අහන් ඉන්න
කවියක් නෙවෙයි
ගයන්නේ මං
වාං දමන
දුක් කන්දක
ස්වරයයි මේ...
බලා ඉන්න
දිලිසෙන්නේ
සතුට නෙවෙයි
මගෙ ඇස් අග
ඉකිබිඳිනා
කඳුළු මිසක
දරාගන්න
වීසි කරන
මතක අහුරු
ගල්ගැසුණේ
ආත්මයක
රිදුම මිසක
සුවය නොවේ
ඉඩක්
දෙන්න
හිස තියන්න
යස උරහිස
මේ අඬන්නෙ
මමම නෙවෙයි