සීන් එකේ තමයි අපිත් ඉන්නේ.. අපි ගන්න ආතල් කවුරුත් නෑ දන්නේ... මේක තමයි අපේ කලාව, හෙළ රැප් කලාව... සද්දේ වහලා අහපන් මේක තමයි රියල්ම කතා..
විකාරයි වගේද? සෝ sorry වෙන්න ඕන මා Friends ලා. අද Y Trend තදට සැරට දෙන්න යන්නේ ඔයාට. අපි ගලපන්න යන්නේ ලංකාවේ Rap Trend එකේ Story එක. වෙනසකට එක්ක පොඩි තාලයක් දැම්මා අපේ Y Trend එකට. හරි මෙහෙමයි story එක. ආයේ මොනවද මේ රැප් කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ. ඒක World famous Art එකක්. ඒ වගේම Top Hit Trend එකක්. කළු ජාතිකයෝ තමයි පටන් ගත්තේ. ලංකාව පැත්තට හැරෙමුකෝ. හෙළ රැප් සීන් එක තමයි Trend එක. ඇච්චෝ පැච්චෝ සිඟිති පාතාලේ පවා රැප් කරන කාලයක් Friends මේක.
මුලින්ම Enter වෙනවා ලංකාවේ රැප් සීන් එකේ History එක පැත්තට. ඒ කාලේ ඉස්සර 90 දශකයේ මැද ගණන්වල, ලංකාවට රැප් ආවේ කොළොඹ හයිෆයි සමාජෙට. Rap, reggae, Hip Hop මිශ්‍ර කරලා rudeboi ආරයේ අලුත්ම සංගීත ශෛලියක් ලංකාවට ආවා. ඒක හඳුන්වා දුන්නේ Rude Boy Republic රුකී, අසිෆ් අන්සාර් හා ශිරාස්ලා.
තේරුණාද මන්දා.. ඔන්න ඔහොම තමා ලංකාවේ රැප් සීන් එක පටන් ගත්තේ. රන්දීර්ලා, ඉරාජ්ලා, භාතිය සන්තුෂ්ලා, සෙන්ටිග්රේඩ්ලා වගේ අය රැප් සීන් එකට සෙට් වුණාම මේක ලංකාවේ නැඟලා ගියා. මුලින්ම English රුප් තමා Trend එක. පස්සේ සිංහල රැප් බිහිවුණා. අද වෙනකොට මේකට කියන්නේ හෙළ රැප් කලාව කියලා. එහෙම කියන්නේ ලංකාවේ රැපාලා වගේ Hip Hop Rap Fans ලා.
රෝද තුනක් උඩ හීන ගොඩක් තියාගෙන යන ආතල්කාරයෝ.. ඒ කියන ගොඩක් Young Boys ලා වීල් එකේ බෆල්වලින් කන පැලෙන්න දාලා අහනවා සිංහල රැප්. මෙයාලා සැපේ ඉන්න සෙට් එක. ඒ වගේම රටේ හැම ප්‍රාන්තෙකම, හැම විලේජ් එකේම, ටවුම් එකකම ඉන්නවා රැප් fans Teenagers සෙට් එකක්. ඒක නෝමල් සීන් එකක් අද වෙනකොට. ගැන්ස්ටර් ලෙවල් එකෙන් ටෝක් දෙන රැපාලා වගේ සෙට් එකක් කොල්ලෝ මෙයාලා. සරලම සීන් එකක් කියන්නම්. ඔය Hip Hop කැප් එක මේ සීන් එකේ ප්‍රතිඵලයක් විදිහට තමා ප්‍රසිද්ධ වුණේ. අහසේ දෙයියෝ නෑ, අපි සැපේ ඉන්නේ, තද තද බ්‍රෝ වගේ ටෝක් මේ සීන් එකෙන් තමයි සමාජගත වුණේ. වැදගත්ම දේ තමා වයස අවුරුදු 14 - 18 වයසේ පොඩ්ඩොන්ට තමයි මේක සැරටම ඔළුවට ගැහුවේ පහුගිය කාලේ. දැන්නම් උන් ලොකුවෙලා.
ඔයා විදපු දුක පොඩ්ඩක්
හිනා වෙලා ඉන්න
මට විනාඩි තුනයි ගියේ
ඔයා අඬවන්න
වචන තුනයි ඕනේ
රණ්ඬු වෙන්න
ඔයා රුවටුණා පොඩ්ඩක් හිතලා බලන්න
[හෙළ සිංහල රැප් කිව්වාම මෙහෙමයි සිද්ධිය. ඉන්නවා ටීම් එක එක ජාතිය. Westනාහිර, 44 කල්ලිය... මෙයාලා තමයි සිංහල රැප්වලින් දාන ජාතිය. සිංහලෙන් පද ගලපන්නේ... ශබ්ද රසය උපරිමයට එන්නේ... මැර සීන් එකේ පොර ටෝක් දාන්නේ... සමහර වදන් පට්ටයි කියලා අපටත් හිතෙන්නේ. සමහරු කුණුහරුප ගේනවා මේක ඇතුළට. යුරෝපෙත් තිබ්බා ඒ සීන් එක. සමහරු ගහගන්න මරාගන්න කතා කරන්නේ. සුද්ද සිංහල භාෂාව නිසයි ප්‍රවීණයෝ පිළිකුල් කරන්නේ.]
