2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

බැණුම් .... බැණුම් oh... Accident

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 67

මේඝනා - එකට වැඩ කළත් මං මිනිසුන්ට සාමාන්‍යයෙන් ගොඩාක් වෛර කළා.
වට්ස් රෝන්ග් විත් යූ.

මේ නගරයක තියෙන නිස්කලංක මාර්ගයක සිදුවීමක්. මේ මාර්ගය දෙපසම නවීන පන්නයේ රථවාහන නවත්තලා තියෙනවා. සාරියක් ඇඳලා ඉන්න ලස්සන තරුණියක්, ඇය ඉස්සරහ හිටගෙන තොප්පියක් දාලා කළුපාට අත්කොට ෂර්ට් එකක් ඇඳගෙන ඉන්න තරුණයෙක්ට බැණලා බැණලා ටැක්සියක නැගලා යන්න යනවා. ඒ ටැක්සියේ අලුත්ම ස්කූටි බයික් එකක් හැප්පෙනවා. වටේ පිටේ මිනිස්සු කඩිගුලක් ඇවිස්සිලා වගේ එතනට රොක් වෙනවා.
මේඝනා - යේහ්.

ටැක්සිකාරයා - අනේ මැඩම් ලෙෆ්ට් ලෙෆ්ට් ලෙෆ්ට් කිව්වා මං වමට හැරෙව්වා.
උපැස් යුවලක් පැළඳි තරුණයා - ඒ කියන්නේ ඔයයි වැරැද්ද කෙරුවේ නේද?
මේඝනා - මාත් එක්ක දැන් ඔයාට රණ්ඩු වෙන්නද ඕන?
උපැස් යුවළ තරුණයා - ඒයි.... ඒයි...

ඔහුට තවත් මොකුත්ම කියන්න ඉඩක් නොතබන ඔවුන් ගාවට මීට ටික වෙලාවකට මේඝනා බැණලා බැණලා ආවා. කළු තොප්පියකින් සැරසුනු තරුණයා එතනට දුවගෙන එනවා. ඔවුන් දෙන්නා පොලිස් නිලධාරියෙක් ගාව දැන් ඉන්නේ.
කළු තොප්පිය දාගත්ත තරුණයා - මෙයාගේ මොබයිල් ෆෝන් එක චණ්ඩියෙක් උදුරගෙන් ගියා ස්කූටියකින්.

මේඝනා - මේ එහෙම නෙවෙයි වුණේ හරිද? මෙන්න මෙයා හින්දා මගේ ෆෝන් එක හොරු ගත්තා
මේඝනා ගෙදර ගිහිලා ලැප්ටොප් එක දිහා බලාගෙන කතා කරමින් ඉන්නේ. ඇය මේ වෙලාවේ කතා කරන්නේ ඇයගේ දුරකතනය ගත්තා කියලා චෝදනා කරන උපැස් යුවල පැලඳි තරුණයත් එක්කයි.
මේඝනා - මේ මං මේ වෙලාවේ ගොඩාක් ලොකු ප‍්‍රශ්නයක ඉන්නේ.
උපස් යුවළ පැළඳි තරුණයා - මමත් ඔයාට වැඩිය ලොකු ප‍්‍රශ්නෙක ඉන්නේ. මගේ පස්සෙන් තුවක්කුවක් ගත්ත කෙනෙක් පන්නනවා.
ඒත් ඔයාගේ වැඩේ සිද්ද වෙනවා. ඒත් මගේ වැඩේ නැහැ.
මේඝනා - මොන විකාරයක්ද මේ. ඔයාට මොනවද මගෙන් ඕන.

ඇය ඉක්මනින් ඇඳ පැළඳගෙන ගෙයින් එළියට බහිනවා. මේඝනා යන්නේ බෝට්ටුවක නැගලා ඉන්න තරුණයෙක් ගාවට.
මේඝනා - සී.අයි.ඩී. එකට ඒ ෆෝන් එක හම්බ වුණොතින් ඔයාගේ කැරියර් එක ඉවරයි.
තරුණයා - ඒක ඔයා ඩිලීට් කළේ නැත්තේ ඇයි?
මේඝනා - ඩිෂුම්

