හිම ඉහිරෙන මිටියාවත
දේවදාර ගස් මුදුනින්
ගිලිහී ආ පිනි බිඳුවක්
වැටුණා හදවත මැද්දට
මඟ තොට හැම වැලි කැටයක්
මල් පඳුරක් මහා ගහක්
එදා වාගෙමයි අදත්
මම හොයන්නෙ කෝ දෙවියන්
ශුභාරංචි නෑ ඇසුණේ
ආදරයේ වීදි දිගේ
සුළඟක් සේ ඇවිත් ගියේ
ප්‍රේමය නොව මායාවක්
ඒ මෙතුවක්
මහා වැවක් විය නුඹ මට
මගෙ සරතැස ඉල්ලා ගත්ත
දුටුවෙමි මම නුඹගෙන් අද
ආදරයේ හැම මහරුත්
ජීවිතයම අද අහසක්
ලියාගන්න බැරි කවියක්