මනීෂා... ඔයාට මිහිරාන්ව මුලින්ම මුණගැහුණේ සිදූ නාට්‍ය හරහා නේද?
මිහිරාන් ඒ නාට්‍යයට සම්බන්ධ වෙන්න කලින් මම ඒකේ රඟපෑවේ හේෂාන් කියන චරිතයට රඟපාපු ඉමේෂාන් එක්කයි. ඊට පස්සේ තමයි ටෙලිනාට්‍යයේදී මට දිලුම් කියන චරිතය මුණගැහෙන්නේ. ඒ චරිතයට රඟපාන්නේ මිහිරාන්. ඉතින් එදා ඉඳන් අද දක්වා දිලුම් සහ තෙරුණි නාට්‍යය හරහා විකාශනය වෙනවා.
මිහිරාන් යාළුවෙක් විදිහට මොනවගේ කෙනෙක්ද?
අද වෙනකොට මිහිරාන් යාළුවෙක් විදිහට හරිම හොඳ කෙනෙක්. මට හොඳ සහෝදරයෙක්. හමුවුණ පළවෙනි දවසෙම කිසිම ලොකුකමක් නැතිව අපි හැමෝම එක්ක හරිම එකමුතුවෙන් සහයෝගයෙන් වැඩ කරනවා. ලොකේෂන් එකේදී වුණත් එයා හරිම හොඳයි. මිහිරාන් කියන්නේ හරිම හොඳ කෙනෙක්.
තෙරුණි කියන චරිතයට යම් සාධාරණයක් ලබලා දෙන්න දිලුම්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ගොඩක් හොඳ සහයෝගයක් ලබලා දෙනවා. තාම අපි දෙන්නම රංගනය ඉගෙනගන්න අය. රංගනයට අපි තාමත් අලුත්. ඉතින් ඒ හැමදෙයක් එක්කම නාට්‍යය රඟපාද්දි වුණත් අපි දෙන්නා හරි සහයෝගයෙන් ඒ වැඩකටයුතු කරනවා. ඒ නිසා තෙරුණිට යම් සාධාරණයක් මම කරනවානම් ඒකට අධ්‍යක්ෂක තිළිණ අයියා ඇතුළු මුළු කණ්ඩායමෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මිහිරාන්ගෙනුත් ඒ සහයෝගය උපරිමයෙන් ලැබෙනවා.
මිහිරාන්ට කේන්ති යනවද?
හරිම උනන්දුවෙන් අනිත් අයගේ උපදෙස් පිළිපදිමින් එයා එයාගේ වැඩකටයුතු කරනවා. මිහිරාන්ට කේන්ති යනවද කියලනම් මම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ලොකේෂන් එකේදිනම් එයාට කේන්ති යන්නේ නැහැ. තාම අපිට සමහර දේවල් තේරෙන්නේ නැහැ. ඉතින් ඒ හැමදේම අධ්‍යක්ෂ තිළිණ අයියාගේ උපදෙස් අනුව මායි මිහිරානුයි කරගෙන යනවා.
රූගතකිරීම් කරන අතරතුරේදී ලැබෙන පොඩි විවේකයේදී මනීෂා ටිකක් නිදාගන්නවනේ. ඒ වගේ වෙලාවට මිහිරාන් මොකද කරන්නේ?
(මනීෂා ලොකේෂන් එකේදි නිදාගන්නවා කියලා කිව්වෙනම් මිහිරාන් නෙමේ. ඒක මනීෂා හොඳට දන්න කියන කෙනෙක් කිව්ව පොඩි ආරංචියක්.)
අනේ.... කවුද ඒ බොරුව කිව්වේ? මම එහෙම ලොකේෂන් එකේදි ලොකුවට නිදාගන්නේ නැහැ. සමහර වෙලාවට ඉතින් මහන්සියට පොඩ්ඩක් ඇස් පියවෙනවා තමයි. හැබැයි ඒක නිදාගන්නවා කියන්න බැහැ. ලැබෙන පොඩි විවේකයේදී අපි ඒ වටපිටාවත් එක්ක ඒක වෙනස් වෙනවා. කොහොමත් අපි වෙනමම ඉන්නෙ නම් නැහැ. අපි හැමෝම එකට තමයි ඉන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට මොනවා හරි කතාවක් කියලා හිනාවෙනවා. අපි හැමෝම එක පවුලක් වගේ විහිළු තහළු කරමින් තමයි ලොකේෂන් එකේ ඉන්නේ.
