2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 49

වචන ඉල්ලමි ලියන්නට මම
එකම එක  කවියක්
ප්‍රේමයේ එක එකම එක අරැතක්
ප්‍රස්තුතය කොට
ලියන්නට මට
දිගම දිග කවියක් ...

රැහැන් පොටකට තරැත් අමුණමි
සඳත් දියකර පොළොව සෝදමි
වලාකුළු අග හාදු හංගා
නුඹ එතැයි මඟ බලාගෙන ඉමි

හරිම දුප්පත් ශබ්ද කෝෂය
ප්‍රේමයේ මහ අරුත් පසිඳින
අඳුරු සඳ මට එහෙම කීවේ
හෙමින් පිරිමැද මගේ කවිකම

සංසාර කවි පද එකතු කර
ලියූ කවියක් ඇත පපුව මැද
ඇවිත් කියවා නික්ම යනු මැන
තරුත් නිදියන සීත මැදියම