2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

වැවුණොත් මාර අයියලා නැත්තම් නංගි - මල්ලිලා

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:31 1322

රැවුල වැවෙන්නේ ආයෙත් කපන්නේ මොකක්ද මේ කරුමේ 
පිරිමි අපිට ඇති රැවුල ලෙඩේ ගැන නැද්ද සොයා බැලුවේ.

පැහැදිලිනේ අද කතාව රැවුල්කාරයෝ. රැවුල කියන්නේ පට්ට ඩිස්ටර්බ් සීන් එකක්. සම්පූර්ණ රැවුල බාලා කිට මරලා එළියට බැස්සම තමා කෑල්ලක් වුණත් සෙට් වෙන්නේ. එහෙම කාලයක් තිබ්බා. දැන් අවුරුදු ගාණකට ඉස්සර වෙලා. දැන් සිටුවේෂන් වෙනස්. රැවුල කියන්නේ කොල්ලො අතර පට්ට ට්‍රෙන්ඩ් එකක්. කෙල්ලෝත් ලව් කොල්ලොන්ගේ රැවුල්වලට. But රැවුල් කතාව අද Y ට්‍රෙන්ඩ්වල නොවැම්බරයේ Special ටොපික් එක. ඒක හේතුව පසුවට. දැන් බහිමු කතාවට.

“හීන් සංධියේ නැති නිසා රැවුල්කොට මුව මඩලේ වින්ද දුක දන්නේ කණ්ණාඩියයි මමයි විතරයි... මගේ මගේ නොනේ... ඔය කතාව එදාටත් අදටත් වලංගුයි. බාල කාලේ රැවුල තිබුණු  ආලේ ගැන කතාවෙන්ම පටන් ගමුකෝ. යමක්කමක් තේරුමක් තියන කාලේ ඉඳන් ගොඩක් පිරිමි ළමෝ රැවුලට ලව්. රැවුල නැත්නම් ඉතින් ඒක බිග් ප්‍රොබ්ලම් එකක් මේ කාලේ. නව යෞවනයට එනකොට ගොඩාක් කොල්ලොන්ගේ රැවුල වැවෙන්න පටන් ගන්නවා. ඉස්සර නම් එහෙම ආපූ දැලි රැවුල කපුවාම ගමේ ගෙවල්වල කිරිබත් ඉව්වලු. ඒත් ඉතින් ඉස්කෝලවල ඔය දැලි රැවුලත් කප්පනේ නැතුව ඉන්න පොඩිතදයෝ ඉන්නවා. හොරාට තමා සාමාන්‍යයෙන් පළවෙනි ශේව්එක කරන්නේ ගොඩක් දෙනා.

කොහොම හරි ඉස්කෝලේ යන කාලේ රැවුල වැවෙන්න පරක්කු නම් ඒක පට්ට වදයක්  හිතට. රැවුල වැවෙන එකා කපන්නේ නෑ. ඒක ගුරුවරුන්ට වදයක්. ඔය ගරුවරු කියන විදිහට දහය, එකොළහා, දොළහ, දහතුන පන්තිවල මේක දැන් ලොකු ප්‍රශ්නයක්. කොල්ලෝ රැවුල වවන් එනවා සර්ලා මිස්ලා ටෝක් කරාම රටේ නැති හේතු කියනවා. ඉස්සරට වඩා දැන් මේ තත්ත්වය බරළතයි. ඕකට හේතුව රැවුල තියනකොට නොදැනීම දැනෙනවා ඔය වයසේ දී පොඩි පොර සීන් එකක්. ඒකට ටීන් ඒජස්ලා පුදුම තරම් ආසයි. දැන් ඔය ප්‍රසිද්ධ පාසල්වල ළමයිගේ රැවුල් විදුහල්තිවරු අල්ලලා කප්පවනවා. නිවාඩු කාලේ ඉවරවෙලා ඉස්කෝලේ එනකොට තමා මේ සීන් එක දරුණුවටම තියෙන්නේ. පාසල් ප්‍රේමයටත් අද වෙද්දී රැවුල බලපාලා තියනවා. ඒක නම් වෙනම කතාවක්.

කොහොම හරි ස්කූල් අවුට් වුණ ගමන් ගොඩක් කොල්ලෝ රැවුල වනවා. එතකොට ගෙදරින් බර බරේ දානවා එකසීය ගාණට. රැවුම් ගෙරවුම් විතරක් නෙවෙයි රැවුල් ප්‍රේමය නිසා තැලුම් ලබපු අයත් අද තාරුණ්‍යයේ ඉන්නවා. රැවුල් කට්නම් එක එක ජාතියෙන් තියනවා. උඩ රැවුල පොයින්ට් එක අනම්මනන්වලට වඩා මූණ පුරා රැවුල වවනඑක නැත්නම් මූණේ වැඩි හරියක රැවුල වවනඑක තමා දැන ට්‍ර්න්ඩ් එක. ලව් එකට කොහොමද රැවුල බලපානේ. ලෝකේ කෙල්ලෝ ජාති දෙක්ක ඉන්නවා. සෙට් එකක් රැවුල් විරෝධීන්. අනික් සෙට් එක රැවුල් ලෝලීන්. ද රැවුල් විරෝධී සෙට් එක නම් දැන් වදවිගෙන යන සුළුයි. ඒත් ලව් කරනකොට ගොඩක් කෙල්ලෝ රැවුල පිළිවෙළට තියනවට තමා ලයික් එක. නැත්නම් අවුල දානවා. රැවුල් විරෝධී ලවක් සෙට් වුණොත් නම් බඩුම තමා ඉතින්. ඒ වුණාට අදරේදී ගොඩක් බෝයිස්ලා ප්‍රේමය නාමයෙන් රැවුල වුණත් බිළිදෙනවා.