ඒ වගේ වෙලාවට පොඩි අයගේ විහිළුවලට වැඩිපුරම ලක්වෙනවා කියලයි ආරංචිය..
අනේ ඔව්... සිදූ ටෙලි නාට්‍යයේ පොඩි අය කිහිප දෙනෙක්ම ඉන්නවනේ. ඉතින් හරිම ජොලි. ඒ අය හරිම හොඳයි. විහිළුවට තමයි කරන්නේ. ඉතින් සමහර වෙලාවට එයාලා අපිව බයිට් කරනවා. ඇත්තටම ඒක හරිම අපූරු ලොකේෂන් එකක්. අපි පොඩි අයට විහිළු කරනවට වඩා ඒ අය අපිට විහිළු කරනවා.
මිහිරාන්ගේ විලාසිතා ගැන මනීෂා මොකද හිතන්නේ?
මිහිරාන් රංගනයට එන්න කලින් හොඳ මෝස්තර නිරූපණ ශිල්පියෙක්. ඒ නිසා විලාසිතා ගැන ලොකු දැනුමක්, වැටහීමක් මිහිරාන්ට තියෙනවා. එයා හරි කදිමට විලාසිතා කරනවා. එයාට ගැලපෙන විදිහට තැනට ගැලපෙන විදිහට එයා විලාසිතා කරනවා. විලාසිතාවලට මිහිරාන් හරි උනන්දු බවක් තමයි මට නම් හිතෙන්නේ.
ලොකේෂන් එකේදිත් මනීෂා සින්දු කියනවා කියලයි ආරංචිය?
අනේ එහෙම නැහැ. හැබැයි ඉතින් හිටපු ගමන් හෙමී හෙමීට සින්දුවක් කියන වෙලාවලුත් තියෙනවා.
සිදූවලට අමතරව මනීෂා මේ දවස්වල කරන නිර්මාණ මොනවද?
ඒ ටෙලිනාට්‍යයට අමතරව සිල්ලර සමනල්ලු ටෙලිනාට්‍ය විකාශය වෙනවා. ඒ වගේම තවත් අලුතින් ටෙලිනාට්‍ය දෙකක් පටන්ගත්තා. අමුතු රසිකයා ටෙලි නාට්‍යය පෙබරවාරි දොළොස්වැනිදා ජාතික රූපවාහිනියේ විකාශනය වෙනවා. ඒක ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ අධ්‍යක්ෂණයක්. ඒ වගේම කනව කුමී කියන ටෙලි නාට්‍යයත් රෑගතකිරීම් පටන්ගත්තා. ඒ චරිත් අබේසිංහ මහතාගේ අධ්‍යක්ෂණයක්.
රියැලිටි වැඩසටහනකින් ගායනයෙන් කලාවට සම්බන්ධ වුණු මනීෂා අද රංගනයට එකතු වෙලා මොකද හිතෙන්නේ?
ඇත්ත. මම ලිට්ල් ස්ටාර් season 2 කණ්ඩායමෙන් හතරවැනියට තමයි තේරුණේ. රංගනය මගේ ජීවිතෙන් පටන් ගත්තේ මම හිතුවෙවත් නැති වෙලාවකයි. ලිට්ල් ස්ටාර් තරගාවලිය ඉවරවෙලා මාස ගාණකට පස්සේ ලක්සිරි වික්‍රමගේ සර් මට කෝල් කරලා වස්සානේ සිහිනය නාට්‍යයේ චරිතයක් ගැන කිව්වා. එතකොට මට වයස අවුරුදු එකොළහයි. ඉතින් වස්සානේ සිහිනය නාට්‍යයේ මට ලැබුණු චරිතය හොඳ චරිතයක් නිසා මම ඒක බාරගත්තා. ඉතින් ඊට පස්සේ නාට්‍ය කිහිපයකටම මට ආරාධනා ලැබිලා මම ඒවට සහභාගි වුණා. මම සින්දු කියන එක අතහැරලා නැහැ. මම සින්දු කියන්නත් ආසයි.
