2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 109

ගං දෑල හැන්දෑව හරිම සොඳුරුයි 
සොඳුර 
අහල පහලක අතු අගිස්සක 
ඇවිත් වැහුවොත් 
නුඹත් රහසෙම 
ලිහිණියේ..

නිහඬ ගඟ දිය 
ගයන කවිකම් 
අසා ඉමු අපි 
ගෙවෙන තුරු රැය 
මිහිරි නෑ ලොව කිසිත් මෙතරම් 
තද අඳුර මිස 

නුඹේ අත්තටු සෙමින් පිරිමැද 
කියන්නද මං දිග කතන්දර 
වහින්නට පෙර මහා වැස්සක් 
අතරමං කර කොහේ හෝ අප 

ඒ හැටිම තව නෑ වෙලාවක් 
ගෙවී යන්නට මේ සුයාමය 
ඇස් හරිද්දී හරි බයයි මම 
හංඟන්නෙ ඒකමයි සෙනෙහස