2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

Phone කුරුල්ලයි රොබෝ චිට්ටීයි

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 82
 
මේ අහස උසට ගොඩනැගිලි තියෙන බොහොම ජනාකීර්ණ නගරයක සිදුවීමක්. මේ නගරයේ ඉන්න තරුණ තරුණියන් බාල මහලු හැමෝම අතේ මේ වෙද්දී ජංගම දුරකථන දකින්න තියෙන එක සාමාන්‍ය සුලභ සිදුවීමක්නේ. කෙනෙක් එක තැනක ඉඳන් සෙල්ෆියක් ගහනකොට තව කෙනෙක් වයිබර් එකෙන් ආව මැසේජ් එකක් දුරකථනයේ මුහුණතට එබිලා බලන ගමන් තනියම කොක් හඬදී හිනාවෙනවා. තව කෙනෙක් පැත්තක ඉඳන් මහ හඬ දීගෙන නලා නාද කරමින් යන වාහන ගැනවත් තැකීමක් නොකර ඉමෝ කෝල් එකක.
 
තව කෙනෙක් මැසේජ් එකක් කොටන ගමන් ඉන්නේ. හැමෝම මේ වෙද්දි ජීවත් වෙන්නේ පියවි සිහියෙන් නෙවෙයි. ඒත් මෙන්න එකපාරටම හැමෝගෙම අත්වල තියෙන නානා ප‍්‍රකාරයේ ජංගම දුරකථන කාන්දමින් වගේ ඉහළ අහසට ඇදලා ගන්නවා. ලක්ෂ ගාණක් ජංගම දුරකථනවලින් අත්තටු හදා ගත්ත යෝධ අමුතුම ආකාරයේ කුරුල්ලෙක් ගම් නියම් ගම් නගරවල අහස උසට හදලා තියෙන ගොඩනැගිලි බිමට සමතලා කරමින් පියාසර කරමින් ඉන්නවා. ඒක නතර කරන්න කෞතුකාගාරයක බල රහිත කරලා තියෙන චිට්ටී කියන රෝබෝ ගේන්නයි ආරක්ෂක අංශ සූදානම් වෙන්නේ. 
 
මහා අමුතු කතාන්දරයක් නේද? මේ සුන්දර ලොමු ඩැහැගැන්වෙන කතාවේ ඉතුරු කතාන්දරය දැනගන්න නම් ඔබට 2.0 කියන සිනමාපටය ඔබට නැරඹීමට සිද්ධ වෙනවා. 2018 නොවැම්බර් 29 වැනිදා සිට දමිළ හින්දි සහ තෙළිඟු භාෂාවලින් මේ සිනමාපටය තිරගත වෙන අතර විනාඩි 147ක ධාවන කාලයකින් යුතු මේ දැවැන්ත සිනමාපටය හදන්න ඉන්දියානු රුපියල් කෝටි 543ක් වියදම් කරලා තියෙනවා. මේ කියන 2.0 කියන සිනමාපටය එස්. ශන්කර් විසින් අධ්‍යක්ෂණය කරලා තියෙන අතර මේ සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ ඒ සුබාස්කරන් සහ රාජු විසිනුයි. එස්. ශන්කර් විසින් ලියලා තියෙන 4.0 සිනමාපටය සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ ඒ. ආර්. රෙහමාන්. ඒ වගේම 4.0 කියන භාෂා තුනකින්ම හදා තියෙන මේ සිනමාපටය ලොව පුරා බෙදාහැරීම් කරන්නේ ධර්මා ප‍්‍රඩක්ෂන් සහ ඒ ඒ ෆිල්ම්ස් කියන ආයතනවලින්. දැන් ඔබට කියන්න සූදානම් වෙන්නේ 4.0 සිනමපටයේ විවිධ චරිතවලට පණ දීලා ඒවා හැඩ කරන කට්ටිය ගැනයි. මේ සිනමාපටයේ ඉන්න රොබෝ චිට්ටී සහ ඩොක්ටර් වසීගරන්ගේ චරිතයට පණ පොවන්නේ තමන්ගේ ජීවිතය බස් එකක කොන්දොස්තරව‍රයෙක් විදියට වෘත්තීමය ජීවිතය පටන් ගත්ත දමිළ සිනමාවේ සක්විති රජ ලෙසින් කිරුළු පලන් ඔහුයි. 
 