මනීෂා ඉගෙනගත්තේ මොන පාසලෙන්ද?
මුලින්ම මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහලෙන් තමයි ඉගෙනගත්තේ. උසස්පෙළ විභාගය සඳහා මම කොළඹ ලෝරන්ස් කන්‍යාරාමයට ආවා.
පුංචි කාලේ මනීෂාගේ හීනය වුණේ කවුරු වෙන්නද?
පුංචි කාලේ මම ආසාවෙන් හිටියේ ඉංග්‍රීසි ගුරුවරියකු වෙන්නයි. අන්තිමේදී හිතපු නැති ක්ෂේත්‍රයකට යොමුවුණා. ඉදිරියේදී මම මගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.
ඔන්න ඔහොම තමයි මනීෂා එයා ගැනයි එයාගේ යාළුවා වුණ මිහිරාන් ගැනයි අපිට කිව්වේ. දැන් අපි බලමුද මිහිරාන් එයා ගැනයි එයාගේ යාළුවා ගැනයි මොකද කියන්නේ කියලා..
මිහිරාන් ඔයාට මනීෂාව මුණගැහුණු මුල්ම කාලය මතකද?
ඔව්.. මනීෂාව මට මුලින්ම මුණගැහුණේ මීට අවුරුදු එකහමාරකට උඩදී සිදු ලොකේෂන් එකේදි. ඒ වෙනකොට මනීෂා රංගනයට පිවිසිලා ඉවරයි. නමුත් සිදු කියන්නේ මගේ මුල්ම රංගනයනේ. ඉතින් සිදූ ලොකේෂන් එකේදි තමයි මට මුලින්ම මනීෂාව මුණගැහුණේ.
මනීෂා මොනවගේ යාළුවෙක්ද?
මනීෂා හොඳ යාළුවෙක්. ෆීල්ඩ් එකේ ඉන්න අනෙක් යාළුවෝ වගේම මනීෂා මගෙත් යාළුවෙක්. අපිත් එක්ක විහිළුවෙන් තහළුවෙන් තමයි එයා ඉන්නේ. මනීෂට තරහා යනවනම් මම සාමාන්‍යයෙන් දැකලා නැහැ. හරිම හොඳ යාළුවෙක් විදිහට තමයි මනීෂාව මම නම් දකින්නේ.
දිලුම් කියන චරිතයට සාධාරණයක් ලබලා දෙන්න තෙරුණිගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තටම දිලුම්ගේ චරිතයට මම යම් සාධාරණයක් කරනවානම් ඒකට අධ්‍යක්ෂකතුමා වගේම කණ්ඩායමෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මනීෂාගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ලොකේෂන් එකේදී ලැබෙන පොඩි විවේකයකදී වුණත් අපි දෙන්නා ඒ චරිත දෙක ගැන කතාබහ කරනවා. අපි දෙබස් පුරුදු වෙනවා. තිළිණ අයියගෙන් වුණත් සීන් එක ගැන කතා කරලා අපි දෙන්නත් ඒකට ලෑස්ති වෙනවා. ඇත්තටම මගේ චරිතය හොඳට රඟපාන්න මනීෂාගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා.
ලැබෙන පොඩි විවේක වෙලාවල්වලදී පොඩි අයත් එක්ක විහිළු තහළු කර කර ඉන්නවා කියලත් ආරංචියි?
