මේ කියන්න හදන කතාව සිද්ධ වෙන්නේ ඉන්දියාවේ වාරානාස් එහෙම නැත්නම් ඔබ දන්න විදියට බරණැස්වලයි. මේ පළාතම හොල්ලගෙන ඉන්න එක පුද්ගලයෙක් ඉන්නවා. ඒ හාදයා ඩොන් කෙනෙක්. මම මේ කියන හාදයාව ඒ පාළාතේ හැමෝම දන්නේ භයියාජී කියන නමිනුයි. කාටවත්ම බය නැති තමන්ට අවශ්‍ය විදියට ඒ පාළාතම පාලනය කරන මේ කියන බයියාජී එක්කෙනෙක්ට බයයි. ඒ කාටද දන්නවද? සප්නා ඩූබේ. සප්නා ඩූබේ කියන්නේ බයියාජී එහෙම නැත්නම් ලාල් භායිසහාබ් ඩූබේගේ බිරිඳට. චණ්ඩිපාට් දාගෙන ජීවත්වෙන බයියාජීට සිනමාපටයක ප්‍රධාන නළුවෙක් විදියට රඟපාන්න හිතෙනවා. ඒ ඇයි දන්නවද? ඒ පාළාතේ සිනමාපටයක් හදන්න ගෝල්ඩි කපූර් කියන අධ්යක්ෂවරයා එනවා. ඔහුගේ සිනමාපටයේ ප්‍රධාන නිළියගේ නම මල්ලිකා. බයියාජීව තමන්ගේ සිනමාපටයේ ප්‍රධාන නළුවාගේ භූමිකාවට ගන්න ගෝල්ඩි කපූර්ට සහ පිරිසට මුහුණ දෙන්න වෙන අලකලංචි සපිරි මේ කතාව දැන් ඔන්න ඔබටත් නරඹලාම රහ බලන්න පුළුවන්.
2018 ඔක්තෝම්බර් 26 වැනිදා ඉඳන් තිරගතවන නීරජ් පතක් අධ්‍යක්ෂණය කරන ලද චිරාග් මහේන්ද්‍ර ධරිවාල් විසින් නිෂ්පාදනය කරන ලෑබූ භයියාජී සුපර්හිට් කියන හින්දි සිනමාපටයේ කතාව තමයි මම ඔබට කෙටියෙන් කිව්වේ. නීරජ් පතක්ගේ කතාවක් වන මේ භයියාජී සුපර් හිට් හින්දි සිනමාපටයේ තිර රචනය නීරජ් පතක් සහ ආකාශ් පාන්ඩේගේ මේ සිනමාපටයේ සුන්දර දෙබස් ලියලා තියෙන්නේ රාජ් ශාන්දිල්යා සහ හර්කිරත් සිං.
භයියාජී සුපර් හිට් හින්දි සිනමාපටය සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ ජීත් ගන්ගුලි, රාඝව් සචාර්, අම්ජාද් - නදීම්, සන්ජීව් - දර්ශන් සහ නීරජ් පතක්. භයියාජී සුපර් හිට් හින්දි සිනමාපටයේ භයියාජී එහෙම නැත්නම් ලාල් භායිසහාබ් ඩූබේගේ චරිතයට පණ පොවන ඔහු ගැන කියන්නයි මේ හදන්නේ. 1956 ඔක්තෝබර් 19 වැනිදා ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ සහනේවල්වලදී ඉපදිලා තියෙන ඔහු දැනට ජීවත් වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්රා ප්‍රාන්තයේ මුම්බයි නගරයේ. 1983 අවුරුද්දේ සිට හින්දි සිනමාවේ කොටස්කරුවෙක් වෙලා ඉන්නේ ඔහු නළුවෙක් අධ්යක්ෂවරයෙක් සහ නිෂ්පාදකයෙක් විදිහටයි. තව විස්තර ඔහු ගැන කියන්න අවශ්‍ය වෙන එකක් නැහැ ඔබත් මෙන්න මේ සිනමාපට නරඹලා තියෙනවානම්. මේ කියන්නේ කවුද කියලා ඔබගේ මතකයට අනිවාර්යයෙන්ම ඒවි.
Betaab (1982). Manzil Manzil (1984), Saveray Wali Gaadi (1986), Sultanat (1986), Dacait (1987), Yateem (1988), Veerta (1993), Imtihaan (1994), Salaakhen (1998) Farz (2001).Ghayal 1990,Gadar: Ek Prem Katha (2001), Love Story of a Spy (2003), Apne (2007), Yamla Pagla Deewana (2011) Ghayal Once Again (2016). Daar
නැෂනල් ෆිල්ම් අවෝර්ඩ් දෙකක් සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන දෙකක් සහ තවත් බොහෝ සිනමා සම්මාන ප්‍රමාණයක් තමන්ගේ නමට ලියාගෙන තියෙන මේ කියන කෙනා ජනප්‍රිය හින්දි සිනමා නළුවෙක් වන ධර්මේන්ද්‍ර ඩියොල් සහ ප්රකාෂ් කෞර්ගේ පුතෙක් විදියට ඉපදුනේ අජය සිං ඩියොල් කියන නාමයෙන්. 1984 දී පූජා ඩියොල් එක්ක විවාහ වුණු මේ කියන කෙනාට දරුවන් දෙදෙනෙක් ඉන්න අතර ඔහුව ඔබ අපි දන්නේ සනී ඩියොල් කියන නමෙනුයි. සනී ඩියොල් තමයි භයියාජී සුපර් හිට් හින්දි සිනමාපටයේ භයියාජී ගේ චරිතයට පණ පොවන්නේ. දැන් ඔබට කියන්න හදන්නේ සප්නා ඩූබේගේ චරිතයට පණ පොවන ඇය ගැනයි. සප්නා ඩූබේගේ චරිතයට පණ පොවන්නෙත් මෙන්න මේ හින්දි සිනමාපටවලින් අපූරුවට තමන්ගේ දක්ෂතා අපිට පෙන්නුව අපි ආදරය කරන කෙනෙක්.
