2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

බ්‍රා සයිස් එකයි ගුටි කෝටියයි !

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 134
 
ටොක් ටොක් ටොක් ටොක්
උදේ පාන්දරම ගේට්ටුවට ගහනවා. ටික වෙලාවක් ගිහිල්ලා ඒ සද්දේ නැතිවුණා. ඒත් මෙන්න ටික වෙලාවක් ගියා විතරයි. 
 
ට්‍රීං ට්‍රීං ට්‍රීං..........
 
විදුලි සීනුව අතොරක් නැතුව නාද වෙනවා. සල්වාර් ඇඳුමකින් සැරසුණු කාන්තාවක් දොර අරිනකොටම කණ්ණාඩියක් දාගත්ත මිටි පුද්ගලයෙක් ටිකක් මහත තරුණයෙක් එක්ක ඒ ගෙට ඇතුළු වෙන්නේ ගුඩ් මෝර්නින්ග් නෝනා අද ලස්සන දවසක් ඒ වගේම වාසනාවන්ත දවසක්. උදේ පාන්දරම මිස් වගේ ලස්සන කෙනෙක් එක්ක තමයි අපිට කතා බහ කරන්න හරි හම්බවුණේ. ඉතින් මිස් අපේ ගාව හොඳ අලුත්ම බ‍්‍රෑන්ඩ් ටිකක් තියෙනවා. මිස් ඒවා ටිකක් බලලා ඉන්නකෝ අපි සේල්ස්මන්ලා දෙන්නෙක්. මේ ඉන්නේ ලේ ලේ. මම පීකේ. ගෙදර තව කවුද ඉන්නේ? තව මිස් අපිට මිස්ලත් එක්ක කතා කරන්න පුළුවන්නේ. එන්න අපි වාඩිවෙලාවම කතා කරමු... නිවසේ හිමිකාරියට වචනයක්වත් කතා කරන්න ඉඩ නොතියා අමුත්තෝ දෙන්නෙක් මැද සාලේ තියෙන පුටු සෙටියෙන් වාඩිවෙනවා. ගෙදර හිමිකාරිනිය වුණු මැදිවියේ කාන්තාවත් ඔවුන් ඉස්සරහා තියෙන තවත් පුටුවක වාඩිවෙනකොට ලස්සන කෙල්ලෙකුත් එතනට එනවා. මහත තරැණ සේල්ස්මන් ගාව ට‍්‍රැවලින් බෑග් එකක මොනවදෝ අලෙවියට ගෙනාව දේවල් තියෙනවා. එක පාරටම අර ලස්සන තරුණිය දිහා බලාගෙන ප‍්‍රශ්නයක් අහනවා. මිස් මිස්ගේ නම්බර් එක කීයද? ඒ තරුණියත් බින්දුවයි එකයි එකයි දෙකයි තුනයි පහයි හයයි.... කියලා නිවසේ දුරකථන අංකය කියද්දිම කණ්ණාඩියක් දාගෙන ඉන්න මිටි මැදිවියේ කෙනා ‘‘මිස් අපි ඇහුවේ ගෙදර ටෙලිෆෝන් නොම්මරේ නෙවෙයි මිස් අඳින බ‍්‍රා සයිස් එක කීයද? 
 
ඩිෂුම්... දඩිං බිඩිං.. ඉයෑහ්...
 
සද්ද ගොඩයි. අපේ සේල්ස්මන්ලා දෙන්නා ඒ නිවසේ දොර ගාව බිම වැටෙනකොටම දඩාස් ගාලා ඒ නිවසේ දොරත් වහලා දැම්මා... මම මේ කිව්වේ පීකේලේලේ කියන සේල්ස්මන්ලා දෙන්නගේ කතාව. මේ ගෙදරින් විතරක් නෙවෙයි ඔවුන් දෙන්නට යන යන ගෙවල්වලින් හොඳටම ගුටි කන්න වෙනවා. මොකද මේ දෙන්නා අලෙවි කරන්නේ කාන්තා යට ඇඳුම්. ඉතින් ඒ අය අලෙවි කරන්න ගිහිල්ලා නිවෙස්වල ඉන්න කාන්තාවන්ගෙන් විතරක් නෙවෙයි පිරිමින්ගෙනුත් මේ දෙන්නටම හොඳටම කියන්න වෙනවා. ආ තව දෙයක් කියන්න තියෙනවා. මේ දෙන්නගෙන් තරුණ පාහේ හාදයා තාම පෙළවහක් එහෙම කරගෙන නැහැ. මේ වෙද්දී ඒ හාදයට කසාද බඳින්නත් කෙනෙක්ව හොයමිනුයි ඉන්නේ. ඒක කරන්නේ මංගල ආයතනයක් හරහා සහ ඔහුත් එක්ක අලෙවිකරුවෙක් විදියට වැඩ කරන හිතවතා එක්කයි. ඔහුගේ නම පීකේ.
 