ඔව්... ඔව්... ඒක ඇත්ත. මේ නාට්‍යයට පොඩි අය කීප දෙනෙක්ම ඉන්නවනේ. ඉතින් ඒ අය එක්ක ඉදිද්දි හරිම විනෝදයි. ඒ අය සෙල්ලම් කරනවා. සමහර වෙලාවට ඉතින් අපිවත් ඒ සෙල්ලමට ඇඳගෙන යනවා. විහිළු කරනවා දඟලනවා. ඒවත් එක්ක ඉතින් කාලේ ගෙවෙනවා තේරෙන්නෙම නැති තරම්. කොයිතරම් දඟ වැඩ කළත් ෂූටිං පටන්ගත්තට පස්සේ ඉතින් මුල්තැන දෙන්නේ ඒ වැඩේට තමයි.
මනීෂාව මුලින්ම බොහෝ දෙනෙක් දැනගත්තේ ලිට්ල් ස්ටාර් තරගයෙන් දිනපු කෙනෙක් හැටියටනේ. ඒ කියන්නේ මනීෂාට සින්දු කීමේ හැකියාවකුත් තියෙනවා. ඒ ගැන මිහිරාන් මොකද හිතන්නේ?
ඇත්ත.... එයා ක්ෂේත්‍රයට ඇවිත් තියෙන්නේ ළමා ගායිකාවක් විදිහටනේ. දැන් එයා හොඳ රංගන ශිල්පිනියක්. හැබැයි ලොකේෂන් එකේදී වුණත් සමහර වෙලාවට එයා හෙමි හෙමීට ගීත මුමුණන වෙලාවලුත් තියෙනවා. එයාට හොඳට සින්දු කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලයි මටනම් හිතෙන්නේ. රංගනය වගේම ඒ ගායන හැකියාවත් වැඩිදියුණු කරගත්තොත් හොඳයි කියලයි මටනම් හිතෙන්නේ.
මනීෂාගේ විලාසිතා ගැන මිහිරාන් මොකද හිතන්නේ?
මනීෂා විලාසිතා කරන්නේ එයාට ගැලපෙන ඒවා විතරයි. කොහොමටත් මනීෂා ලස්සනයිනේ. ඉතින් එයා අනවශ්‍ය විලාසිතා, එයාට නොගැලපෙන විලාසිතා කරනවා මම දැකලම නැහැ.
මනීෂා වගේ යාළුවෙක් මිහිරාන්ගේ මුල්ම රංගනයේදී යාළුවෙක් විදිහට මුණගැහුණු එක ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි. සිදූ කියන්නේ මගේ මුල්ම රංගනය. ඒකේ අඩුපාඩු ඇති. නමුත් ඒ අඩුපාඩු හදාගන්න මනීෂා මට ගොඩක් උදවු කළා. සමහර වෙලාවට මනීෂාගේ දෙබස් හරි වෙලා මම කියන දෙබස වැරදිලා ආයෙ ආයෙ ඒ ටේක් එකම දෙපාරක් ගනිද්දි වුණත් මනීෂා හිනාවෙලා අපි ආයෙත් කරමු කියලා ආයේ මට උදව් කරනවා. හමුවුණ මුල්ම දවසෙම හරි සුහඳව මනීෂා මාත් එක්ක කතා කළා. එදා ඉඳන් මනීෂා මගේ හොඳ යාළුවෙක් වුණා.
අපි මිහිරාන්ගේ පවුලේ විස්තර ටිකක් කියමු.
මගේ පවුලේ ඉන්නේ මායි, අම්මායි, තාත්තායි, මගේ අක්කලා දෙන්නයි. ගම මිරිස්ස. ඉගෙනගත්තේ මාතර ශාන්ත තෝමස් විදුහලෙන්. පුංචි කාලේ මම හරිම ආසාවෙන් හිටියේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්නයි. A/L කරද්දි මම ප්‍රංශ භාෂාව කළා. ඒ නිසා හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න මම ආසාවෙන් හිටියා. ඒ අතරතුරේදී තමයි මට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ජයග්‍රහණය ලබා ගත්තේ. ඒ හරහා තමයි රංගනයට එකතු වෙන්න අවස්ථාව ලැබුණේ.
► Text - Dishani / Pic- Internet