මතක කරගෙන ඇය කවුද කියලා මතක් වෙනවද බලන්නකෝ.
(2011) Ladies vs Ricky Bahl, Ishaqzaade (2012), Shuddh Desi Romance (2013), Hasee Toh Phasee (2014), Golmaal Again (2017)
මතක් වුණේ නැත්නම් කළබල වෙන්න එපා. හින්දී සිනමාවේ ජනප‍්‍රිය නිළියක් වෙන රූ රජිනියක් ලෙසින් ද කිරුළු පැළදි ප‍්‍රියංකා චෝප්රාගේ ඥාතී සහෝදරිය පරිනීතී චොප්රා ඔබට මතකයිද? පරිනීතී චොප්රා තමයි නමස්තේ ඉංග්ලන්ඩ් හින්දී සිනමාපටයේ ජස්මිත්ගේ චරිතයට පණ පොවන්නේ. ජස්මිත් සහ පරම්ගේ චරිතවලට අමතරව තව චරිත බොහෝමයක් තිබුණත් තව අපි හැමෝම දන්න ආදරය කරන හින්දී සිනමාවේ ඉන්න නළුවෙක් තමයි කැමියෝ කියන චරිතයට පණ පොවන්නේ. කැමියෝ කියන චරිතයට පණ පොවන්නේ 1967 සැප්තැම්බර් 09 වැනිදා ඉන්දියාවේ පන්ජාබ් ප‍්‍රාන්තයේ අම්‍රිත්සර්වලදී රාජිව් හරි ඕම් භාටියා නමින් ඉපදුණු දැනට ඉන්දියාවේ මහරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බයිවල ජීවත් වෙන හින්දී සිනමාවට 1991 පටන් නළුවෙක් නිෂ්පාදකයෙක් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදිහට සම්බන්ධ වෙලා ඉන්න මෙන්න මේ හින්දී සිනමාපටවල විවිධ චරිතයන්ට අපූරැවට පණ දුන්න ෆිල්ම් ෆෙයාර් සම්මානයන් සහ නැෂ්නල් ෆිල්ම් අවෝර්ඩ් සහ පත්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුව ඔහුයි.
Khiladi (1992), Dil To Pagal Hai (1997), Hera Pheri (2000), Bhool Bhulaiya (2007), Singh Is Kinng (2008), OMG – Oh My God! (2012), Airlift (2016), Rustom (2016), Toilet: Ek Prem Katha (2017) Rowdy Rathore, Padman
ඔහු වෙන කවුරුවත් නෙවෙයි ඉන්දියාවේ යුවතියන්ගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් අදටත් නොමිලයේ සටන් ශිල්පය උගන්වන ජනප‍්‍රිය හින්දී සිනමා නළුවෙක් වුණු රාජේශ් ඛන්නගේ බෑණනුවන් සහ ජනප‍්‍රිය හින්දී සිනමා නිළියක් වන ඩිම්පල් කපාඩියාගේ බෑණනුන්ව ද වන ජනප‍්‍රිය හින්දී සිනමා නිළියක් මෙන්ම නිෂ්පාදිකාවක් ද වන ටුවින්කල් ඛන්නාගේ ස්වාමිපුරුෂයා ආක්ෂය කුමාර් ඔහුත් මේ සිනමාපටයෙන් ඔබව හමුවෙනවා. ඔවුන්ට අමතරව ආදිත්‍ය සෙයිල්, අනිල් මාන්ගේ, දිජානා දේජනොවිස් යන නළු නිළියනුත් විවිධ චරිතයන්ට පණ දීලා තියෙනවා. නමස්තේ ඉංග්ලන්ඩ් හින්දී සිනමාපටයේ තියෙන ගීතවල සුන්දර කවි වගේ පද ගලපලා තියෙන්නේ ජාවේද් අඛ්තර්, මාස්ටර් රාකේශ් විසින් වනඅතර ඒ ගී පද සප්ත ස්වරයෙන් හැඩකරලා තියෙන්නේ මන්නන් ශාහ, රිෂී රිච් වන අතර ඒවාට පණ දෙන්න තමන්ගේ සුන්දර හඬෙන් ඒවා හැඩකරලා තියෙන්නේ අතීෆ් අස්ලාම්, ආකන්ක්ශා භන්ඩාරී, විශාල් දඩ්ලානී, පායල් දේව්, බාද්ශාහ, බී ප‍්‍රාක්, ශහීද් මාල්ල්යා, අන්තරා මිත‍්‍රා, ෆතේහ් අලී ඛාන්, අල්තමාෂ් ෆරීදී, ශදාබ් ෆරීදෙ, ශාශා ත‍්‍රිපාතී, මන්නන් ශාහ, බාද්ශාහ සහ දිල්ජිත් දොසන්ජිත් සහ ආස්තා ගිල්.
► Translation — Chandana Waravitage