 
1950 දෙසැම්බර් 12 වැනිදා ශිවාජී රා ඕ රමෝජී රා ඕ ගයික්වන්ඩ් ලෙසින් ඉන්දියාවේ මයිසූර් ප‍්‍රාන්තයේ බැංගලෝර්වලදී ඉපදුනු ඔහු අද වනවිට ඉන්දියාවේ තමිල්නාඩුවල චෙන්නායිවලයි ජීවත් වෙන්නේ. 1975 සිට ඉන්දියාවේ සිනමාව හා එක්ව කටයුතු කරන ඔහු තිර රචකයෙක්, නළුවෙක්, නිෂ්පාදකයෙක් විතරක් නෙවෙයි මහජන හිතෛෂී දේශපාලකයෙක් ලෙසින් ද කටයුතු කරනවා. 2016 දී පද්ම විභූෂණ සම්මානයෙනුත් 2000දී පද්ම භූෂණ සම්මානයෙනුත් පිදුම් ලැබූ ඔහු 1981 දී ලතා රජිනිකාන්ත් එක්ක විවාහ වෙන අතර ඔහු නමින් රජිනී කාන්ත් ලෙසින් ලොව වටා දමිළ සිනමාවේ පෙරළිකාර නළුවෙක්. ඔහුව හැමෝම හඳුනනවා. ඔව් රජිනි කාන්ත් තමයි 4.0 සිනමාපටයේ චිට්ටී කියන රොබෝගේ සහ ඩොක්ටර් වාසිගරන්ගේ චරිතයට පණ පොවන්නේ. ඊ ගාවට ඔබට කියන්න හදන්නේ මොබයිල්වලින් හැදිලා ඉන්න ඒ අමුතු ජාතියේ කුරුල්ලගේ චරිතයට ජීවය දෙන ඔහු ගැනයි. මෙන්න මේ සිනමාපටය ගැන කිව්ව ගමන් ඔහුව ඔබට මතක් වෙන්නම ඕන. 
 
Rustom (2017), Ajnabee (2001),  Garam Masala (2005), Khiladi  (1991), Sabse Bada Khiladi, Khiladiyon Ka Khiladi, Dil To Pagal Hai (1997), (2000) Hera Pheri, Khiladi 420, (2001) Ek Rishtaa: Ajnabee, Andaaz, 2004 Khakee , Mujhse Shaadi Karogi, Aitraaz, Bewafaa, Waqt:, Garam Masala, Dosti: Phir Hera Pheri, Jaan-E-Mann, Bhagam Bhag, Namastey London, Welcome (2007); Hey Baby, Bhool Bhulaiyaa, Tashan, Chandni Chowk to China, Kambakkht Ishq, De Dana Dan, Housefull, Khatta Meetha, Thank You, Desi Boyz (2011), Patiala House, 2012 Housefull 2, Rowdy Rathore, OMG, 2013 Special Chabbis, Once Upon a Time in Mumbai Dobaara!, Holiday:, Housefull 3, 2017 Toilet: Ek Prem Katha, 2018 Pad Man,
 
