2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

මසාජ් කිව්වට මසාජ්මත් නෙවෙයි...

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:31 2023

මේ ස්ටෝරිය සැපට ගන්න පොඩි ආතල් එකක් ගැන. මේ සීන්-කෝන් එක ලියන එක නම් සිරාවට චාටර් තමයි. Ok. බට් මේකත් පට්ට Y Trend එකක්. නොලියා බෑනේ. කතාව කොටු කොටු. සත්‍ය දැනගැනීමේ ඔබේ පරම මෙව්වා එක වෙනුවෙන් ලියනවා Don't Worry ෆ්‍රෙන්ඩ්ස්.

මසාජ් සෙන්ටර් එහෙම නැත්නම් Spa ආතල් කෝටියයි. ලීගල් නම් Nothing ඒ වුණාට ගොඩක් අයට මේක Full හැපනින්. ඒ අතර දුක ශෝක දනවන කතන්දර නැතුවාම නොවෙයි ඉතින්. කතාවට Enter වෙන්නම් කෝ. කෙනෙක් මසාජ් යන්නේ ඇයි. ඇඟේ පතේ වෙහෙස නිවාගෙන රිලැක්ස් වෙන්න තමා සම්බාහනයක් අරගන්නේ. ඒක තමා හරිම කතාව. ඒත් ඉතින් අපේ කතාව ඒ ජාතියේ සම්බාහන ගැන නෙවෙයි.

හැම ටවුමක තියෙන කොල්ලෝ සැපගන්න යන මසාජ් සෙන්ටර් ගැන. ඔය කියන සීන් එක නෙවෙයි. මොකද මේ සැප. ඒ ජාතිය සැපකට කොල්ලෝ සෙට්වෙන්නේ ඇයි? ඒකට තියනවා පට්ට හේතු තොගයක්. වයස මදී, අංගනාවක් ළඟට යන්න බයයි, ලාබයි පහසුයි, සේෆ්ටිය හොඳයි, ලීගල් ප්‍රොබ්ලම් අඩුයි. මේ වගේ හේතු කෝටියයි.

ඔන්න Young Boy කෙනෙක් යනවා මසාජ් සෙන්ටර් එකකට. Frist Time මොකක්ද වෙන සීන් එක. තමන්ට ඕන කෙල්ලෙක්ව තෝරගන්න පුළුවන්. It’s ok. හැබැයි අලුත් එකෙක් ද පරණ එකෙක් ද මේ කියන එක අපේ මෑන් ඇතු වෙනකොටම ඇතුළේ උන් දන්නවා. එක්ස්පීරියන්ස්නේ. එහෙම වුණාම වයස ටිකක් එහෙට මෙහෙට වෙච්ච ලලනාවෝ ස්වයංවරයට ඉදිරිපත් කරනවා ඕනස්ලා.

ඔන්න ඉතින් හිත පත්තු වුණ එක තෝරගන්නවා එතකොට. හරි සීන් එක දැන් Continue  වෙනවා. මසාජ් එක ගන්න ප්ලේස් එකට යනවා. දැන් වොෂ් එකක් අරගෙන එන්න පුළුවන්. ඊටපස්සෙ මසාජ් එක. අලුත්නේ හාට් එක ඩප් ඩප් ගානවා. මසාජ් එක පටන් ගන්නවා. දැන් මසාජ් එක දෙන ලලනාව කතා කතා කර කර මසාජ් එක දෙන්නේ. කතාවෙන් පෙළඹවීම දෙනවා. වචනයෙන් ඊටපස්සේ ස්පර්ශයෙන්. මුලින්ම පිට පැත්ත හරවලා මසාජ් එක ට්‍රීට්මන්ට් එක හොඳට දෙනවා. ඊටපස්සේ උඩු යටිකුරැ වෙලා හැඟීම් අවුස්සනවා උපක්‍රමශීලීව. 

මසාජ් එක විතරද ගන්නේ? 
තව මොනවාද තියෙන්නේ?

