2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

පට්ට වාත වෙඩින් පුඩින්

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:31 266

ඔන්න අද වෙඩින් ගැන ට්‍රෙන්ඩ් ටිකක් Line කරන්න බැලුවේ. ඉස්සර වගේ නෙවෙයි මගෙ පුතී දැන් කසාදයක් බඳිනවා කියලා කියන්නේ පට්ට බරපතළ සීන් එකක්. ඒ කිව්වේ බැඳපු උන් ණයවෙලා. නොබැඳපු උන් Wedding ගැන හිතලාම ලෙඩ වෙලා. ඔන්න ඕකයි සීන් කෝන් එක. අපි Y Trend වලින් මේ Wedding කේස් එක ලයින් කරන්න බැලුවේ මේකෙන් වැඩියෙන්ම තැලෙන්නේ පොඩි වෙන්නේ අපේ කෙල්ලෝ කොල්ලෝ නිසා.

අඹ කන්න හිතුනාම කනකල් සිහිය නෑනී. ඉතින් වෙඩිම ගන්න කාටත් හදිස්සියි. ඒ වුණාට හදිස්සියට වෙඩිමක් ගන්නත් බෑ. මොකද දැන් කාලේ වෙඩිමක් ගන්නේ ට්‍රෙන්ඩ් එකකට අනුව. සාමාන්‍යයෙන් වෙඩිමක් ප්ලෑන් කරන්න අවුරුද්දක් එකහමාරක් යනවා. වෙඩිමට Theme එකක් ඕනා. ඒකට ගැලපෙන්න තමයි අනිත් ඇරේන්ජ්මන්ට් කරගන්නේ. වෙන්ඩ Wife තමා සකලවිධ පිඹුරුපත් සකසන්නේ. හොටෙල් එකක් තෝරගන්න ඕනා. ඇඳුම් ගැන බලන්න තව වැඩ කෝටියයි. හැබැයි ඉවෙන්ට් මැනේජ් කරන සෙට් එකකට වෙඩිම භාරදුන්නොත් ගොඩ. ඒකත් දැන් ට්‍රෙන්ඩ් එකක්. එහෙම භාරදුන්නත් වැඩේ ලේසි වෙන්නේ නෑ. මූණත් තහඩුව හදන්න ට්‍රීට්මන් කරන්න තියෙනවා. ඇඟේ හැඩේ හදාගන්න සමහරු හදිස්සියෙම ජිම් යනවා. තව ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා. හැබැයි මා පුතී ඉස්සර නම් මෙව්වා නෑ. මේ ඔක්කෝම කාලයේ තාලයට හදාගත්ත Trend තමා ඉතින්.

නිකන් මේ ඔක්කෝම විකාරයි වගේ හිතුණට දැන් මේවා Wedding එකක් කරනකොට අනිවාර්ය අංග. ඒවගේම මේවා නොකොරොත් සමාජනේ කොන් වෙයි කියලා තමා වෙඩින් සීන් එක ඔළුවට ගැහුවාම ඕනම කෙල්ලෙක් කොල්ලෙක් හිතන්නේ. මේ Trend ගොඩක් Marketing පැත්තෙන් Create කරපුවා. ඒවා ලස්සනට ප්‍රමෝට් කරලා නිසා හැමෝම ආසයි. හැබැයි අතේ තියෙන තුට්ටුවට තට්ටුවට කෙලවෙන එක තමයි අන්තිමට වෙන්නේ පුතී....

