2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

බව්වට මඟුලක්!

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 61

මේ ඉන්දියාවේ අහස අල්ලන්න දඟ කරන මහා විසල් ගොඩනැගිලිවලින් සමන්විත මුම්බායි නගරයේ මධ්‍යම පාන්තික ජීවත් වෙන පවුලක කතාවක්. මේ කතාවේ වීරයගේ නම බව්වා. බව්වා ගොඩාක් අසාමාන්‍ය මිටි මනුස්සයෙක්. කල වයස හරි ගියත් පොඩි ළමයෙක් තරම් උස හින්දා බව්වට විවාහ වෙන එක සිහිනයක් වෙලා තියෙන්නේ. ඔහු විවාහයන් අන්තර් ජාලයෙන් හොයලා දෙන ආයතනයක ලියාපදිංචි වෙලා සහකාරියක් හොයා ගන්න හදන්නේ බොහෝ කාලයක ඉඳලයි. නාසාවල විද්‍යාඥවරියක් විදිහට වැඩ කරන රෝද පුටුවක (වීල් චෙයාර් එකක) මාර්ගයෙන් එහේ මෙහේ ඇවිදින ආෆියා යූසූෆ් කියන තරුණිය බව්වා සිංට හමුවෙන්නේ ඒ විවාහ මංගල යෝජනා ආයතනය මාර්ගයෙනුයි.

දැක්ක ගමන් බව්වා සිං ඇයට අකමැති වුණත් දන්නේම නැතුව ඔහු ඇයට ආදරය කරන්න පටන් ගන්නවා. ඔන්න ඔය අතරේ දවසක් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු බොලිවුඩ් තාරකාවියක් වෙන බබිතා කුමාරී බව්වා සිංට හමුවෙනවා. ඇය ඔහුව සිප ගන්නවා. ඊ ගාවට කුමක් වෙයිද කියලා බලන්නනම් තව ටික දවසක් අපි හැමෝටම ඉවසලා බලන් ඉන්න වෙනවා. ඒත් දවස වැඩි ඈතක නෙවෙයි. හරියටම 2018 දෙසැම්බර් 21 වැනිදා තමයි හිමන්ෂු ශර්මා ලියලා තිර රචනය කරලා තියෙන ආනන්ද් එල් රායී විසින් අධ්‍යක්ෂණය කරන ලද ගෞරී ඛාන් විසින් නිෂ්පාදනය කරලා තියෙන මේ කිව්ව කතාව තියෙන සීරෝ හින්දි සිනමාපටය ලොව පුරා තිරගත වෙන්නේ. රෙඩ් චිලී එන්ටර්ටේට්මන්ට් සහ කලර් යෙලෝව් ප‍්‍රඩක්ෂන් ආයතනය විසින් ඉන්දියානු රුපියල් කෝටි 200ක් වියදමක්ම කරලා හදලා තියෙන මේ හින්දි සිනමාපටය සප්ත ස්වරයෙන් හැඩකරලා තියෙන්නේ අජේ - අතුල් කියන දෙන්නා. දැන් ඔබට කියන්න හදන්නේ මෙන්න මේ සීරෝ හින්දි සිනමාපටයේ චරිතවලට පණ පොවන කට්ටිය ගැනයි. මුලින්ම බව්වා සිං කියන ඒ අඩි දෙකක්වත් උස නැති අපේ කතාවේ වීරයා ගැන කියලා ඉන්නම්. 1965 නොවැම්බර් 02 වැනිදා ඉන්දියාවේ නව දිල්ලිවලදී ඉපැදුණු මොහු මේ වෙනකොටනම් ඉන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බායිවලයි. හන්ස‍්‍රාජ් කොලේජ් එකෙන් සහ දිල්ලි විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබලා තියෙන මොහු 1988 ඉඳන් හින්දි සිනමාව නියෝජනය කරන අතර ඔහු නළුවෙක්, සිනමාපට නිෂ්පාදකයෙක් සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදිහටත් ඔබ අපි දන්න කෙනෙක්. 2005 වසරේදී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු ෆිල්ම් ෆෙයාර් සමාන ඇතුළු බොහෝ සම්මාන උළෙලවලින් හොඳම නළුවාට විතරක් නෙවෙයි හොඳම දුෂ්ට නළුවාට හිමි සමානයන් පවා තමන්ගේ නමට වෙන්කරගෙන ඉන්න කෙනෙක්. මෙන්න මේ සිනමාපටවල නම් ටික කිව්වම ඔහු ගැන අපිට ඔබට තවත් මොකුත්ම කියන්න අවශ්‍ය වෙන එකක් නැහැ. මොකද මීට පෙරාතුව මේ පිටුවේ පළවූ ඔබ උසාවිය ලිපි මාළාවේදී අපි ඔබට ඔහු ගැන ඔබ නොදත් බොහෝ දේ කියලත් තියෙනවා. මෙන්න මේ සිනමාපටවලින් ඔබට ඔහුගේ කඩවසම් රුව මතක් වෙනවද කියලා බලන්නකෝ.

