2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 43

ඔබේ ඇස් අස්සේ 
හැංගෙන්න ආසයි 
හෙමින් ඇවිදින් 
රැඳෙන කඳුළක් 
සිප ගන්න ආසයි..

ජීවිතේ මට කියාදෙන්නට 
අඳුරු මන්දාරම් සැඳෑවක 
තාරකාවක් වෙලා ඇවිදින් 
හිටිය හැටි මතකයි 
අහස දුර වග 
දැන දැනත් මම 
පෙම් කළා මතකයි 

ඇවිත් වැස්සක් 
තෙමා පොළොවම 
සැනසුවා මතකයි 
මටත් මා නැති 
දිනක් හිමිකර 
ගිය වගත් මතකයි