ප්‍රධාන නිළියට ඩෝං ගිහින්
ඔන්න එකමත් එක පළාතක චිත්‍රපටයක් රූගත කරනවලු. ඒකෙ ප්‍රධාන චරිත දෙක කරන්නෙ අලුත් නිළියො දෙන්නෙක්. අලුත් කිව්වට අලුත්මත් නෙවෙයි, ඒත් ප්‍රධාන චරිත ලැබෙන්නෙ හාවා හඳ දකින්නා වගේ නිසා ඒගොල්ලො අලුත්ම තමයි.
හැබැයි හැසිරීමනම් චිත්‍රපට සීයක රඟපෑවා වගේලු. එක්තරා පත්තරේකින් චිත්‍රපටය ගැන අධ්‍යක්ෂකවරයාගෙන් කෙටි විස්තරයක් අරගෙන නිව්ස් එකක් පළකරලා තියෙනවා.
ඒත් ඒකෙ එක ප්‍රධාන නිළියකගෙ නම කියවිලා නැහැලු.
ඔන්න පත්තරේ ඔය ප්‍රවෘත්තිය පළවුණු දවසෙ ඉඳලා මේ නිළිය ෂූටිං එන්නෙ නැහැල්ලු.
නිෂ්පාදකවරයා බොහොම අමාරැවෙන් පින්සේණ්ඩුවෙලා තමයි කෙල්ලව ආපහු ගෙන්න ගෙන තියෙන්නෙ.
මෙයා හරිම කුකුළා
ටෙලිනාට්‍ය කීපයක රඟපාලා රංගනයට දක්ෂතාවයක් තිබෙන බව ඔප්පු කරපු නළුවෙක් දැන් ඔහුගේ රැකියාවෙනුත් අයින්වෙලා රංගනය වෙනුවෙන් කැපකරන්න තීරණය කරලා තියෙනවා.
ක්ෂේත්රයේ බොහෝ අය ඇසුරු කරන්නට ඔහුට ලැබී නැති නිසා ඔහු ගැන දන්නේ සීමිත පිරිසක්. සමහර අධ්‍යක්ෂකවරු කවුරු හෝ දන්නා හඳුනන අය මාර්ගයෙන් ඔහුව ඔවුන්ගේ නිර්මාණවලට සම්බන්ධ කරගන්න උත්සාහ ගන්නවලු.
එවැනි සිද්ධියක් අපට පහුගිය දවසක මේ අන්දමට ආරංචි වුණා.
හලෝ... මම මේ ටෙලිනාට්‍යයේ ඩිරෙක්ටර්. ඔයා දන්නවද අර නාට්‍යයේ ඉන්න අලුත් කොල්ලා. මගේ අලුත් නිර්මාණයට ගන්න හිතන් ඉන්නවා මොකද එයාට හරියන චරිතයක් ඒකෙ තියෙනවා...
ආ අර කියන්නෙ අහවලා නේද? ඔව් ඔව් මිනිහා හරි දක්ෂයා. ඇඟේම තියෙනවා. ඒත් ඉතින් මිනිහා හරි කුකුළා.
කුකුළා කිව්වෙ? කුකුළෙක්ද? අපෝ එහෙනම් අවුල්නෙ - මගේ ටෙලිනාට්‍යයේ මේන් රෝල් කරන කෙල්ලො හතර දෙනෙක්ම ඉන්නවා...
අයියෝ මම කිව්වෙ එයා එහෙම කුකුළෙක් නෙවෙයි. එයා කීයට නිදාගත්තත් පාන්දර හතර වෙද්දි ඇහැරෙනවා. ඉතින් සෙට්වල කට්ටිය එයාට කුකුළා කියලා තමයි කියන්නෙ.
කුපාඩියා ගීතයක් උස්සලලු
මීට දෙවසරකට විතර කලින් සිනමා අධ්‍යක්ෂකවරයෙකුගෙ අවසාන චිත්‍රපටයෙ වැඩ අවසන් වෙනවත් සමඟම ඔහුත් අවසන් ගමන් ගියා.
ඒ චිත්‍රපටයේ සංගීතය සපයපු සංගීතවේදියා ලවා ගීත දෙකක් චිත්‍රපටයට හදාගෙන තියෙනවා. ඔහුට ඒ සඳහා ගෙවීම් කරලත් තියෙනවලු.
ඔන්න දැන් මේ චිත්‍රපටයෙ ගීතයක් මේ සංගීත ශිල්පියා උස්සලා වෙන චිත්‍රපටයකට දීලා කියලා ලොකු ගෝරණාඩුවක් මූණු පොතේ දිගහැරෙමින් යනවා
චිත්‍රපටයට සම්බන්ධ නළු නිළියො කියන්නෙ ඒ අධ්‍යක්ෂකවරයාට කරන ගෞරවයක් හැටියට මේ චිත්‍රපටය කොහොම හරි ප්‍රදර්ශනය කරන්න කටයුතු කරනවා කියලා. ඒත් අර සින්දුවට වෙච්ච දේ ගැන හැමෝම කුලප්පුවෙලා.
