අජාණීය ස්කූටර් තුරඟා පිට වඩිනා කුමාරයෙන්ගේ කිරුළ බිම වැටෙයි කියලා ඒ කාලේ කුමාරිකාවෝ කිව්වලු. ඒත් දැන් ස්කූටර් තුරඟා පිටේ නැගැලා ඔය හැටට හැටේ ඒ කුමාරිකාවොත් යන්නේ අපූරුවට. අද අපි Y ට්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් ඔයාලට ලයින් කරන්නේ බයික් පොඩ්ඩන්ගේ කතාව. ගෑනු පිරිමි මල් පළතුරු කියලා කිසිම බේදයක් නැතුව, රට වටේම මේ තාරුණ්‍යය අතර මේ ට්‍රෙන්ඩ් එක පැතිරිලා. හරිම කෙටි කාලයක් ඇතුළත තමා මේ පොඩි බයික් පිස්සුව හැමෝටම හැදුණේ. මොකද ලාබයි පහසුයි ආතල් මේ සීන් එක. දැන් වැඩේ තියෙන්නේ පීක් එකේ කිව්වොත් හරියටම හරි.
මුලින්ම මේක ට්‍රෙන්ඩ් එකට කොල්ලෙක් එන්ටර් වෙන්නේ ඩ්‍රීම් එකක් එක්ක. අද කලේ නම් රෝද දෙකේ හීනේ ඔළුවට ගහන්නේ ස්කූල් අවුට් වෙන්නත් කළින්. එහෙම කොල්ලෙක් කරන කියන දේවල් ටික අපි මුලින්ම බලමුකෝ.
යාළුවෙක්ගේ බයික් පොඩ්ඩක් තමා මුලින්ම පදින්නේ. නැත්නම් ගෙදර කාගේ හරි එකක්. පස්සේ වැඩේට හිත යනවා. එකක් ගන්න හිතනවා. බ්‍රෑන්ඩ් තියනවානේ එක එක ඒවා ගන්න මොන ජාතියද කියන එක ලොකු ප්‍රශ්නයක් ඉතින්. ඔන්න අහනවා යාළුවන්ගෙන් මචං අර ජාතිය කොහොමද? මේක කොහොමද කියලා. එහෙම අහලා යනවා සේල්වලට බලන්න. එක එක ඒවා බලනවා. කාලෙන් කාලෙට එක එක ජාති තමා ජනප්‍රිය. දන්නවානේ ඉතින් Dio, Pleasure, Tvs ray වගේ ඒවා මේ දවස්වල මාකට්. මිතුරන්ගේ මාර්ගෝපදේශයයි තමන්ගේ තියන ආශාවයි දෙක වෙන්ස් වුණාම සමහරුන්ගේ ඔළුව කම්හලක් වගේ. මේ වගේ බයික් එකක් ගන්න ලක්ෂයක් දෙකක් ඕනෑ. මේකට සල්ලි කොහෙන්ද? අන්න ප්‍රශ්නේ. ඔය බයික් ගොඩක් එ්වා අම්මා තාත්තාට බර බරේ දාලා නාහෙන් අඬලා දත කාලා ගත්ත ඒවා. තමන් හම්බකරලා ඔය ජාතියේ පළවෙනි බයික් එක ගත්ත එවුන් අඩුයි. දෙවෙනි තුන්වෙනි බයික් එකේදි නම් ඒ කතාව වෙනස්. කොහොමහරි අන්තිමට ඔන්න දැන් අපේ කොල්ලා බයික් එකක් ගන්නවා.
මේ බයික් පොඩ්ඩෙක් ගත්ත ගමන් නම්බර් ප්ලේට් ලයිසන් අනම් මනම් වානා.. ඉගිලෙන්න තමා ඕනා. ඔය සීන් එක නිසාම සමහරු බයික් එක ගත්ත ගමන් ඩෝන් ගාලා ඇණ ගන්නවා කොහේ හරි. සමහර කතා අහන්න සෝචනීයි දකින්න ඛේදනීයයි. කොල්ලෝ තමන්ගේ මංගල බයික් එක අරගෙන ටික දවසක් ඇතුළත අවසන් ගමන් යනවා. වේගය මරු කැඳවයි කියන කතාව මේ කාලේදී ගොඩ දෙනෙක් ගණන් ගන්නේ නෑ. ඔන්න දුක හිතෙනවා. අපි ඒ කතාව නවත්තමු කෝ.
මල්ලිලා බයික් පොඩ්ඩොන්ට තියන ආසව ගැන කියනකොට අපේ නංගිලා අමතක කරන්න බෑනේ. සමස්තයම නොවුණත් ගෑනු ළමෝ ගොඩක් දෙනෙක් ආසයි බයික් පොඩ්ඩෙක්ට. අම්මලා තාත්තලා මෙයාලාටත් අරන් දෙන අවස්ථා තියෙනවා. ඒත් රස්සාවකට ගිහිල්ලා චුට්ට චුට්ට ගෙවාගෙන යන්න තමා අහිංසක විදිහට මේ වැඩේ එයාලගෙන් ගොඩක් දෙනා අත ගහන්නේ. තව අය අයියලා, Boy Friends ලා, Marry කරපු අලුත නම් හබීලට කියලා අඬලා සණ්ඩු කරලා ඔය බයික් එකක් ගන්නවා. පරිස්සමට පැදලා කී එකට ලස්සන කීටැක් එකක් දාගෙන පිරිසිදුවට ලස්සනට ගත්තා වගේම බයික් එක තියාගෙන ඉන්න තමා මෙයාලගේ ආසාව.