1992 Deewana ,Darr (1993), Baazigar (1993)  Anjaam (1994). Dilwale Dulhania Le Jayenge (1995), Dil To Pagal Hai (1997), Kuch Kuch Hota Hai (1998), Mohabbatein (2000) Kabhi Khushi Kabhie Gham...(2001).Devdas (2002),  Swades (2004), Chak De! India (2007) My Name Is Khan (2010). Chennai Express (2013), Happy New Year (2014), Dilwale (2015), Raees (2017).Don, Don 02

බාද්ශාහ ඔෆ් බොලිවුඩ්, කින්ග් ඔෆ් බොලිවුඩ් සහ කින්ග් ඛාන් වගේ ආදරණීය නාමයන්ගෙන් හඳුන්වන ඔහු 1991දී තමන්ගේ ප‍්‍රථම පේ‍්‍රමය වන ගෞරී ඛාන් එක්ක විවාහ වෙලා දැනට දරුවන් තුන්දෙනෙක්ගේ පියෙක් වන ශාරැක් ඛාන්. ඔහු තමයි සීරෝ හින්දි සිනමාපටයේ බව්වා සිංගේ චරිතය හැඩ කරන්න එයට පණ පොවන්නේ. ඊළඟට කියන්න හදන්නේ ආෆියා යූසූෆ් භින්දර්ගේ චරිතයට පණ පොවන ඒ හැඩකාර කටකාර කෙල්ල ගැනයි. 1988 මැයි 01 වැනිදා ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශ්වල අයෝද්‍යාවේ උපන් ඇය බැංගලෝර් විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූ අතර 2007දී තමයි මුලින්ම සිනමාපටයක චරිතයක් නිරූපණය කළේ. රොමෑන්ස් කිංග් විරුදාවලියෙන් පිදුම් ලෑබූ ඉන්දියාවේ හිටිය දක්ෂම ශ්‍රේෂ්ඨම අධ්‍යක්ෂවරයා වන යාශ් චොප්රා විසින් තමයි ඇයව හින්දි සිනමාවට ගේන්නේ. ඒ වගේම ඇය බොලිවුඩයේ කිංග් ඛාන් ශාරුක් ඛාන් එක්ක තමයි මුලින්ම සිනමාපටයක පෙනී ඉන්නේත්. ඒ තරම්ම වාසනාවක් තිබුණු ඇය මෙන්න මේ සිනමාපටයනවලත් විවිධ චරිතයන්ට පණ පොවලා සිනමා සම්මානයන් පවා තමන්ගේ නමට වෙන් කර ගත්ත කෙනෙක්.