ඔන්න දැන් කතාව කොටු කොටු. Big Seen එක නොවුණට සුළු පරිමාණෙන් වැඩේ වෙනවා. මේ වැඩේට ඉස්සරවෙලා සමහර ලලනාවෝ ටිප් එක බලාපොරොත්තු වෙනවා. පළවෙනි පාර නම් ඉතින් පොකට් එකට තට්ටු වෙනවා. බඩුම තමා.
අද වචන සැන්ඩි වැඩිකරලා සැර බාල කරලා අර පරිස්සම් කරලා කතාව කියන්නේ. සොරි වේවා. මේ මසාජ් සෙන්ටර්වලට ලයිෂන් ඕනා. ඒවට නම් එක එක කන්ඩිෂන් තියනවා. එවා එහෙම වුණාට වැඩේ සිද්ධවෙන්නේ එහෙම. මේ මසාජ් එක දෙන තැන නානාප්‍රකාර වැකි එහෙම ගහලා තියෙනවා. මෙහෙම හැසිරෙන්න එපා. අරවා කරන්න එපා. ඔය වගේ අනම් මනන් බෝඩ් කෑලි. ඒත් එව්වා කෙරෙනවා. කොල්ලෝ මේකට ඇබ්බැහි වෙනවා. තහනම් ගස්වලනේ රස පළතුරු තියෙන්නේ.

දැන් මේ මසාජ් සෙන්ටර්වල ඉන්නේ මොන වාගේ තරුණියෝද? බැන්ඳා එයා වෙන එක්කෙනෙක් එක්ක ගියා. සල්ලි එපැයි මේකට සෙට් වුණා. පොඩි බබෙක් ඉන්නවා. ආර්ථික ප්‍රශ්න තමයි මේවාගේ රස්සාවල් තෝරගන්න මුල. ඔය වගේ කතා ගොඩක් මේ වගේ තැන්වලින් ඇහෙනවා. ඇතුළේ සුළු වැඩේ එළියෙදි මහ වැඩේ. ප්‍රයිවෙට් සෙට් කරගන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. සමහරු එහෙමයි. තව සීන් එකක් තමයි හිරිමල් තරුණ කාලේම මේකට සෙට්වෙලා පිරිමි කොච්චර අත ගාලා තිබ්බත් සමහරු ආදරයක් නම් කවදාවත්ම ලබලා නෑ. එහෙම වෙලාවට මසාජ් Love එහෙමත් බිහිවෙනවා.

මාසාජ්වල ඩීල් සීන් එක වෙනස්. මූලික ගාණ ආයතනයට දෙන්න ඕනා. ටෝක් කරලා තමා ඉතුරු ගේම ගහගන්න ඕනා. සීන් එක මෙහෙමයි දැන් පළපුරුදු කොල්ලෙක් ට්‍රීට්මන්ට් එකක් ගත්තා කියමුකෝ. ඔයාට මොනවද ඕනා? කියලා අහනවා ලලනාව. අරක කරන්න මෙච්චරයි. මේක කරන්න මෙච්චරයි. එක එක ගණන්. ඊටපස්සේ පුරුදුකාරයෙක් නම් පැත්තකට ටෝක් කරනවා. අපි මේවට එන්නේ පුරුදුවෙන්න නෙවෙයි. ඔහොම ටෝක් කරගෙන යද්දී අඩු මිලට වැඩි සේවාවක් ගන්න පුළුවන්. ගෙවන ගාණේ තරමට සැප සනීපේ වැඩිවෙනවා. මෙහෙමයි ඕකෙදී ගොඩක් ලලනාවෝ රෙස්පෙක්ට් දානවා. මේක පුරුද්දට ගියාම එක්කෙනෙක් සෙට් කරගෙන හරියට Talk කරලා ඊළඟ පාර රෙඩි වෙලා ගිහින් මහ පරිමාණ සේවාවක් ලබාගන්න තරම් දක්ෂ තාරුණ්‍යයක් ඉන්නවා අද රටේ.