චිත්‍රපටයෙ නම කුපාඩියා කියලා මුලින්ම කියන්න අමතක වුණා.
ක්‍රිකට් පිස්සු ඩිරෙක්ටර්
ක්‍රිකට්වලට අකමැති කවුද? විශේෂයෙන් අපේ ලංකාවෙ කොල්ලො මැච් ගහනකොට නිවාඩු දාගෙන ගෙදර ඉන්න ක්‍රිකට් පිස්සො ඉන්නවනෙ. හැබැයි මේ ක්‍රිකට් පිස්සා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්. අවුරුද්ද පටන් ගන්න කොටම මෙයා දන්නවා ලංකාවෙ ක්‍රිකට් මැච් වැටෙන දවස්. ඉතින් මෙයා ටෙලිනාට්‍ය ෂෙඩුල් හදනකොට ඒ දවස්වල බරපතළ වැඩ දාගන්නෙ නෑ. දිවා - රෑමැච් තියෙනකොට නයිට් ෂූට් නැහැ.
මුල් කාලෙදි මැච් යන ගමන් ෂූටිං කරගෙන ගියාලු ෂේප් එකේ. හැබැයි ඒ කාලෙට රෙඩී, ඇක්ෂන්, කට් වෙනුවට මෙයාගෙ කටින් පිටවෙන්නෙ නෝ බෝල්, වයිඩ් ක්ලීන් අවුට් කියලලු.
සෙට් එකේ ලයිට්වල අවුලක් තියෙනවා කියලා එයාට කිව්වම, එයා කියනවලු තර්ඩ් අම්පයට දාන්න කියලා.
අර සීන් එකට බයවෙලා
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වුණු එක්තරා චැට් වැඩසටහනකට සහභාගි වූ දෙතුන් දෙනෙක් අතර පොඩි ආරවුලක් ඇතිවුණාලු.
ඒක පටන් අරන් තියෙන්නෙ ඒ වැඩසටහනට සහභාගි වුණු එක්තරා නිළියක් බයිට් කරන්න ගිහින් වෙච්ච ඇබැද්දියක් නිසා.
අන්තිමේදි අර බයිට් කරපු නළුවගෙ කට වහන්න මේ නිළිය අපූරු උපක්‍රමයක් පාවිච්චි කළා.
අර මේකප් රූම් එකේ වෙච්ච සිද්ධිය කියන්නද? කියපු ගමන් කොල්ලා සරෙණ්ඩර් වුණාලු.
දැන් වැඩසටහන ඉවරවෙලා හැමෝම බොහොම උනන්දුවෙන් හොයන්න පටන් ගත්තෙ මේකප් රූම් එකේ වෙච්ච සිද්ධිය ගැනලු.
හොයාගෙන ගියාම ඒක කෙල්ලො සම්බන්ධ හුටපටයක්ලු. කතාව ආරංචි වුණාම කියන්නම්කො.
ගේ හොයාගන්න බැරි නළුවා
අපේ සිනමාවෙ තරුණ නළුවෙක් ළඟදි අලුත් ගේකට පදිංචියට ගිහින් තියෙනවා දෙල්ගොඩ පැත්තට. මෙයාගෙ තාත්තත් ජනප්‍රිය නළුවෙක්, ගෙදර ඉන්නෙ මෙයයි, අම්මයි, තාත්තයි, නංගියි.
ඔන්න අලුත් ගෙදරට ගිහින් සතියක්වත් ගියෙ නැහැ, මෙයාට පට්ට පාටියක් සෙට්වෙලා යාළුවොත් එක්ක.
හොඳටම කට්වෙලා, කෙළින් හිටගන්න බැරිවුණාම තමයි කවුදෝ කෙනෙක් අහලා තියෙන්නෙ ගෙදර යන්නෙ නැද්ද කියලා. ඒ වෙනකොට පාන්දර 2ත් පහුවෙලා.
බොහොම අමාරුවෙන් වාහනේ එළවගෙන ඇවිත් ගෙවල් පැත්තෙ රවුම් කීපයක් ගියාට එයාට ගේ හොයාගන්න බැරිවෙලා.
බැරිම තැන හන්දියේ ත්‍රීවිල් ස්ටෑණ්ඩ් එකට ඇවිත් තාත්තගෙ නම කියලා ඇහුවලු අර අලුතින් ආපු අහවල් නළුවගෙ ගේ තියෙන්නෙ කොහෙදු කියලා.
ත්‍රීවිල් රියදුරා එකපාරටම ඇහුවලු ඉතින් ඔයා අර අහවල් නළුවගෙ පුතානෙ කියලා.