Dil Se.. 1998,Kya Kehna (2000).2003 Kal Ho Naa Ho. Koi... Mil Gaya (2003), Veer-Zaara (2004), Salaam Namaste (2005) Kabhi Alvida Naa Kehna (2006), Ishkq in Paris (2013),Chori Chori Chupke Chupke 2001,Dil Chahta Hai., 2002 Dil Hai Tumhaara,
ඇය කවුද කියලා ඔබට මතක වෙන්න ඇති කියල හිතනවා. අමතක් වුණත් කමක් නැහැ. අපි ඔබට ඇය ගැන කියනවනේ. 1975 ජනවාරි 31 වැනිදා ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ ශිම්ලාවල ඉපදුණු ඇය 1998 වසරේ පටන් හින්දි සිනමාවට සම්බන්ධ වෙලා සිටින අතර ඇය නිළියක්, නිෂ්පාදකවරියක් වගේම ව්‍යවසායිකාවක් ද වෙනවා. අපරාධ විද්‍යාව පිළිබඳ උපාධිධාරිණියක් ද වන ඇය සිනමා සම්මාන රාශියක්ම තමන්ගේ නමට ලියා ගන්නත් සමත් වුණා. ඇය වෙන කවුරුත් නෙවෙයි. 2016දී ව්‍යාපාරිකයෙක් වන ජෙනී ගූඩෙනවුන් එක්ක විවාහ වුණු ප්‍රීති සින්ටායි. ප්‍රීතී සින්ටා තමයි සප්නා ඩූබේගේ චරිටතය පණ පොවන්නේ. භයියාජී සුපර් හිට් හින්දි සිනමාපටයේ නිළියෙකුත් ඉන්නවනේ. අන්න ඒ නිළියගේ චරිතයට පණ පොවන මේ කියන්න හදන නිළිය 2000 වසරේ පටන් හින්දි සිනමාවට සම්බන්ධ වෙලා තියෙන අතර ඇය නිළියක්, නිෂ්පාදිකාවක් වගේම නිරූපණ ශිල්පිනියක් ද වෙනවා. ඉන්දියාවේ මහාරාෂ්ට්රා ප්‍රාන්තයේ මුම්බායිවලදී මුම්භායිවලම ජීවත් වෙන ඇය මෙන්න මේ සිනමාපටවලින් ඔබ දැකලා තියෙන අතර ඇය ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු විවිධ සිනමා සම්මානයන් තමන්ගේ කර ගන්න සමත් වුණු කෙනෙක්.
2000 Kaho Naa... Pyaar Hai. Gadar: Ek Prem Katha (2001), Humraaz , Kya Yehi Pyaar Hai.,Ankahee (2006). Bhool Bhulaiyaa 2013 Race 2.
ඇය වෙන කවුරුවත් නෙවෙයි. අමීෂා පටෙල්. ඇය තමයි මල්ලිකාගේ චරිතයට පණ පොවන්නේ. අමීෂාට අමතරව මේ භයියාජී සුපර් හිට් හින්දි සිනමාපටයේ ගෝල්ඩි කපූර් කියන අධ්යක්ෂවරයාගේ චරිතයට අර්ෂාද් වර්සෙයි වගේම ශ්‍රියා තල්පාඩේ, සන්ජය මිශ්රා, පන්කජ් ත්රිපාතී, ජයදීප් අහ්ලාවත්, එව්ලින් ශර්මා, මුකුල් දේව්, බි්රජේන්ද්ර කාලා සහ පන්කජ් ජහා චරිතයන්ට පණ දෙන්න එකමුතුවෙලා ඉන්නවා. භයියාජී සුපර් හිට් හින්දි සිනමාපටයේ තියෙන සුන්දර ගීතත් නොකියම බැහැනේ. මේ සිනමාපටයේ තියෙන මනරම් ගීතවල පද ගලපලා තියෙන්නේ කුමාර්, අම්ජාද් නදීම්, ශබ්බීර් අහ්මඩ් සහ නීරජ් පතක් විසින් වන අතර ඒ මනරම් පදයන් හැඩ කරන්න සප්ත ස්වරය මුසු කරලා තියෙන්නේ ජීත් ගන්ගුලි, අම්ජාද් නදීම්, යසීර් දේසායී, සන්ජීව් - දර්ශන්. ඒ සුන්දර නිර්මාණයන්ට පණ දෙන්න තමන්ගේ රමණීය කටහඬ දීලා පණ දීලා තියෙන්නේ අසීස් කෞර්, යස්සීර් දේසායී, සුඛ්වින්දර් සිං, රාගව්3 සචර්, ආකන්ෂා ශර්මා, රෆ්තාර්, අමිත් මිශ්රා, පව්නී පාන්ඩේ සහ ශෆ්කාන්ත් අමානත්.
Translation — Chandana Waravitage