දැන් මෙහෙමයි ස්ටෝරිය පැහැදිලියිනේ. කොල්ලෝ මසාජ් එකක් ගන්න Spa යන්නේ මසාජ් එකට එහා ගිය Feeling එකක් ගන්න පුරුදු වුණොත් කුඩු ගැහුවා වගේ තමයි. අතේ වත තියන කල්.... හිත සැපම සොයන කල්.... බෝයිස්ලා මසාජ් යනවා. ඔක්කොම නෙවෙයි ආ.... මෙහෙම තවුසන්ඩ් ෆයු හන්ඩ්‍රවල ඉඳලා උඩ ලොකු ලොකු ගණන් වෙනකල් මසාජ් සෙන්ටර් තියනවා. කොළඹට කිට්ටු වෙනකොට තායි චයිනීස් මැලේෂියන් කෙල්ලෝ මේවල ඉන්නවා. ගාණ සැරයි. කොහොම වුණත් ටිප් එක තමා ඉන්පෝටඩ්. සමහර ඒවා සාද ලෙවල් එකේම යනවා. Night Saloon Spa ඔහොම එව්වාත් තියෙනවා. එව්වාගේ ඉතින් ලොකු ලොකු අය ලොකු ලොකු වැඩ. අපි කතා කරන්නේ Nomel සීන් එක රට වටේ තියන එක.

මෙහෙමයි වයසක අංකල්ලා බැඳපු මිනිස්සු පවා මසාජ් යනවා. ඒ ගැන තියන ට්‍රෙන්ඩ් එක වෙනම සීන් එකක්. ඒ වලටත් තියෙනවා හේතු. තව සීක්‍රට්ස් සීන්. එකක් කොළඹ රටේ පොෂ් ලෙවල් එකේ මැඩම්ලා මසාජ් යනවා කියලා අපි දන්නවානේ. ඒක පස්සෙත් හොඳ වගේම නරක අරමුණුත් තියනවා. ඒවා අදාළ නෑනේ Y Trends නේ.

ඕනෑම කොල්ලෝ සෙට් එකක මසාජ් යන කොල්ලෙක් දෙන්නෙක් ඉන්නවා කියන්නේ හරිම සාමාන්‍ය දෙයක් අද young Generation එකේ. කොහොම වුණත් මේක නූතන කාමරැල්ලේ එක්තරා ස්වරූපයක්. ලොකු Y Trend එකක් වෙමින් පවතින් දැනට Medium ලෙවල් එකේ තියෙන එකනේ. මේක ලෝක මට්ටමිනුත් තියෙන රැල්ලක්. ලෝකේ නම් මැදිවයසේදී තමයි මේ පෙළඹීම තියෙන්නෙ. මොකද යුරෝපාකරයේ ලිංගිකත්වය විවෘත දෙයක්නේ. මෙහෙ සංචාරකයෝත් මේ මසාජ්වලට යනවා. එහෙම ගියාම එක්කන් ගිය ගයිඩ්ටත් මසාජ් එකක් ෆ්‍රී දෙනවා.

මේක වෙනම උප සංස්කෘතිකයක්. ඒ වටා බැඳිච්ච පුරුදු භාවිතාවන් ගොඩයි. කොහොම වුණත් අතේ වත හිඳෙන, සදාචාරය සංස්කෘතිය විනාශවෙන, ඇබ්බැහියක් තමා මේ මසාජ් කියන්නේ. පොලීසිය ඉඳලා හිටලා ලොකු ලෙවල් එකේ ඒවා වටකරාට රට වටේම හැමතැනම මේවා තියෙනවා. ඇති හැකි ලොකු ලොක්කෝත් සැප හොයන නිසා මේවා රටේ පාලනය වෙන පාටක් නම් නෑ. 

ආයේ Next Week බ්‍රෝ.

 

► Text - Nisal   /   Pic – Internet