මේවා ගොඩක් ඇති හැකි පංතියේ Trend විදිහට තමයි මේචරච කල් තිබුණේ. ඒත් අද වෙනකොට සාමාන්‍ය ජනතාව අතරටත් මේවා ගිහිල්ලා. ඒ නිසා වත් පොහොසත්කම් මොකක් වුණත් කසාද බඳින වයසේ තාරුණ්‍යයේ හීන තමයි සුපිරි වෙඩිමක් ගැනීම.
දැන් ඔක්කොම Wedding ප්ලෑනින් ඉවර කරලා අපි සෙට් වෙමුකෝ වෙඩිමක් තියෙන දවසක තියෙන ට්‍රෙන්ඩ් ටික ගැන කතා කරන්න. මේ දවසත් විකාර රූපී Trend ගොඩක් එක තැනකදී බලාගන්න පුළුවන් තැනක් තමයි Wedding එකක් කියන්නේ. සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර ඔක්කෝටම වඩා මේ දවස්වල වෙඩිමක දී වැදගත් වෙන්නේ Photographer ගේ වැඩකිඩ ටික. මුළු වෙඩිමෙම කොලිටිය තියෙන්නේ ඩ්‍රස් කරන මේකප් කරන කෙනාගේ අතේ. මේ දෙන්නා නැතිව කසාද නම් කරගන්නවා බොරු.

ඇත්තම මංගල දිනය කියන්නේ ඕනම කෙනෙක්ගේ ජීවිතයේ සුන්දර අවස්ථාවක්. ඒ නිසා හැමෝම වැඩේ ලස්සනට තියෙනවට කැමතියි. ඒත් අද මේ ට්‍රෙන්ඩින් ලෝකෙදි වෙඩිමක දී සැහැල්ලුව සුන්දරත්වය සතුට මොනවා වුණත් ලොකු මානසික පීඩනයක මනමාලයයි මනමාලියි ඉන්නවා කියන දේ පැහැදිලියි. මහ පාන්දර අඳින්න පටන් ගන්නේ උදේ පාන්දර ෆොටෝ ටික ගන්න යන්න ඕන. අර ඇඳුම් හිරකරගෙන බොහොම අමාරුවෙන් හිනාවෙලා උදේ‍ ෆොටෝ ටික ගන්න කොට හොඳ පණ ගිහිල්ලා. ඊට පස්සේ නැකතට වෙලාවට චාරිත්‍ර කරන්න ඕනා. එන හැමෝම එක්ක හිනාවෙලා තවත් පොටෝ ගහලා අන්තිමට ඩාන්ස් කරන්නත් ඕනා. අන්තිමට හනිමූන් යනකොට දෙන්නටම හති.

තව ගොඩක් ට්‍රෙන්ඩ් තියෙනවා වෙඩින් කියන සබ්ජෙක්ට් එක ඇතුළේ. අලුතින් එකතු වෙච්ච දේවල් ටිකක් මතක් කරමුකෝ. සප්ප්‍රයිස් ඩාන්ස් එක, කපල් එක සින්දු කියන එක, Free Shoot එක, DJ සීන් එක, පොටෝස් ප්‍රදර්ශනය කරන එක, ඒවලින් කිහිපයක් විතරයි. තව ගොඩක් තියෙනවා. කොහොම වුණත් ලංකාවේ විවාහ මංගල සීන් එක බටහිර වගේම ඉන්දියානු සංස්කෘතීන්වල Mix එකක් කිව්වොත් හරි.

අද අපිට අවසා‍නෙට ගලපන්න තියෙන දේ තමයි අලුත් අලුත් දේවල් කරාට කමක් නෑ හැබැයි අර්ථයක් ඇතිව කරන එක තමා වටින්නේ. තව කෙනෙක් කරන දේ කරනවාට වඩා මංගල උත්සවයකදී වැදගත් වෙන්නේ තමන්ට පුළුවන් දේ කරන එක. වැදගත්ම කාරණය තමයි අමතක කරන්න හොඳ නෑ මංගල උත්සවයකදී සංසකෘතිය පවරා දීමක් සිද්ධවෙනවා කියන එක. අන්තිමටම කියන්න තියෙන්නේ එක දෙයයි. වැදගත් වෙන්නේ වෙඩිම නෙවෙයි වෙඩිමෙන් පස්සේ ගතකරන පවුල් ජීවිතය බ්‍රෝ.

 

► Text - Nisal   /   Pic – Internet