කුණු කතාවක්
පහුගිය සතිය පුරාවටම මුලු රටේම විතරක් නෙවෙයි ලෝකේ ශ්‍රී ලාංකිකයන් ජීවත්වන හැම රටකම වගේ ප්‍රධාන මාතෘකාව වුණේ අපේ රටේ දේශපාලනික අර්බුදය හා ඒ හරහා සිදුවිය හැකි සිදුවිය නොහැකි දෙවල්නේ. චිත්‍රපට ටෙලි නාට්‍ය රූගත කිරීමේ අතරතුරත් හැමෝම කතා කළේ මේ ගැන.
සමහරු මේ අර්බුදකාරී තත්ත්වයට පක්ෂව කතා කළා වගේම තවත් සමහරු ඊට විරුද්ධ වුණා. ඔන්න එක්තරා ප්‍රවීණ නිළියක් නම් එයාගේ අදහස විවෘතව ප්‍රකාශ කළා.
“කවුරු මොනවා කිව්වත් මම නම් මේ සිද්ධ වුණ දේට කැමතියි. දැන් මට කුණු ටික ඉඳුල් වෙනමයි, පොලිතින් වෙනමයි, ෂොපිං බෑග් වෙනමයි වෙන් කරලා ට්‍රැක්ටරේට දෙන්න ඕන වෙන්නේ නැහැ. ඒක මල වදයක්නේ අනේ. පරිසරේ ගැන මට කැක්කුමක් නැහැ.”
අනේ මට නිවාඩු ගන්න ඕනේ
වෙනත් රැකියාවක නියැලිලා ඉන්න කෙනෙක් විනෝදාංශයක් හැටියට ටෙලි නාට්‍යවල පොඩි පොඩි කෑලි රඟපානවලු.
මේ ළඟදි ටෙලි නාට්‍යයක එයාට රඟපාන්න වෙලා තියෙන්නේ ලෙඩෙකුගේ චරිතයක්. ඒ වෙනුවෙන් එයාගේ වම් අත තුන්කාලක්ම වැහෙන්න වෙලුම් පටිවලින් ඔතන්න වුණාලු. උදේ පටන්ගත්තු ෂූටිං ඉවර වෙනකොට රෑ වුණාලු. උදේ ඉඳන් අතේ බැන්ඩේජ් එක පිටින් හිටිය නිසා, වැඩේ ඉවර වුණු ගමන් කලා අධ්‍යක්ෂකවරයා ඒ බැන්ඩේජ් එක කපලා අයින් කරන්න ලෑස්ති වුණාලු.
“අනේ ප්ලීස් මේ බැන්ඩේජ් එක ගලවන්න එපා. මම මෙහෙමම ගෙදර යන්නම්. මේක පිටින්ම හෙට ඔෆිස් ගිහින් මට දවස් තුන හතරක් නිවාඩු ගන්න පුළුවන් වෙයි.”
බහු වචනය ‘අත්ස්’
අපේ සිනමාවේ මුල් යුගයේ ඉඳලම ඉන්දීය ආභාෂයක් තිබුණු බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මුල් යුගයේ සිංහල චිත්‍රපටවල වැඩ කළේ ඉන්දියානු කට්ටිය. කාලයක් ගියාම ඒ අයටත් අපේ සිංහල භාෂාව කතා කරන්න පුළුවන් වුණාලු.
පහුගිය දවස්වලත් විදෙස් රටවල්වලින් ඇවිත් අපේ සිංහල චිත්‍රපට අධ්‍යක්ෂණය කළානේ. ඒ වගේම විදෙස් නළු නිළියොත් අපේ චිත්‍රපටවල රඟපෑවා.
ඔහොම රඟපාපු විදෙස් නළුවෙක් අපේ සිංහල භාෂාව ගැන හරියට උනන්දු වුණාලු.
මෙයා ඔය විවේකී වෙලාවට එහෙම අපේ කාර්මික ශිල්පීන් එක්ක සිංහල භාෂාව ඉගෙන ගන්නවලු.
“ඉංග්‍රීසියෙන් අතට කියන්නේ HAND. එකට වැඩිනම් HANDS. ඒ කියන්නේ බහු වචනය.” අපේ කොල්ලෙක් එයාට කිව්වලු.
එතකොට එයා අපූරු පිළිතුරක් දුන්නලු.
‘අත’ ඒක වචන නම් බහු වචන වෙන්න ඔනේ ‘අත්ස්’ නේ? ඔහුගේ කතාවට හැමෝටම හිනා ගියාලු.
Text - Mithra