ලොකු බයික් ගැන හීන තිබුණට මුලින්ම යන්න වුණේ පොඩි බයික් එකකට. ඒ නිසාම බයික් එක්ක කොල්ලෝ දෙන්නේ අමුතුම සැපක්. මොකද මුලින් ගත්ත වාහනේනෙ. ගහනවා ස්ටිකර් පාරක් කොර වෙන්න. ඔන්න ඔහොමයි හිතන්නේ. එක එක විදිහේ ලයිට් එහෙමත් ගහනවා සමහරු. ඔය අතර බයික් එක සම්පූර්ණ Modify කරලා අමුතු ආතල් ගන්න ඩයල් ඉන්නවා. හෝන් එකට එහෙමත් වැඩ කෑලී දානවා.
ලොකු බයික් පිස්සු කියන්නේ වෙන කතාවක්. අපි ඒක වෙන දවසක කියන්නම්. හැබැයි අපි කතා අරන බයික් පොඩ්ඩොත් ලොකු බයික් සීන් එකේ වගේ සෙට් හදාගෙන වැඩ දාලා රඟපාලා අතල් ගන්න අවස්ථා තියනවා. බයික් පොඩ්ඩන්ගෙන් වීල් කරන්න සමහරුන්ට පුළුවන්, කනේ වැලි ගෑවෙන්න නවලා අත් අතහැරලා වැඩ දනවා. තව එක එක වැඩ කෑලි මේවගේ ගැන්වල කොල්ලෝ දාන්නවා. ඒක වෙන උප සංස්කෘතියක්. ගමේ ටවුමේ මේ වගේම සෙට් ඉන්නවා. ඊට අමතරව උත්සව කාලවල මෙයාලා ගොඩක් වැඩ දාන්න පෙළඹෙනවා. කවුරුත් කැපිලා පේන්න ඉතින් පොඩ්ඩක් ආසයිනේ. ඒ වගේ වැඩ දාද්දී ඇඟට අමුතු ත්‍රිල් එකක් එනවා. තොරණ් කාලෙට එහෙම මෙයාලගේ වැඩ කෝටියයි. එහෙම සෙට් හැදුණේ නැතත් ගොඩ දෙනෙක්ට බයික් පොඩ්ඩා අරගෙන පාරට බැස්සම අමුතු කික් එකක් එනවා. තියලා අල්ලනවා හැටට හැටේ ලොකු වාහන අස්සෙන් දාලා. ඉස්සරහා යන කොල්ලා ටිකක් හයියෙන් යනවා නම් කොල්ලන්ගේ ගත සිත නලියනවා. ඒකනේ ඔය සමහර ඩ්‍රයිවර්ලා සුද්ධ සිංහල හෝඩියෙන් මෙයාලා අමතන්නේ.
බයික් පොඩ්ඩෝ Y ට්‍රෙන්ඩ් එකක් වුණාට අංකල්ලා ඇන්ටිලා මේ බයික් පදින අවස්ථාව එමට. ඒ නම් ඉතින් පහසුව ලෙහෙසිය හින්දා. ගෑනු ළමයි දිහාවට අයේ අපි පොඩ්ඩක් හැරෙමුකෝ. පිරිමි ළමයි ගොඩක් දෙනෙක් දකින්නේ බයික් පොඩ්ඩක් අරන් රඟන ගෑනු ළමයි සක්කර වට්ටන් විදිහට. මොකද බයික් එක කියන්නේ නිදහස. ඒක තමා ලංකාවේ සංකල්පේ. අපේ රටේ ගෑනුන්ට වැඩිපුර නිදහස දෙන්න හොඳ නෑ වගේ අදහසක් තියනවා. අන්න ඒ නිසයි මෙයාලා මෙහෙම හිතන්නේ. ඩිවෝස් බයික් කියලා මේ බයික් පොඩ්ඩන්ට සමහරු කියනවා. හේතුව ඉතින් නිදහසම තමා පැහැදිලියිනේ කතාව.
ඉන්දියන් බයික් පොඩ්ඩෝ දැන් මහ පාරේ හැම තැනම අස්සෙන් මුල්ලෙන් දාලා මේ බයික් යන කොට ලොකු වාහනකාරයන්ට තද වෙනවා. ඒ වගේම සමහර අනතුරුවලටත් මේ බයික් පොඩ්ඩෝ හේතුවක්. මොකද ගොඩක් කොල්ලෝ මේ බයික්වල යනකොට හෙල්මට් එක දාන්නේ නෑ. ඒකත් මේ ට්‍රෙන්ඩ් එකේම කොටසක්. කාකී සූට් මහත්තුරුන්ටත් මේ බයික් පොඩ්ඩෝ දැන් දැන් වදයක් වෙලා. වැරැද්දක් දක්ක ද ලිව්වා තමා කොලේ.
මහා නරක සමාජ විරෝධී අසෝභන දෙයක් නෙවෙයි පොඩි බයික් පිස්සුව කියන්නේ. පරිස්සම තමා මෙතන ප්‍රශ්නේ. බයික් එක ගැන කොච්චර පිස්සුවක් තිබුණත් කමක් නෑ ජීවිතේ ගැන පිස්සුවෙන් වැඩ කන්න එපා. වේගයෙන් ගිහිල්ලා දිනාගන්න දෙයක් නෑර ජීවිතේ හැමදේටම වඩා වටිනවා. මුළු රටේම පැතිර තියන මේ ට්‍රෙන්ඩ් එකේ ආතල් දේවල් හොඳ දේවල් වගේම නරක දේත් කියනවා. කොහොම වුණත් අවසානයේ කියනවා පරිස්සමෙන් හොඳේ.
► Text - Nisal / Pic – Internet