වලාකුළු කොහෙද අර
පාවෙන්නේ
මඟ බලන් ඉන්නෙ මං
නැවතිලා බලනකම්
නිල්පාට අහසකට
පෙම් කරන
ඇස් දිහා
ඉගිලෙන්නෙ ඇයි සුළඟ
දාංගලයෙන් වගේ
මොහොතකට මට දෙන්න
ඔය සුළං පිහාටුව
මහා කන්දෙන් එහා
අනන්තෙට ඉගිලෙන්න
සාගරය හඬන හැටි
හැම රෑම ඇහෙනවද
කාට දුක කියන්නද
නිදි ගත්ත වෙරළකදී
කඳුළු කැට හරි බරයි
තනිවෙලා අඬද්දී
නොවසින්න මහ වැස්ස
ලිහිණියේ දුක නැද්ද
මේ හැටිම අඬවන්න
ජීවිතේ දුක් කන්ද
හරි උසයි ඇත්තටම