 
පීකේට ඕන කරන්නේ විවාහයක් කරගෙන සාමයෙන් සතුටෙන් ජීවත් වෙන්නයි. කෙල්ලො ගොඩාක් හමුවෙන්න ගියත් දවසක් ඔහුගේ හිත මොනිකා මාර්ලෝ කියන ලස්සන කෙල්ල දැක්ක ගමන් ඔහුට අහිමි වෙනවා. මොකද ඔහු ඇයව දැක්ක ගමන් ඇයට ආදරය කරන්න පටන් ගන්නවා. ඒත් මොනිකා මාර්ලෝ කියන්නේ ව්‍යාපාර ලෝකයේ ඉහළින්ම ඉන්න කාන්තාවක් වන මාරි මාර්ලෝගේ එකම දියණියයි. කතාව ගොඩාක් ලස්සනයි නේද? 
 
මම අද ඔබට මේ කිව්වේ 2018 දෙසැම්බර් 14 වැනිදා තිරගතවෙන පීකේ ලේලා සේල්ස්මන් කියන හින්දි සිනමාපටයේ කතාවෙන් ටිකක්. මානව් සෝහල් විසින් ලියලා තියෙන අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් ඔහු විසින්මයි. ඒ වගේම පීකේ ලේලේ සේල්ස්මන් හින්දි සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ සයිලේෂ් ගෝස‍්‍රනී සහ මානව් සෝහල්. මේ සිනමාපටයේ පීකේගේ චරිතයට පණ පොවන්නේ මේ සිනමාපටයේ අධ්‍යක්ෂවරයා වගේම නිෂ්පාදකවරයෙක් ද වන මේ සිනමාපට රචනය කළ 2008 වසරේදී තිරගත වුණු ඒක් ප්යාර් ඒසා භී සහ 2010 දී තිරගත වූ ඒක් චුට්ටි ආස්මාන්, රංගනයට එක්වූ මාන්ව් සෝහල් විසිනුයි. පීකේ ලේලේ අ සේල්ස්මන් හින්දි සිනමාපටයේ ලේලේගේ චරිතයට පණ පොවන්නේ මෙන්න මේ සිනපටයන්හි විවිධ චරිතයන්ට පණ පොවලා තියෙන ඔහු විසිනුයි.
 
FryDay,Batti Gul Meter Chalu,Bioscopewala,Rustom,Youngistaan,Bhoothnath Returns,Jolly LLB,Jannat 2,Paan Singh Tomar,Agneepath,Mere Brother Ki Dulhan,Pappu Can’t Dance Saala, Raat Gayi, Baat Gayi,Jab We Met,Bunty Aur Babli
 
උත්තර් ප‍්‍රදේශ්හි මතුරාවල ඉපදිලා තියෙන ඔහු නළුවෙක් වගේම තිර රචකයෙක් ද වෙනවා. ඔහු නමින් බ්‍රිෙජ්න්ද්‍ර කාලා. මොනිකා මාර්ලෝගේ චරිතයට පණ පොවන්නේ ලස්සන කෙල්ලෙක්. ඇය Life Beyond Superstition (2010), Ammaa Ki Boli (2013) සිනමාපටවලින් ඔබ දැකලා තියෙන ස‍්‍රවානී ගෝස්වාමී. ඇය තමයි මොනිකා මාර්ලෝගේ චරිතය හැඩ කරන්නේ. ඇයගේ මව මේරි මාර්ලෝගේ චරිතයට පණ පොවන්නේ 1988 අගෝස්තු ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ නාග්පූර්වල ඉපදී දැනට මුම්බායිවල ජීවත් වෙන කෙනෙක්. ඇය නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක් ද වෙනවා. ටෙලි නාට්‍ය නිළියක් ද වන ඇය වෛෂ්නාවී ධනාජ්. ඇය තමයි මේරි මාර්ලෝගේ චරිතයට පණ පොවන්නේ. 
පීකේ ලේලේ අ සේල්ස්මන් හින්දි සිනමාපටයේ තියෙන සුන්දර ගීතයන්හි පද ගලපලා තියෙන්නේ අර්වින්ද් සිං සෝහල් වන අතර ඒවා සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ නායබ් අලී විසිනුයි.
 
තව දෙයක් කියන්න තියෙනවා. මේ සිනමාපටය පවුලේ හැමෝම එකට වාඩිවෙලා ඉඳගෙනනම් බලන්න ටිකක් අපහසු දර්ශනත් තියෙන බව තමයි ආරංචිය. කාලෙකට පස්සේ හොඳට හිනාවෙමින් විනෝද වෙන්නනම් මේ සිනමාපටය කියාපු එකක් බව තමයි ඉන්දියාවේ සමහර මාධ්‍යවල කියල තිබුණේ. ඒ වගේම මේ සිනමාපටය රූගත කරද්දී යට ඇඳුම් එහේ මෙහේ විසි කරන්න ගිහින් හරි හරි අත්දැකීම්වලටත් මේ සිනමාපටයට සම්බන්ධ වුණු කට්ටියට සිද්ධ වුණා කියලත් ඒවායේ සඳහන් කරලා තිබුණා.
 
► Translation — Chandana Waravitage
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00