සිඟිති පාතාලේ බිහිවෙන්න මූලික හේතුව තමයි මේ සිංහල රැප් සීන් එක. නව යෞවනයේදී එන නහර ගතියට රැප් අරිෂ්ටේ දුන්නම අපේ උන් සූරපප්පලා වගේ වුණා. බුකියේ ඇවිත් දැම්මා මාර මර්සි සීන්. නිවාඩු කාලෙට බුකියේ පොඩි වුන් දාන්නේ මාර පාතාල ලයින් නේ. ඒක trend එකක් වුණා අන්තිමට. මොකද හේතුව? මේ රැප් සීන් එක. ඒ අස්සේ hit වුණා selfierap. ලංකාවේ ටොප් ලෙවල් එකේ හිටිය Fill T වගේ අය Selfie Rap අන්තර්ජාලයට දැම්මා. මේක ඒක රටේ හැමතැනින්ම ෆෝන් එකේ ඉස්සරහ කැම් එකෙන් වීඩියෝ කරමු මේ වගේ රැප් දහස් ගාණක් බුකියට ආවා. රැප් සීන් එකේ කෙල්ලොත් මේ එක්කම එළියට ආවා. සමහර සෙල්ෆි රැප් කලාත්මක බවක් තිබ්බා. ගොඩක් ඒවා ගොන් ආතල්, කුණුහරුප සීන්. පොඩිවුන් මේකට සෙට්වෙලා සීන් එක දරුණුවටම ගියා කාලයක්. දැන්නම් ටිකක් මේකේ රැස් බැහැලා තියෙන්නේ.
රුං ගාලා මලට ඇදෙනවා
රොන් ගන්න බබරු
මල නිසා නොනැවති
වැටෙන කදුළු
මට මතකයි
තාමත් උබේ වදන් තෙපළු
සිහිණෙන් පැලදුවෙ
නුඹට මුතු මල පබළු
Rap - Drugs එකින් එකට බද්ධවෙලා තියෙනවා. ගංජා, KG වගේ රැප් සීන් එක ඇතුළේ සැරට පැතිරිලා. ඒ වගේම රැප් ඇතුළේ ඒ Feeling ගැන කියන අවස්ථා ගොඩයි. මෑතකාලීනව තමයි මේ උප සංස්කෘතිය පැතිරැණේ. හරියටම පහුගිය අවුරුදු පහ හය මේකේ තීරණාත්මකම කාලය වුණා. පාසල්වල ගංජා පැතිරෙන්න මේක හේතු වුණා. මේක එක්ක ඊළඟට High Feeling Drugs වලට පුරුදු වුණු කට්ටියත් ඉන්නවා. කොහොම වුණත් ඒවානම් භයානක තත්ත්වයක් තමා. ඒවානම් Artists ලා නම් ගම් එක්ක කියන පුළුවන්. එක්කො ඕනේ නෑ. තව සීන් එකක් ප්‍රසිද්ධියේ කුණුහරුප කියලා වැඩ්ඩෙක් චාටර් වුණා. මේකේ Darkness පැත්තම ලියන්න ගියොත් අපේ Y Trend එකම අල වෙනවා. Sorry බ්‍රෝ.
මේ සිංහල රැප් ව්‍යාප්තියට Full සප් එක You Tube එකෙන් තමයි ලැබුණේ. මොකද, මේකට ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල අනුග්‍රහය ලැබුණේම නැති තරම්. ඒත් You Tube Views කියන කන්සෙෆ්ට් එක එක්ක රැප්වලින් මුදල් හොයන්න rap Artists ලාට Team වලට චාන්ස් එක හම්බවුණා. අද You Tube පැත්තේ search පාරක් දැම්මොත් සිංහල රැප් Song දස දහස් ගාණක් හොයාගන්න පුළුවන්. අනිත් එක කලින් කිව්වා වගේ Face book එකත් මේ සීන් එකට දරුණුවටම සෙට් වුණා. මේ හරහා තමා රටම මේ ගැන දැනගත්තේ. දැන් අපේ රටේ හැමපැත්තෙම මේ සීන් එකේ ඉන්න Rap Team ඉන්නවා. ඔයාලගේ ගමේ ටවුමේ ඇති පොඩ්ඩක් හොයලා බලන්න.
කොහොම වුණත් රැප් සංගීතේ Sri Lankan මොඩල් එකක් අද තියෙනවා. ඒක දැන් වෙනම ආරක්. කොටින්ම අපේ එකක්. ඒ වගේම හරියට හොයලා බැලුවොත් සමාජ ප්රශ්නය ගොඩක් හෙළ රැප් කලාව ඇතුළේ සාකච්ඡා කරලා තියෙනවා. තව සීන් එකක් තමයි සිංහල රුල්ල Lyrics කියන දේ. ශබ්ද රසය තියාගෙන ද්වනිතාර්ථ සහිත විශිෂ්ට ගණයේ පදමාලා මේවා ඇතුළේ තියෙනවා. ඒවා පට්ට. ඒත් අවාසනාවකට සිංහල රැප් කියන Trend එක සමාජගත වුණේ වැරදි විදිහට. ඒ නිසා හොඳ දේවල් යට ගිහින් නරක දේවල් අලුත් පරම්පරාව අල්ලාගත්තා.
නිකොටින් කාබන් හොඳ නෑ පපුවට
ලී මත ජීවිත වැළලෙයි පොළවට
ලාබෙට මුදලට පිළිකා ගත්තට
මුදලට හැකිවෙද පිළිකා නැසුමට
රැල්ල කැරැල්ල කරගෙන ගොන් ආතල් අරගන්න.. එපා ප්ලීස්.. කරන දෙයක් හරියට කරපන්. මේක රැප් සීන් එකේ එකක් නෙවෙයි, කනට ගහලා පාර කිව්වා කියලා හිතාගනින්. අපිත් සීන් එකේ තමා ඉන්නේ... යූ ආ Y Trend. සැර වැඩිනම් සොරි ඈ...
► Text - Nisal / Pic – Internet