Rab Ne Bana Di Jodi (2008), Band Baaja Baaraat (2010)  Jab Tak Hai Jaan (2012);2015  NH10, 2015  Dil Dhadakne Do, 2016 Ae Dil Hai Mushkil. Sultan (2016), PK (2014) Sanju (2018)

ඇය වෙන කවුරුවත් නෙවෙයි ඉන්දියාවේ ඉන්න දක්ෂ ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් වෙන විරාට් කෝලී එක්ක 2017 විවාහ වුණු අනුෂ්කා ශර්මායි. ඔව් අනුෂ්කා ශර්මා තමයි මේ සිනමාපටයෙහි ආෆියාගේ චරිතයට පණ පොවන්නේ. දැන් ඔබට කියන්න හදන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉන්න සිනමා තාරකාවිය බබීතා කුමාරීගේ චරිතයට පණ පොවන ඒ සුන්දර හැඩකාර දඟකාර කෙල්ල ගැනයි. 1983 ජූලි 16 වැනිදා හොංකොංග්වලදී ඉපැදුණු ඇය බි‍්‍රතාන්‍ය ජාතික පුරවැසියෙක් වන අතර දැනට ඉන්දියාවේ මුබායිවල ජීවත් වෙනවා. 2003 වසරේ ඉඳන් හින්දි සිනමාවත් එක්ක සම්භන්ධව වැඩ කරන ඇය නිළියක් වගේම මෝස්තර නිරූපිකාවක් ද වෙනවා. ෆිල්ම්ෆෙයාර් සම්මාන ඇතුළු විවිධ සිනමා සම්මනයන් තමන්ගේ නමට වෙන කරගන්න සමත් වූ ඇය මෙන්න මේ සිනමාපටවලින් මීට කලින් අපිට ඇයගේ දක්ෂතා පෙන්නුවා. 

Maine Pyaar Kyun Kiya(2005) ,Namastey London (2007). New York (2009)Ajab Prem Ki Ghazab Kahani (2009), Raajneeti (2010)  Zindagi Na Milegi Dobara (2011), Mere Brother Ki Dulhan (2011). Ek Tha Tiger (2012) Dhoom 3 (2013),

ඔබ දන්නවා ඇය කවුද කියලා. ඔබ නිවැරදියි ඇය වෙන කවුරුවත් නෙවෙයි. කත‍්‍රීනා කයිෆ්. ඉන්දියානු රුපියල් කෝටි 200ක් වියදම් කරලා තියෙන මේ සීරො හින්දි සිනමාපටයට ශ්‍රී දේවිත් රංගනය සඳහා තමන්ගේ දායකත්වය දීලා තියෙනවා. ඇයට අමතරව මේ සිනමාපටයේ අභය ඩියොල්, තිග්මන්ශු දූලියා, ජාවේද් ජෙෆ‍්‍රි, ශීබා චඩ්ඩා, මොහම්මද් සීශාන් අය්යුබ්, යශික් දිල්ලන්, බ්‍රිෙජ්න්ද්‍ර කාලා, විපින් ශර්මා, ජිමී ශෙයිගල්, ආර් මාධවන් වගේම ආරාධිත රංගන ශිල්පීන් විදියට සල්මාන් ඛාන්, කාජොල්, දීපිකා පඩුකෝන්, රානී මුඛර්ජී, ශ්‍රී දේවී, ආලියා භාත්, කරිෂ්මා කපූර් සහ ජූහි චාව්ලාත් සහභාගී වෙලා තියෙනවා. මේ සිනමාපටයේ තියෙන සෑම ගීතයක්ම සංගීතවත් කරලා තියෙන්නේ අජය සහ අතුල් කියන සංගීතවේදීන් දෙන්නා වන අතර ගී පද රචනා කරලා තියෙන්නේ ඉර්ශාද් කමිල් විසිනුයි. මේ සිනමාපටය දිල්ලීවල, මියිරුට්වල සහ නිව් යෝර්ක් නගරය ඇතුළු ඉන්දියාවේ තවත් ස්ථාන කිහිපයකදි රූගත කළා කියලා තමයි ඉන්දියාවේ මාධ්‍යවල පලවෙලා තිබුණේ. ශාරුක් ඛාන් ඇතුළු හින්දී සිනමාවේ බොහෝ පිරිසක් ඔබට එකම සිනමාපටයකින් දැකගන්න තව වැඩි දවසක් නැහැ කියන එක ඔබට මතක් කරන්නම ඕන.

 

► Translation — Chandana Waravitage

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00