2009 දී මේ කියන්න හදන ඒ සුන්දර මනුස්සයට ඉන්දියානු රජය විසින් පද්ම ශ්‍රී සම්මානය පුද කරනවා. සින්දී ජාතිකයෙක් ලෙසින් ඔහු 1967 සැප්තැම්බර් 09 වැනිදා ඉපදුනේ ඉන්දියාවේ පන්ජාබයේ අම්රිත්සර්වලයි. ඔහු ඉපදුනේ රාජිව් හරි ඕම් භාටියා ලෙසිනුයි. මේ වෙනකොට ඉන්දියාවේ මහාරෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බයිවල ජීවත් වෙන ඔහු නළුවෙක්, නිෂ්පාදකයෙක් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ද වන අතර 1991 ඉඳන් ඔහු හින්දි සිනමාව නියෝජනය කරනවා. චෙෆ් කෙනෙක් සහ වේටර් කෙනෙක් ලෙසත් වෘත්තිය ජීවිතය ගතකරලා තියෙන ඔහු ආත්මාරක්ෂක සටන් ශිල්පය පුහුණු කරන ගුරුවරයෙක් විදියටත් වෘත්තීය ජීවිතය ගත කර ඇති අතර මේ වෙද්දී ඔහු ඉන්දියාවේ කාන්තාවන් වෙනුවෙන් ආත්මාරක්ෂක ශිල්පය නොමිලයේ උගන්වනවා. සිනමා සම්මාන බොහෝ සංඛ්‍යාවක් තමන්ගේ නමට අයිති කරගන්න සමත්කම් පෑ ඔහු ඉන්දියාවේ ජනප‍්‍රිය නළුවෙක් වූ රාජේශ් ඛන්නාගේ සහ හින්දි සිනමාවේ ජනප‍්‍රිය නිළියක් වන ඩිම්පල් කපාඩියාගේ බෑණනුවන් වන අතර ජනප‍්‍රිය සිනමා නිළියක් වන ට්වින්කල් ඛන්නාගේ දයාබර ස්වාමි පුරුෂයා වන ආක්ෂය කුමාර්. ඔව් ඔහුත් මේ සිනමාපටයේ දුෂ්ඨ චරිතයකට පණ පොවන බව තමයි ආරංචිය. 
 
 
ඊ ගාවට කියන්න හදන්නේ මේ සිනමාපටයේ ඉන්න ඊලා කියන තරුණිය ගැනයි. ඔව් මේ කියන්න හදන කෙල්ල එක වරක් දැක්කම ආපහු හැරිලා බලන්න තරම් ලස්සනක් තියෙන කෙල්ලෙක්. මෙන්න මේ සිනමාපටයන්හි ඇය තමන්ගේ දක්ෂතාවයන් මීට කලින් පෙන්වලා තියෙනවා. 
 
2010 Madrasapattinam, 2012Ekk Deewana Tha, 2014 Yevadu, 2015 Diya, Singh Is Bliing, Freaky Ali, Tutak Tutak Tukiya
 
1991 ජනවාරි 31 වැනිදා ඇය ඉපදුනේ ලන්ඩන්වල 2008 ඉඳන් ඇය හින්දි සිනමාව නියෝජනය කරනවා. ඒත් ඇය ජීවත් වෙන්නේ නම් එංගලන්තයේ ලිවර්පූල්වල වූල්ටන් කියන ප‍්‍රදේශයේයි. දමිළ, හින්දි, තෙළිඟු සහ කන්නඩා සිනමාපටවල ඇය රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඇයැලන් ජැක්සන් සහ මාර්ගරීටා ජැක්සන්ගේ දියණිය  ඇලන් ජැක්සන් තමයි 2.0 සිනමාපටයේ නීලාගේ චරිතයට පණ පොවන්නේ. ඔවුන්ට අමතරව සුදාංශු පාන්ඩේ, අදීල් හුසේන්, කලභවන් ශජෝන් සහ රියා ඛාන් කියන කට්ටියත් මේ සිනමාපටයේ ප්‍රධාන චරිතයන්ට සහායට පණ පොවන මහඟු කාර්යක් ඉෂ්ට කරන බව තමයි අපිට දැනගන්න ලැබුණේ. ඒ. ආර්. රහුමාන්ගේ මන බඳින සිත් වශී කරන සප්ත ස්වරයෙන් හැඩ ගන්වලා තියෙන මේ සිනමාපටයේ තියෙන සුන්දර ගීතවල පද නිර්මාණය කරලා තියෙන්නේ අබ්බස් තිරේවාලා. ඒ ගී පදවලට පණ දෙන්න ඒවා තමන්ගේ සුමිහිරි හඬ මුසු කරලා තියෙන්නේ අර්මාන් මලික්, ශාෂා තිරුපති, කෛලාෂ් ඛේර්, නකාස් අසීස්, ඒ. ආර්. රහුමාන් සහ සිසෑනා ඩී මෙලෝ.
 
► Translation — Chandana Waravitage