හදවතම දිය කර හරිමි
ඒත් නෑ හේදුනේ
නුඹේ බැතිබර මතක
මේ තරම් බර මොකද
හිතුණා මට
කඳුළු කැට
සීතලට වෙව්ලද්දී
කොපුල් අග...
නාද සිත්තම් මවන
කඳු රැල්ලේ පාව එන
සුළඟ තරමට බරයි
හදේ රැඳි මේ සුසුම
මට මාත් නැති ලොවක
හඬනු කුමකට අසන
හිත මගේ රැගෙන යමි
මගේ සැනසුම පිණිස
තබා හදවත පසෙක