අර නොවැම්බර් ස්පෙෂල් සීන් එක තව පොඩ්ඩෙන් මිස් වෙනවා. No - Shave November නොවැම්බරයේ රැවුල නොකැපීම කියන්නේ අද ලෝකේ ක්‍රමයෙන් ව්‍යාප්ත වෙන ට්‍රෙන්ඩ් එකක්. ඉතිහාස කතන්දරේ නම් දිග පළල වැඩියි. මේකයි සරලව සීන් එක නොවැම්බර් මාසේ රැවුල කපන්න යන වියදම පිළිකා අරමුදලට ලබාදෙන එක තමා මේකෙන් වෙන්නේ. ලංකාවේ වැඩේ ලාවට යනවා. පොඩි Google සර්ච් පාරක් දාලා බලන්නකෝ සීන් එක මොකක්ද කියලා. පොඩි කන්ඩිෂන් ටිකකුත් තියනවා.

අපි ස්ටෝරියට අයේ එමුකෝ. රැවුල් විරෝධී සංකල්පය අපේ ඕල්ඩ් ජෙනරේෂන් එකේ තියනවා. ඒක සාමාන්‍යයි. ඒත් අද වෙනකොට රැවුල තියන කොලෙක්ට අත්‍යවශ්‍ය අංගයක් වෙලා. බ්‍රහක්මණ මොඩල්එකේ රැවුල් වනන සීන්එකත් දැන් ලංකාවේ තියෙනවා. ස්පෙෂල් Campusඑකේ. ඒකෙන් අදහස් වෙන්නේ රැඩිකල් නිදහස්කමී බවක් කියලයි. එයාලා හිතාගෙන ඉන්නේ. සමාජවාදය එක්කත් රැවුලට නෑකමක් තියනවා. ඒවගේ තමන් නිදහස් පුද්ගලයෙක් කියලා හඟවන්න ගොඩක් සාම්ප්‍රදායික නොවන Articlesලාත් ලොකු රැවුල් වවනවා. 

ඉස්සර ගොඩාක් Girlsලා කැමති වුණේ රැවුල කපලා පිළිවෙළට අඳින පළදින බොයිස්ලාට. බට් ඒක දැන් වෙනස් වෙනවා. රැවුල තියන පොඩක් රෆ් විදිහට ඉන්න Boysලාට දැන් සමහර Girlsලා ඉන්ට්‍රස්ට්. මේ අතරේ සමහර Girlsලා කොණ්ඩේ රැවුලට තියලා නිකන් රැවුල තියනවාවගේ ෆොටෝ දානවා බුකියේ. අපි අහුවෙයි ඕවට. තව දෙයක් කොල්ලෝ Set අතරේ රැවුල නැති එවුන්ට පට්ට කින්ඩිදානවා. සමහරු රැවුල වාගන්න රටේ නැති දේවල් මූණේ උලනවා. ඒ අස්සේ සැලූන් එකේ අයියා රැවුල ගණකමට පේන්න ඩයි පාරක් දාන්න කතා කරනවා. මේකත් සුපිරි පිස්සුවක් තමා.

රැවුල කියන්නේ හෝමෝන සීන් එකක්. 
දැන් ඇත්තටම ලෝකේ රැවුල වැවෙන්න නැති එකට ඖෂධ නිෂ්පාදනය වෙනවා. විද්‍යාත්මක පරීක්ෂණ අත්හදාබැලීම් සිද්ධ වෙනවා. පොඩ්ඩක් හිතන්නකෝ මේ ට්‍රෙන්ඩ් එක කොච්චර ලෝකේ පැතිරිලා ද කියලා. සමහර රටවල සංස්කෘතියත් එක්ක රැවුල බැඳිලා තියෙනවා. ඒ ජනවර්ගවලට අනුව රැවුල වවන විදිහ වෙනස් වෙනවා. බලන්න ලංකාවේ ඇතුළේ වුණත් මුස්ලිම් දෙමළ ජනතාව රැවුල වවන විදිහේ අනන්‍යතාවයක් තියනවානේ. රැවුල කියන්නේ ඇත්තට අරුම පුදුම දෙයක් කියලා හිතෙන්නේ සංස්කෘතික කතා අහනකොට. කොහොමහරි රැවුල වවන එකට කවුරු හරි බැන්නම අපේ කොල්ලෝ හරි අපූරුවට ඔය සංස්කෘතික කතාව ඇදලා ගන්නවා. ඉස්සර රජගොල්ලෝත් රැවුල වැව්වනේ. ඉතින් අපි වැව්වාම මොකද?

රැවුල් කතාව ඉවර කරන්න ඕනා. රැවුලක් වවන්න එක ලේසි නැහැ. ඒක මේන්ටේන් කරනඑක ලේසි නැහැ. ඒක ඉතින් දන්නේ රැවුල්කාරයෝම තමයි. පර්සනල්‍ටි ප්‍රතිරූපේ රැවුල හරහා ගොඩනගාන්න සමහරැ උත්සහ දරනවා. ඒත් ප්‍රතිරූපයවත් පර්සනල්ටියවත් තියෙන්නේ රැවුලේ නෙවෙයි බ්‍රෝ හදවතේ.

 

► Text - Nisal   /   Pic – Internet

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00