මේ අතරේ සී.අයි.ඩී. එක පාර්සලයක් හොයමිනුයි ඉන්නේ. ඔවුන් මේඝනා සහ ඇය කතාබහ කරන අය පස්සෙත් ලුහුබඳිනවා. ඒ පාර්සලේ මොනවද තියෙන්නේ. මේඝනා පස්සෙන් සී.අයි.ඩී. එක ලුහු බඳින්නේ ඇයි? ඇය පස්සෙන් යද්දී සී.අයි.ඩී. එකට සිද්ධ වෙන රසවත් විහිළු සිද්ධීන් ඇතුළු ඉතාම රසවත් මනරම් රමණීය මේ කියාගෙන ආව කතාව රහ බලන්න ඔබටත් 2019 ජනවාරි 11 වෙනිදා වෙනකම් බලාගෙන ඉන්න වෙනවා. අද අපි ඔබට කිව්වේ බොම්බයිරියා කියන හින්දි සිනමා පටයේ කතාවයි. මේ සුන්දර සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ පියා සකුන්යා. බොම්බයිරියා හින්දි සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ මයිකල් ඊ වාර්ඩ්. බොම්බයිරියා හින්දි සිනමාපටයේ කතාව එහි නිෂ්පාදක මිචෙල් ඊ වාර්ඩ්ගේ සහ අධ්‍යක්ෂිකා පියා සකුන්යා සහ ආර්තී බාග්දීගේ වන අතර කතාව ලියලා තියෙන්නෙත් මයිකල් ඊ වාර්ඩ්  විසින්මයි. ආර්කෝ ප‍්‍රාවෝ මුඛර්ජී සහ අම්ජාද් නදීම්ගේ සප්ත ස්වර රටාවන්ගෙන් හැඩවෙලා තියෙන බොම්බයිරියා කියන හින්දි සිනමා පටයේ තියෙන චරිතයන්ට පණ පොවන කට්ටිය ගැන කියන්නයි දැන් සූදානම් වෙන්නේ. මේඝනාගේ චරිතයට පණ පොවන්නේ 1985 සැප්තැම්බර් 07 වැනිදා ඉන්දියාවේ තමිල්නාඩුවේ වෙල්ලෝරාවේ ඉපදිලා දැනට ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ මුම්බායි නගරයේ ජීවත්වන 2003 ඉඳන් නිළියක් විදියට කටයුතු කරන ඇය 2013 ඉඳන් විවාහවෙලා ඉන්නේ බෙනඩික්ට් ට්‍රේලර් එක්කයි. මෙන්න මේ සිනමා පටවලිනුත් ඇයව ඔබ දැකල තියෙනවා. බලන්න ඔබට ඇයව මතක් වෙනවද කියලා..

Vaah! Life Ho Toh Aisi! (2005). 2015 Badlapur, 2018Lust Stories, Lai Bhaari (2014)Kabali (2016), Pad Man (2018), Andhadhun (2018)
මේඝනාගේ චරිතයට පණ පොවන්නේ හින්දි දමිළ තෙළිඟු මළයාලම් සිනමපටවලත් ටෙලි නාට්‍යවලත් විවිධ චරිත නිරූපණය කරන රාධිකා ආප්තේ. රාධිකා එක්ක මේ සිනමාපටයේ විවිධ චරිතයන්ට සිද්ධාන්ත් කපූර්, ආක්ෂය ඔබරෝයි, ආදිල් හුසේන්, රවි කිෂන්, අමිත් සියල්, අජින්ක්යා ඩියෝ, ශිල්පා ශුක්ලා සහ සානියා අන්ක්ලෙසරියා කියන නළු නිළියන් පණ පොවනවා.

මේ සුන්දර හින්දි සිනමාපටයේ සුන්දරත්වය වැඩි කරන්න ඒ සිනමාපටයේ තියෙන මනබඳින ගීතවල පද ගලපලා තියෙන්නේ ආර්කෝ , මයිකල් ඊ වාර්ඩ්, අම්ජාද් නදීම් ඒ ගී පද සප්ත ස්වරයෙන් හැඩකරලා තියෙන්නේ ආර්කෝ ප‍්‍රාවෝ මුඛර්ජී ඒ ගී පදයන්ට පණ දෙන්න තමන්ගේ රමණිය හඬ මුසු කරලා තියෙන්නේ ආර්කෝ ප‍්‍රාවෝ මුඛර්ජී, නව‍්‍රාජ් හන්ස්, යස්සීර් දේසායි, මේරජ් වර්සි, රියාස් වර්සි, ෆරාස් වර්සි සහ අක‍්‍රිති කක්කර්.

මේ සිනමාපටය රූගත කරන්න පටන් අරන් තියෙන්නේ නම් 2015 වසරේ. මෙතරම් කාලයක් සිනමාපටය තිරගත කරන්න කාලය අරගෙන තියෙන්නේ මුම්බායි නගරයේ ගොඩාක් අපහසුවෙන් ෂූටිං කරන්න වුණු නිසා කියලයි මේ සිනමා පටයේ නිෂ්පාදක කණ්ඩායම නම් කියන්නේ. මේ සිනමා පටයේ අධ්‍යක්ෂවරයා ඒ ගැන කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. සිනමා පටයෙන් කියන්නේ මුම්බායි නගරයේ සිද්ධ වුණු සත්‍ය කතාවක්. ඒ හින්දා සිනමා පටයේ ෂූටිං කරන්න ලොකු වියදමක්  ඕන වුණා. ඒ වගේම් ඒක මහ දුෂ්කර කාර්යයක් වුණා. ඒ හින්දා ගොඩාක් දේශීය නිෂ්පාදකයින් අපිත් එක්ක මේ සිනමා පටය හදන්න එකතු වුණේ නැහැ. මේ සිනමා පටය ලොකේෂන් 40කදී තමයි ෂූට් කළේ. ඒ අතරේ සිද්ධාන්ත් කපූර් අනතුරට පත් වුණා. මැහුම් 47 එයාගේ අතට දාන්න වුණා. ඒ වගේම විෂුවල් එෆෙක්ට්ස් දාන්න අවුරුද්දක් විතර ගියා. මේ සිනමාපටය මුම්බායිවල ජීවත්වෙන මගේ සහ මගේ බිරිය සුඛන්යාගේ පෞද්ගලික අත්දැකීමක්. ඒක තමයි මේ සිනමාපටයේ විශේෂත්වය. ඔබ බලලම තීරණයක් ගන්න දීර්ඝ කාලයක් ගත්ත හේතුව. ඔබට එතකොට තේරුම් ගන්න පුළුවන්. එහෙම තමයි මේ සිනමාපටයේ අධ්‍යක්ෂවරයා නම් කියන්නේ. 

 

► Translation — Chandana Waravitage